උණුසුම් පුවත්

පොලිස්පති සටන අවසානයක් නෑ රනිල් රාජපක්ෂ අළුත් තුරුම්බුවක් පිටියට දමයි

Spread the love

පොලිස්පති ධුරයට ඇතිවූ සටන නිම වී නැත.මේ වන විට වර්තමාන පොලිස්පති වරයාගේ සේවය මාස 3 කට දීර්ඝ කළ බව වාර්තාවේ.මෙම සේවා දීර්ඝය පිළිබඳව අප වාර්තා කරන ලද්දේ ජනපතිවරයා එම සේවා දීර්ඝයේ ලිපියේ තැබූ අත්සනෙහි තීන්ත වේලීමටත් පෙරය.අප ගේ එම වාර්තාව වෙන්ට පොලිස්පති  දේශබන්දු  බලකායේ කුලී ලියන්නන් තක්බීරි කරන්නට වූ අනාවරණයක් විය. 

එහිදී “ලංකා දවසේ” පොලිස්පති සීඩි වික්‍රමරත්න” යැයි කෝචෝක් දැමූ කිරිකංකානම්ලාගේ සුනිල් කුමාර සේනාතිලක බණ්ඩාර නොහොත් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ බණ්ඩාර KSKS නොහොත් චාපා බණ්ඩාර අප ගේ වාර්තාවේ ඇත්ත නැත්ත දැන් වටහා ගෙන සිටිනවායයැ අපි සිතමු.
එහිදී කිරි කංකාකානම්ලා ගේ සුනිල් කුමාර නො⁣හොත් කේස් බණ්ඩාර නොහොත් චාපා බණ්ඩාරට කියන්නට ඇත්⁣තේ අපගේ ලියවිලි අස්සේ “ඔයා හරි පුංචියි අනේ” කියලා විතරය. ඔ⁣බ අන්තර්ජාලයේ කාන්තාවන් ළඟ හුරතල් වී සිදු කළ මුල්‍යමය වංචාවන් ගැන බොහෝ තොරතුරුද අප සතු බව කේස් බණ්ඩාරට කියන්නට කැමතිය.ඒ අතරේ තමන් අසරණ වූ විට අත හිත දුන් අයගේ අත සපා කෑ ආකාරය ගැන තොරතුරුද වේ.
යුද හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සිල්වා ගේ ඇට මිරිකමින් ⁣අනෙකුත් සෙබළුන් පාවා දී අවසානයේදී කර්නල් සිල්වාගෙන්ම කෙලවා ගෙන වැලිකඩ හිරගෙදර ජම්පරය ඇඳ සිටිය හැටිත් ඉන් නිදහස් වී නන්නාත්තර වී සිටියදී බඩවියත රැක ගන්නට උදව් කළ වික්ටර් අයිවන්ට පවා ඇරිය ආකාරය ගැන අප නොදන්නවා නොවේ.   
අප විසින් වාර්තා කළ සී.ඩී .වික්‍රමරත්න ගේ සේවා දීර්ඝය “වෙන්⁣ට පොලිස්පති” දේශබන්දු බලකායේ කුලී ලියන්නන් කිසිසේත්ම විශ්වාස නොකළ සිදුවීමක් විය.එම බලකායේ ජනරාල් ටිරාන් අලස් ඇමතිවරයා මේ කුලී ලියන්නන් අතර ප්‍රචාරය කර තිබු⁣ණේ ඩීඅයිජී දේශබන්දු පොලිස්පති ධුරයට පත් නොකළ හොත් ජනපති රනිල් රාජපක්ෂ ගේ ඉනේ නලියන කලිසම බිමටම වැටෙන්නට ඉඩ තියෙන බවය.එහෙත් ජනපති රනිල් රාජපක්ෂගේ ඇතැම්  කෙරුවාවල ඇත්තේ වම් අත කරන දේ දකුණු අත නොදන්නා තරමේ රහසිගත බවකි.එය ජනපතිවරයා සමීප⁣යේ සිටින්නන් දනී.
තමන්ගේ පෞරෂයට  අභියෝග කරන කිසිවෙකුට රනිල් රාජපක්ෂගෙන් සමාවක් නැත.ඒ ඔහුගේ ජානගත හැසිරීමයි.හරියටම නයාට පොල්ලෙන් ගැහැව්වා වාගේ තමාගේ පෞරෂයට  අභියෝග කරන්නෙකුට ජනපතිවරයා කල් යල් බලා අවස්ථාව උදා වූ විට පහර දෙයි.
පොලිස්පති ධුරය සඳහා අන්ත දූෂිතයකු වූ ඩීඅයිජී දේශබන්දු පත් කළ යුතු බව ටිරාන් අලස් ඇතුළු පොදුජන පෙරමුණේ  බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.පොදුජන පෙරමුණේ ගරා වැටෙමින් තිබෙන දූෂිත දේශපාලනය තවදුරටත් ආරක්ෂාකාරී වටපිටාවක රඳවා ගනිමින් සිය ජීවිත ආරක්ෂාව පවා තහවුරු කර ගත හැක්කේ ⁣ඩීඅයිජී දේශබන්දු වැනි ඔඩොක්කු කුක්කෙකු ගෙන් බව එහි දේශපාලන නායකයන් හොඳින් දනී.
