වෙනත්

රනිල් ගේ බටලන්දේ මිනීමරු කෙරුවාවෙන් බිඳක්

Spread the love

රනිල් වික්‍රමසිංහ නම් නාමධාරියා රනිල් රාජපක්ෂ ලෙස රූපාන්තරය වන්නේ මෙරට ජනපතිවරයා වීමෙන් පසුවය. රනිල් රාජපක්ෂ බවට රූපාන්තරය වීමට පෙර සිටි රනිල් වික්‍රමසිංහ ගේ පැටිකිරිය හොඳටම නිරූපනය කෙරෙන්නේ බටලන්ද වදකාගාරය ගැන ලියවී ඇති සටහන් වලිනි.1987/1989 වර්ෂවලදී ජේ.ආර් ගේ ආණ්ඩුවේ තරුණ කටයුුුතු ඇමතිවරයා මේ රනිල් වික්‍රමසිංහය.ඔහු ඒ වන විට බියගම මැතිවරණ කොට්ඨාශයේ එජාප ආසන සංවිධායක වරයාද විය.

ලුම්පන් පාතාලයක්………

මෙරට දේශපාලනය විසින් ලුම්පන් පාතාලයක් නිර්මාණය කරන්නේ මේ අවදියේදීය.ස්ත්‍රී දූෂණයකට බන්ධනාගාරගතව සිටි ගෝනවල සුනිල් හට සමාව ලබා දී විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන ඒ මැර පාතාලය සඳහා මුල් ගල තබන්නේය.ජේ.ආර් ජයවර්ධන එතැනින් නොනැවතී ඒ ලුම්පන් මැරයා ආණ්ඩුවේ ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති තනතුරකට පත් කර මුළු දිවයිනටම බලපාන ලෙස සාමවිනිසුරු වර⁣යකුද කරන්නේය.1982 දෙසැම්බර් 22 දා මෙරට පැවැති ජනමත විචාරණයේදී හෙක්ටර් කොබ්බෑකඩුව ඡන්දය දැමීම සඳහා උදෑසනම කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා විද්‍යාලයේ ඡන්ද පොළට ගියේය.එහෙත් හෙක්ටර් කොබ්බෑකඩුව ඡන්දය දැමීමට පෙර එම ඡන්ද පොළට ආයුද සන්නද්ධව පැමිණ ඔහුගේ ඡන්දය දමා තිබුණේ මේ සාම විනිසුරු ගෝනවල සුනිල් ශ්‍රීමතානන්ය.

මෙය ලේසි පහසු කාරණයක් නොවූයේ මෙසේ හොර ඡන්ද දමා තිබුණේ කුරුදුවත්ත පොලීසිය ආසන්නයේ තිබූ ඡන්ද පොළේදීය.දැමූ හොර ඡන්දයද 1982 වර්⁣ෂයේ මෙරට පැවැති ජනපතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුවගේය.මෙරට ජනාධිපති අපේක්ෂකයකු ලෙස ප්‍රසිද්ධ දේශපාලනික චරිතයක් වූ ඔහුගේ ඡන්දය බලහත්කාරයෙන් වෙන එකෙකු භාවිතා කරද්දී ඡන්ද පොළ නිළධාරීන් කෙතරම් අසරණව සිටියාදැයි අමුතුවෙන් සිතන්නට අවශ්‍ය නැත.එහි වැදගත්ම දේ වන්නේ මෙම ඡන්ද පොළ අයිති මැතිවරණ කොට්ඨාශයේ එජාප ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූයේ රනිල් වික්‍රමසිංහ වීමය.

විවියන් ගුනවර්ධනට කොල්ලුපිටිය පොලීසිය…..

රනිල් වික්‍රමසිංහ කවදත් ලුම්පන් පාතාලයටත් හිට්ලර් පන්නයේ හමුදාවටත් ඇළුම් කළ තැ⁣නැත්තෙකි. 1983 මාර්තු මස8 වනදා ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට නායකත්වය දුන් සමසමාජ පක්ෂයේ විවියන් ගුනවර්ධනට කොල්ලුපිටිය පොලීසිය බිම පෙරලාගෙන මෙලේච්ඡ ආකාරයෙන් පහර දුන්නේය.මේ පහරදීම⁣ට එරෙහිව මානව හිමිකම් නඩුවක් පැවරුණ අතර එම නඩුවේ තීන්දුව 1983 ජුනි මස 8 ප්‍රකාශයට පත් කරන ලදී.ඒ නඩුව විභාග කරන ලද බී.එස්.රත්වත්ත,පර්සි කොලින්තෝමේ,හා ජේ.එෆ් සූසා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් විවියන් ගුණවර්ධන අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව තීන්දු කෙරුවේය.

විනිසුරු නිවාස වලට ගල් ගැසූහ……..

එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර දින තුනක් ගෙවී ගිය තැන බස් රථ හා ජිප් රථවලින් පැමිණි මැර කණ්ඩායමක් විනිසුරු නිල නිවාස ඉදිරියට පැමිණ විනිසුරුවරුන්ට එරෙහිව විවියන් ගුණවර්ධනට වාසි සහගත නඩු තීන්දුවට එරෙහිව බැනර් ප්‍රදර්ශනය කරමින් හු කියමින් යකා නටන්ට ගත්හ.මේ මැර පිරිස විනිසුරු නිවාස වලට ගල් ගැසූහ.

විනිසුරුවරුන් පොලීසියට පැමිණිලි කළද පොලීසිය එහි පැමිණියේ නැත.එවකට අග විනිසුරු නෙවිල් සමරකෝන් එම මැරයන් පැමිණි වාහන වල තොරතුරු පොලීසියට ලබා දෙන ලදී.පසුව වාර්තා වූ ආකාරයට එහි පැමිණ තිබූ ලංගම බස් රථ රත්මලාන,කැස්බෑව,හා මට්ටකුලිය ඩිපෝවලට අයත් ඒවා වූ අතර ජිප් රථ කැලණියේ ටයර් සංස්ථාව මගින් සපයා තිබූ බව අනාවරණය විය.මෙම සිදුවීම රට පුරා බරපතල කැළඹීමක් බවට පත් කරවන්නක් විය.

විනිසුරු නිවාස වලට ගල් ගැසූහ………

ඒ අතර තුර කාලයේදී ජුනි මාසයේ 22 දින දිවයින පුවත්පතට පැමිණි ලක්ෂ්මන් ප්‍රනාන්දු නැමැති අයෙකු මෙම ප්‍රහාරයේ වගකීම බාර ගත්තේය.මෙම ලක්ෂමන් ප්‍රනාන්දු 1971 කැරැල්ලේ 29 වන සැකකරු වේ.ඔහු කලු ලකී නමින්ද ප්‍රසිද්ධ වී සිටියේය.
මෙම ප්‍රහාරය ජවිපෙ විසින් සිදු කළ ප්‍රහාරයක් බවට ප්‍රසිද්ධ කරන්න⁣ට එජාප ආණ්ඩුව උත්සාහයක් දැරුවද මෙරට ජනමාධ්‍ය එහි සත්‍යය හෙළිදරව් කළ අතර මෙහිදී කලු ලකී ගේ මංඟල ඡායාරූපයක් පවා සන් පුවත්පතෙහි පල කෙරිණි.

විජය කුමාරතුංග…….

මෙම මංඟල ඡායාරූපයේ කලු ලකී හා මනාළිය දෙපස සිටියේ තරුණ කටයුතු ඇමති රනිල් වික්‍රමසිංහ හා අධිකරණ ඇමති නිශ්ශංක විජේරත්නය.මෙම සාපාරාධී අපරාධය සම්බන්ධයෙන් අද වන තුරු පොලීසිය නීතිය ක්‍රියාත්මක කර නැත.

එජාප ආණ්ඩුව කාලයේදී පැවැත්වූ මහර අතුරු මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ විසින් මෙහෙයවන ⁣ලද ගෝනවල සුනිල් හා ඔහුගේ මැර කණ්ඩායම ආයුද සන්නද්ධව ශ්‍රීලනිප පාක්ෂිකයන් බිය වද්දමින් ඡන්ද පොළවලට පැන හොර ඡන්ද දැමීම සිදු කෙරුවේය.මෙහිදී ශ්‍රීලනිප අපේක්ෂකයා වූ විජය කුමාරතුංග සිය පාක්ෂිකයන් දිරි ගන්වමින් මහර මැතිවරණ කොට්ඨාශය පුරා සංචාරය කරමින් සිටියේය.එහිදී එක් අවස්ථාවක විජය කුමාරතුංග ඇතුළු පිරිසට ගෝනවල සුනිල් ඇතුළු මැර කණ්ඩායම මුහුණට මුහුණ මුන ගැසිණි.

ගෝනවල සුනිල්ට රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබුණේ විජය කුමාරතුංග අස් කර දැමීමටය.අස් කර දැමීම යන්නෙන් අදහස් කෙරුවේ මරා දැමීමය.

විජය ඉලක්කයට ගත් සාහසිකයකු එහිදී වෙඩි පහවල් කිහිපයක් එල්ල කෙරුවෙිය.එහෙත් එම වෙඩි පහරවල් වැදුනේ විජය කුමාරතුංග සමග සි⁣ටි ඔහුගේ පාක්ෂිකයෙකුටය.විජයට වෙඩි වැදුනායැයි සිතා ගෝනවල සුනිල් ඇතුළු මැරයන් එම ස්ථානයෙන් පලා ගියේය.එදින විජය කුමාරතුංග ඝාතනය වූයේ නම් අද විජය පිළිබඳව කිඹුල් කඳුළු හෙළන එක්සත් ජාතික පාක්ෂිකයන් බෙහෙතකටවත් හොයා ගන්නට බැරි වෙන බව නම් නිසැකය.

බටලන්ද මිනිස් ඝාතනාගාරය……….

