වෙනත්

ප්‍රේමදාස යුගයේ පටන් ආ අභීත කාන්තා හඩ නිහඩ වේ…….

Spread the love

නුවර එලිය දිස්ත්‍රික්කයෙන් බිහිවු අභීත සිංහ හඩ අද සදහටම නිහඩවිය. වසර ගනනාවක් වලපනේ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මංත්‍රීවරියක්ද ,ප්‍රේමදාස යුගයේ හිටපු සෞඛ්‍ය ඇමති වරියක් වු මධ්‍යම පලාත් සභා විපක්ෂ නායිකා රේණුකා හේරත් මැතිනිය අද දින මහනුවර මහ රෝහලේ දි දැයෙන් සමුගත්තාය.
මිය යනවිට වයස අවු; 72 වු ඇය ඒ වන විටත් මධ්‍යම පලාත් සභාවේ විපක්ෂ නායිකාව වුවාය. ගුරුවෘතියෙන් දේශපාලනයට පැමිනි ඇය වලපනේ ජිවත් වෙන අහිංසක ගැමි ජනතාව සමග දිනුමේ දිත් පැරදුමේ දිත් එකට ජිවත් විම නුතන දේශපාලකයිනට ආදර්ශයක් විය.
අත්තෙන් අත්තට පනින දේශපාලකයන්ට මහගු ආදර්ශයක් වු ඇය මිය යන තුරුම තම ජිවිතය සේ එක්සත් ජාතික පක්ෂය රැකගනිමින් ලද දෙයින් සතුටු වී ජිවිතය ගතකල කාන්තාවක් වුවාය.
වර්තමාන දේශපාලකයන් මනුස්සකම් නොදන්නා තිරිසන් සතුන් කොටසක්ම බව යලිත් ජනතාවට පසක් කරමින් තම දේශපාලන සගයා රෝගාතුර වු වෙලේ පටන් ඇය හෙබවු විපක්ෂ නායක තනතුර ලබාගැනීමට මේ වනවිට මධ්‍යම පලාත් එක්සත් ජාතික පක්ෂ මංත්‍රීවරුන් තම බ්ලු පොරය අරභා ඇත.
රේණුකා හේරත් මැතිනියනි ඔබට නිවන්සුවය අත්වේවායි අපි ප්‍රාර්ථනාකරමු…….


Spread the love

Leave a Comment

You may also like