උණුසුම් පුවත්

බුකි තිලංකගේ කතාවට බෞද්ධයින්ගේ නන්දෙසින් විරෝධය

Spread the love

සිංහල බෞද්ධයාගේ කර මතින් බලයට පත් වූ රාජපක්ෂලා දැන් නටන්නේ අනුරපුර අක්කාගේ පදයටය.උන් මැණික් කටුවේ පිරිත් නූලට උඩින් බැඳ ගන්නේ අක්කාගේ දේවාලේ රතු නූලය.තිලංග සුමතිපාලද මෙලෙසම බෞද්ධාගම කර පින්නාගත් තවත් පල් හොරෙකි. 

තිලංගගේ අම්මාත් ඇගෙන් පසු අයියා වන ජගතුත් සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති ධූරය වසර ගණනක් හෙබවූහ. රට වටේම හාමුදුරුවරුන්ද අල්ලාගෙන එම සභාපති ධූර හෙබවූයේ ලංකාවේ ප්‍රධානතම බුකී ව්‍යාපාරයක්ද කරමිනි. රෙදි ඇඳන් එවැන්නක් කිරීම පහසු නොවේ. බෞද්ධ සම්මේලනයේ ඉඩම් හොර රහසේ පවරා ගැනීමේ චෝදනාවක්ද සුමතිපාලලාට තිබේ.
තිලංගද ලෝකෙට පෙන්නන්නේ මහා බෞද්ධයකු ලෙසය. බුකීපාල ලෙස ප්‍රකට මේ සට කපට දේසපාලකයා පසුගිය මහා මැතිවරණයේදී  ශ්‍රීලනිපයෙන් තරග වැදුණේ කතෝලිකයන් වැඩි වශයෙන් වසන මොරටුවෙන්‍ ය. කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් පෙරෙන්නාක් මෙන් ඔහුට ලැබුණේ අන්ත පරාජයකි.
රනිල්ට ලොකු පාට් දමන්න ගොස් කැපී මහින්දට කිට්ටු වුණද මහින්ද තිලංගගේ බුකි සල්ලි පක්ෂයේ වැඩට යොදා ගත්තා මිස බුකීපාලව සත පහකට ගණන් නොගත්තේය.
මේ නිසා තිලංග මෛත්‍රීපාල හමුවේ වැඳ වැටෙමින් ඔහුට කිට්ටු විය. බුකිපාලව විශ්වාස කළමෛත්‍රී  කොළඹ දිස්ත්‍රික් සංවිධානයද ඔහුට භාර දී රනිල්ව එළියෙන් තබා ආරක්ෂක කමිටුවටද ඇතුල් කළේය.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පාස්කු ප්‍රහාරයේ  වග කිව යුත්තන් සොයා දඬුවම් ලබා දෙන ලෙස කරන ලද අරගලය පාප් වහන්සේ ළඟටද ජාත්‍යන්තරයටද රැගෙන යාම මෛත්‍රීපාලට ඇල්ලුවේ නැත.

ඒ කාදිනල් තුමන්ගේ ඇඟිල්ලක් පාස්කු ප්‍රහාරය පිළිබඳ වූ ඔත්තු සේවා ආරංචි මාර්ග ගණන් නොගෙන එදින සිංගප්පූරුව බලා ගිය මෛත්‍රීපාල වෙතද දිගු වීම නිසාය.
දැන්  උදාවී ඇත්තේ මෛත්‍රීපාලව මේ චෝදනාවෙන් මුදා ගැනීමේ මොහොතයි.
එසේනම් කළ යුත්තේ කාදිනල් තුමන්ට ප්‍රති චෝදනා එල්ල කොට  එතුමන්ගේ කීර්ති නාමයට හානි පැනවීම බව මෛත්‍රී ගේ ගෝල බාලයන්ට කල්පනා විය.
මෛත්‍රීගේ අනුදැනුම ඇතිව හෝ නැතිව එම කටයුත්තට කර ගැහුවේ තිලංගය.
පසුගියදා කොළඹ පැවති කොළඹ දිස්ත්‍රික් ශ්‍රීලනිප සමුළුවේදී කතාවක් පැවැත්වූ තිලංග කාදිනල් තුමන්ගේ පතුරු හැරියේය. 
( එම කතාවේ වීඩියෝව මෙහි දැක්වේ.) 

එම කතාවේ තිලංගගේ බූරු මොළයට අනුව කාදිනල් තුමන් පැවිද්දෙක් නොව පහත් දේශපාලනයක නිරත වන ගිහියෙකි. එසේනම් නානසාරලා වැනි භික්ෂූන් පැවිද්දන් ලෙස කරන්නේ කුමන දේශපාලනයදැයි  තිලංගලා පිළිගන්නේ කෙසේදැයි මෙම කතාව නිසා කෝපයට පත් කතෝලිකයින් මෙන්ම බෞද්ධයින්  විමසති.

නිකායවල් බුද්ධාගමේද ඕනෑතරම් තිබියදී ක්‍රිස්තියානි නිකායවල්ද ඕනෑතරම් තිබෙන බවත් කාදිනල් තුමන් නියෝජනය කරන්නේ වතිකානයේ පාප් වහන්සේගේ අනුශාසකත්වයෙන් පවතින කතෝලික සභාව බවත් කලක් පාර්ලිමේන්තුවේ උප කථානායක ධූරයද හෙබවූ මේ මී හරක් තෙම නොදැන සිටීම පුදුමයකි.
කෙසේ නමුත් කලින් කලට නා ගැනීමට තිලංගට අමුතු හැකියාවක් තිබේ. 
හොඳට තිබුණු අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව හා ක්‍රිකට් පරිපාලනය දේශපාලනීකරණය කොට දූෂිතයන් බිහිකොට විනාශ කර දැම්මේද බුකීපාලය.
තරගපාවා දීමේ මහ මොළකරුද ඔහුය. බුකියන්ට ක්‍රීඩා පරිපාලනය තහනම් කිරීමේ පනත හරින් ප්‍රනාන්දු නොගෙනෙන්නට අදත් ක්‍රිකට් මෙහෙයවන්නේ මොහුට අවශ්‍ය පරිදිය.
එහෙත් තවමත් සූක්ෂම ලෙස බුකිපාලගේ අරමුණු ඉටු කරන ඔහුගේ ගෝල බාලයන් ක්‍රිකට් විධායක සභාවේ සිටිති. කෙසේ වෙතත් ලාංකික කතෝලිකයන් ලක්ෂ ගණනකගේ ගෞරවාදරයට ලක්ව සිටින කාදිනල් තුමන් වැන්නකුට ප්‍රසිද්ධ වේදිකාවක සිට කරන ලද අපහාසයට මේ අපතයාට  කිතුණුවන් මෙන්ම කාදිනල් හිමිපාණන් අගය කරන සැබෑ බෞද්ධයන්ද නිසි කල, නිසි ලෙස සලකනු ඇත.
මෙම කතාව තිලංග සිදු කළේ මෛත්‍රීව බේරා ගැනීමේ අරමුණෙන් වුවත් දැන් සිදුව ඇත්තේ මෛත්‍රී ගේ බෙල්ලට තොණ්ඩුව දැමීමකි.

Spread the love

Leave a Comment

You may also like