උණුසුම් පුවත්

එකට එක්වෙමුද.. වෙන්ව නැසෙමුද…….

Spread the love

මෙරට දේශපාලනය මෙලේච්ඡ බටලන්දකරණය කරා ඉතා වේගයෙන්

ඇද ගෙන යාම සඳහා රනිල් රාජපක්ෂ දැඩි සාහසිකත්වයෙන් කටයුතු කරන බව ස්ථිරය.ඒ සඳහා අත්තිවාරම ලෙස ප්‍රති ත්‍රස්ත මර්දන ⁣පනත යොදා ගැනීම මේ මේලෙච්ඡයාගේ අරමුණ වී තිබේ.
පොදුජන පෙරමු⁣ණ තුල සිටින අධ්‍යාපනයක් නොමැති මදාවිකාර ලුම්පන් දේශපාලඥයන්ට මිනීමරු  රනිල් රාජපක්ෂ තකට තකය.මේ සාහසිකයන්⁣ සිය දේශපාලන බලය තහවුරු කර ගැනීම සඳහා මනුෂ්‍ය ජීවිත වල වටිනාකම තහවුරු කරන්නේ කෑලි ගනනටය.මේ එතරම් සිත් පිත් නැති තිරිසණුන්ය.
ජනතාව මුහුණ පා සිටින්නේ බරපතල අවදානමකටය.මුළු රටම වහල් කඳවුරක් බවට පත් කිරීමට මෙම තිරිසන් මෙලේච්ඡයන් ගේ අපේක්ෂාවයි
දැන් අප දේශපාලන පක්ෂ වශයෙන් බෙදී ⁣රනිල් රාජපක්ෂට අවලාද නගමින් කාලය නාස්ති කිරීම තේරුමක් නැති දෙයකි.ගෙවන හැම තත්පරයකම මේ සහාසික මෙලේච්ඡයන් සිය පැවැත්ම තහවුරු කරගැනීම සඳහා විවිධ උපාය උපක්‍රම යොදා ගනිමින් සිටී.
මේ එළඹ ඇති අනතුරු දායක මොහොතේ මිනීමරු ආණ්ඩුවට එරෙහි වන සියළුම දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන පුද්ගලයන් කොන්දේසි විරහිතව එක මිටකට ඒක රාශී විය යුතුය.ආණ්ඩුවේ ඒකාධිපති කෙරුවාවට විරුද්ධව පක්ෂ භේදයකින් තොරව සංවිධානය විය යුතුය.මේ සාහසික මෙලේච්ඡයන් ගේ දේශපාලන බලය මෙ⁣තෙකින් අවසන් කළ යුතුය.නැතිනම් මේ රටේ ජනතාවගේ හෙට දවස ඉතා අවාසනාවන්ත වනු ඇත.
සැවොම එකට එක්වී  මේ කාලකණ්නි මෙලේච්ඡයන් ආණ්ඩු බලයෙන් එලවා දැමීමෙන් පසුව  දේශපාලනික මතවාදයන් අනුව වෙන් වෙන්ව නැවත මෙරට නිදහස් හා සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට මැදිහත් වන ලෙසට අපි ඉල්ලමු.එසේ නොමැතිව මෙම මිනීමරු දේශපාලන ඝාතකයන් ගේ මේ ර⁣ට නිදහස් කර ගැනීම  සිහිනයක් පමණක් වනු ඇත්තේය.   
තව දුරටත් ප්‍රමාද වන්නට වන්නට ගෙවිය යුතු මිල ගණන අධික වනු නිසැකය.ඒ මිල ගෙවිය යුත්තේ මේ රටේ ජනතාවගේ ජීවිත වලින් බවද ආණ්ඩුවට එරෙහිව සියළු දේශපාලන නායකයන්  සිතිය යුතුය.  
 එකට එක්වෙමුද…..වෙන්ව වැනසෙමුද
අපි ප්‍රශ්ණ කරමු    

Spread the love

Leave a Comment

You may also like