රනිල් වික්‍රමසිංහ ගේ අතෘප්තිකර ප්‍රචන්ඩ සාහසිකත්වය ප්‍රදර්ශනය කෙරෙන හොඳම දර්ශකය බටලන්ද මිනිස් ඝාතනාගාරයයි.එය හිට්ලර්ගේ මිනිස් ඝාතනාගාර කඳවුරක නූතන ආදර්ශනයයක් ලෙස හැඳින්විය හැකිය.

බටලන්ද වද කඳවුරේ පීතෘත්වය බටලන්ද ජනාධිපති කොමිෂන් වාර්තාව තුළින් රනිල් වික්‍රමසිංහට පවරා තිබේ.වද කඳවුර තුළ සිදු කළ ඝාතන කෘර වද හිංසා හා ලිංගික හිංසනයන් බලා සිටීමෙන් රනිල් ආස්වාදයක් ලැබූ බව හෙළි වී ඇත.

හුරුබුහුටි ළපටි ශිෂ්‍යයකු……..

රනිල් වික්‍රමසිංහ මාකොල සපුගස්කන්ද මහා විද්‍යාලයට ගිය අවස්ථාවක එම පාසැලේ අධ්‍යාපනය හැදෑරූ හුරුබුහුටි ළපටි ශිෂ්‍යයකු ඇස ගැටිනි.මෙම ශිෂ්‍යයා දුටු පමනින් රනිල් වික්‍රමසිංහට ඇතිවූයේ ප්‍රබල ලිංගික ආශාවකි.ඉන්පසු රනිල් වික්‍රමසිංහ එම ශිෂ්‍යයා බටලන්ද වධකාගාරයේ පිහිටි තමාගේ ආරක්ෂක නිවාසය වෙත රැගෙන එන ලෙසට සිය ආරක්ෂකයන්ට නියෝග කෙරුවේය.පාසැල අවසන් වී බස් රථයෙන් නිවසට එමින් එම ශිෂ්‍යයා මහමගදී පැහැර ගැනනි.මෙම පැහැර ගැනීම සඳහා ගෝනවල සුනිල් ගේ ගෝලයන් වන ධර්මසිරි හා තඩි ප්‍රියන්ත නම් මදාවියන් දෙදෙනා සම්බන්ධ වූ බව කියවේ.

හුරුබුහුටි ළපටි ශිෂ්‍යයකු………

ළමයා පාසැල අවසන්ව ගෙදර නොපැමිනීම නිසා බියට පත් දෙමව්පියන් සපුගස්කන්ද පොලීසියට පැමිණිල්ලක් කිරීමට ගිය නමුත් පොලීසිය මුල් අවස්ථාවේ පැමිණිල්ල බාර නොගත් අතර පසුව පැමිණිල්ල ලියා ගන්නා ලදී.සපුගස්කන්ද පොලීසියේ උප පොලිස් පරීක්ෂක සුදත් චන්ද්‍රසේකර එම පැමිණිල්ල ගැන විමර්ශනය කරන විට ඒ ළමයා බටලන්ද වද කඳවුරේ සිටින බවට හෙළිදරව් විය.මේ වන විට රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධීකරණ ලේකම් වරයකු ලෙස කටයුතු කරන්නේ ඒ උප පොලිස් පරීක්ෂක වරයාය.

උප පොලිස් පරීක්ෂක සුදත් චන්ද්‍රසේකර……..

එම ළමයා බටලන්ද වද කඳවුරේ සිටින බවට උප පොලිස් පරීක්ෂක සුදත් චන්ද්‍රසේකරට තොරතුරු ලැබුනද ඔහු ඒ බව කිසි දිනක පැමිණිලිකාර දෙමව්පියන් වෙත හෙළි කෙරුවේද නැත.

ළමයා සමග රනිල්……….

සිය ආරක්ෂක නිවස්නය වෙත ගෙන ආ ළමයා සමග රනිල් වික්‍රමසිංහ කිහිප අවස්ථාවක්ම ලිංගිකව හැසිරුන බවත් එහිදී ළමයාට සිහි නැතිවූ බවත් මෙම සිදුවීම අනාවරණය කළ බටලන්ද වදකාගාරයට සම්බන්ධ වාහනයක රියදුරු වශයෙන් රාජකාරි කළ අයෙකු හෙළිදරව් කර තිබේ.⁣එම රියදුරු මේ වන විට යුරෝපා රටක ජීවත් වේ.

දීර්ඝ ලිංගික ක්‍රියාවලියකින් වෙහෙසට පත්ව සිහි නැති වූ ළමයා පසුව රනිල් වික්‍රමසිංහගේ මැර කණ්ඩා⁣යමේ සිටි ධර්මසිරි හා තඩි ප්‍රියන්ත විසින් ලයිට් කණුවක ගැට ගසා පුළුස්සා තිබේ.⁣ළමයා පුළුස්සා දැමෙන්නේද ඔහු ජීවත්ව සිටි ගෝනවල ගමේදීමය.

( ඡායාරූපය/ බටලන්ද වද කඳවුරේ සැකකරුවකු සමග ⁣පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් ගේ පුත්‍රයන් දෙදෙනා)


Spread the love

Leave a Comment

You may also like