ඔවුන් ඒ සඳහා ජනපතිවරයාට පුළුවන් තරම් බලපෑම් කරමින් සිටී.මෙහිදී පොදුජන පෙරමුණ නියෝජනය කරන අන්ත දූෂිත දේශපාලඥයකු  සිය හිතවතුන්ට ප්‍රකාශ කර ඇත්තේ ඩීඅයිජී දේශබන්දු පොලිස්පති ධුරයට පත් කිරීමට ජනපතිවරයා කටයුතු නොකළහොත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ බලය පුපුරවා හරින බවය. එහිදී කම් ඕ ගෝ චිකාගෝ පන්නයේ දේශපාලනයක හැඩයට පොහොට්ටුවේ පාර්ලිමේන්තු නියෝජනය ක්‍රියා කරනු ඇතැයිද ඔහු පවසා ඇත. 
අප දැන් බලා සිටින්නේ ජනපති රනිල් රාජපක්ෂ පොලිස්පති වරයා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර කවරේද යන්න ගැනය.ඒ පිළිබඳව අනාවැකි කීමේ හැකියාවක් අපට නැතත් දේශපාලනයේ කපටි නරියකු වූ ජනපති රනිල් රාජපක්ෂ පොහොට්ටුවේ තර්ජන ගර්ජන පඩේකට ගනන් නොගෙන තම අභිමතය අනුව ක්‍රියා කරන්නට ඉඩ තිබේ.
ඩීඅයිජී නාලක සිල්වා සේවයේ පිහිටුවීම ගැන අපට බරපතල සැකයක්………
⁣මේ වන විට ජනපතිවරයා පොලිස්පති වරයා පත් කිරීම සම්බන්ධයෙන් අමුතුම ආකාරයේ ගේමකට සූදානම්වන බව දැන ගැන්මට ලැබී තිබේ.ඒ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට 2018 ඔක්තෝම්බර් මස ⁣සේවය නතර කළ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශ අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස් පති නාලක සිල්වා නැවත සේවයේ පිහිටුවමිනි.
පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් ගේ පවුලේ අයවළුන්ගේ දුරකතන වලට තමා යටතේ වූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සවන් දුන් බව නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් පවසා තිබේ.
පාස්කු ප්‍රහාරයට ඩීඅයිජී දේශබන්දු තෙන්නකෝන්ගේ නම ඉතා සෘජුවම සම්බන්ධ වී ඇති බවට සාක්ෂි පවතී.පාස්කු බෝම්බ ප්‍රහාරයට යොදා ගත් බෝම්බ නිශ්පාදනය සඳහා යොදාගත් වෙඩි ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලදැයි පානදුරයේදී සොයාගන්නා ලද ලොරිය බණ්ඩාරගම අධිවේගී පිවිසුම් දොරටුවේදී පොලිස් සැරයන් වරයකු විසින් පරීක්ෂා කිරීමට යන විට එය වැලැක්වීම සඳහා දුරකතන ඇමතුමක් ලබා දී ඇත්තේ ඩීඅයිජී දේශබන්දු තෙන්නකෝන් බව පාස්කු ඛේදවාචකය සම්බන්ධයෙන් පත් කළ ජනපති කොමිෂමේදී තහවුරු වී ඇත.
රාජපක්ෂලාටද කෙලවෙන සයිස්………..
මේ හදිසියේ ජනපතිවරයා ඩීඅයිජී නාලක සිල්වා සේවයේ පිහිටුවීම ගැන අපට බරපතල සැකයක් තිබේ.ඒ ජනපතිවරයා ⁣මීළඟට අඳින්නට යන්නේ මොන යකාටද යන්න ගැනය.ඇතැම් විට එය ඩීඅයිජී නාලක සිල්වා තුරුම්බුව පිටියට දමා දේශබන්දු තුරුම්බුව කපා දැමීම විය හැකිය.
මේ වටපිටාවේ පිටියේ වැඩි වාසිය ඇත්තේ නාලක සිල්වා තුරුම්බුවේය.නාලක සිල්වා ලවා පාස්කු ප්‍රහාරයේ අහු මුළු සියල්ල පිරිසිදු කර ගත හැකිය.ඒ පිරිසිදු කිරීම රාජපක්ෂලාටද කෙලවෙන සයිස් එකේ වෙන්නට පවා ඉඩ ති⁣බේ.
එබැවින් පාර්ලිමේන්තුවේ බලය පෙන්වා සෙල්ලම් කරන පොහොට්ටුවන්ට පවා  ජනාධිපතිවරයාගේ මේ නාලක සිල්වා තුරුම්බුව එතරම් ගුණ දායක නැති බව ලංකා දවසේ අදහසයි  

Spread the love

Leave a Comment

You may also like