උණුසුම් පුවත්

බුද්ධි මෙහෙයුම් බලයත් මිල්ටෙරියට.

Spread the love

පසුගියදා මෙරට බුද්ධි අංශයේ ලුතිනන් කර්නල් වරයකු හා සෙබළුන් කිහිප දෙනෙකු එල්ලේ ක්‍රීඩකයකු මරා බඩ කපා කැළණි ගඟට දැමීම පිළිබඳව ජනමාධ්‍ය මගින් වාර්තා කෙරිණි. එම ලුතිනන් කර්නල් වරයා ඇතුළු සැකකාර සෙබළුන් පිරිස මෙරට බුද්ධි රෙජිමෙන්තුවට අයත් වූවන් ජනමාධ්‍ය මගින් අනාවරණය කෙරුවද එය සාවද්‍යය වෙි.මෙම මිනීමැරුම⁣ට සම්බන්ධ ශ්‍රී ලංකා යුද හමුදාවේ ගැමුණු රෙජිමෙන්තුවේ ලුතිනන් කර්නල් වරයෙකු හා සෙබළුන් කණ්ඩායමකි. මොවුන් අනුයුක්ත කර සිට ඇත්තේ එම රෙජිමෙන්තුවේ බුද්ධි අංශයටය.යුද හමුදාවේ සෑම රෙජිමෙන්තුවකම සංවිධාන ව්‍යුහය තුළ මෙවැනි බුද්ධි අංශයක් ස්ථාපිත කර තිබේ. සාමාන්‍යයෙන් මෙම බුද්ධි අංශයෙන් සිදු කෙරෙන්නේ රෙජිමෙන්තුව තුල සිඳු කෙරෙන විෂමාචාරයන් විනය විරෝධී කටයුතු හා දේශපාලන ක්‍රියාකාරකම්  පිළිබඳව අණදෙන නීළධාරීවරයා දැනුවත් කිරිමය අදාල මිනිස් ඝාතනයට සම්බන්ධව මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගැමුණු රෙජිමෙන්තුවේ  අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් වරයා හා  එහි බුද්ධි අංශයේ සෙබළුන් කිහිපදෙනෙකි.තොටලඟ අරුණ එල්ලේ ක්‍රීඩා සමාජයේ නායක අකිල සම්පත් මොවුන් විසින් පැහැර ගෙන ගොස් වද හිංසා කොට ඝාතනය කර කැලණි ගඟට දැමීම දක්වා වූ අපරාදමය සිද්ධි දාමය දුරකතන විශලේෂණ වාර්තා හා සැකකරුවන්ගේ ප්‍රකාශ වලින් පොලීසිය අනාවරනය කර ගෙන ඇත.

මෙම සැක කරුවන් පොලීසිය මගින් අධිකරණයට ඉදිරිපත් කරන විට විත්ති කරුවන් වෙනුවෙන් පෙනී සි⁣ටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කරන ලද්දේ අත් අඩංගුවට ගෙන ඇති කර්නල් වරයා හා සෙබළුන් බුද්ධි අංශයක රාජකාරි කර ඇති බැවින් බන්ධනාගාරය තුළදී ඔවුන්ට ආරක්ෂාව ලබා දීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කරන ලෙසටය.

එහෙත්මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කරන ලද්දේ මෙම නිළධාරීන් විසින් සිදු කර ඇත්තේ බුද්ධි මෙහෙයුමක් නොවන බවත් මොවුුුන් විසින් ඝාතනය කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ පුරවැසියකු බැවින් තමා විසින් එවැනි නියෝගයක් නිකුත් නොකරන බවය. මහේස්ත්‍රාත්වරිය වු ලෝචනී අබේ වික්‍රම මහත්මියට රටේ ජනතාව ගේ ගෞරවය පිරි නැමියයුතුය.  

විත්තියේ නීතිඥවරයාගේ ඉල්ලීම තුල පවතින්නේ මෙරට හමුදා නිළධාරීන්ට සාහසික මිනිස් ඝාතනයන් සිදු කොට ඉන් ගැලවීම සඳහා භාවිතයට ගන්නා මිල්ටෙරි නන්දසේන විසින් හා පාතාල චීවරධාරීන් විසින්  සමාජයට මුදා හරින ලද රණවිරු මුක්තිය බව පෙනී යයි.

තවදුරටත් ලසන්ත වික්‍රමතුංග , ප්‍රදීප් එක්නැලිගොඩ , ත්‍රිකුණාමලයේ ශිෂ්‍යයන් ඝාතනය ආදී හමුදා බුද්ධි  අංශ මගින් සිඳු කරන ලද අමානුෂික ඝාතනයන්ට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූයේද රණවිරු මුක්තිය නිසාය.මෙරට පැවැති අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය උදුරා ගනිමින් මහා සමාජමය බලපෑමක් සිඳු කළ මේ රණවිරු මුක්තිය සැබැවින්ම තක්කඩි රාජපක්ෂලාගේ පැවැත්ම සහතික කරගැනීම සඳහා සමාජමය මානසිකත්වය වංචාකාරීව හසුරවා ගැනීමකි. තොටලඟ එල්ලේ ක්‍රීඩකයා මරා දැමීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් ලුතිනන් කර්නල් වරයා හා සෙබළුන් පිරිස හමුදා බුද්ධි අංශයට සම්බන්ධ බවට ජනමාධ්‍ය මගින් වාර්තා කරන විට එම සාවද්‍ය පුවත නිවැරිදි කිරීමට මිල්ටෙරි නන්දසේනගේ ආරක්ෂක අමාත්‍යංශය හා යුද හමුදාව මෙතෙක් කටයුතු කර නැත.සැබැවින්ම මෙම ආයතන මගින් අදාල අපරාදයට සම්බන්ධ හමුදා කණ්ඩායම යුද හමුදාවේ බුද්ධි බලකායට අයත් වූවන් නොවන බවට සමාජය ⁣දැනුවත් කළ යුතුව තිබුණි.එහෙත් මේ දක්වා එය වසන් කර ගැනීමෙන් අපට වටහා ගත හැකි වන්නේ මෙම හමුදා කණ්ඩායම බුද්ධි නිළධාරීන්  බවට සමාජය තුළ කාවද්දා  අධිකරණ ක්‍රියාවලිය තුලදී රණවිරු මුක්තියේ සහනය ලබා ගැනීමේ උපක්‍රමය සැළසුම් කර ඇති බවය. කෙසේවෙතත් මෙම සත්‍යය වසන් කිරීමේ උපක්‍රමික සැළසුම නිසා මෙරට සමාජය තුළ තම ⁣බලකාය හා අපකීර්තියට හා අගෞරවයට පත් වෙන බව බුද්ධි බලකායේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු අප සමග පවසන ලදී. ජනපති මිල්ටෙරි නන්දසේනට වැළඳී ඇති මිල්ටෙරි මාන්දම ඉතා බරපතල ආකාරයෙන් මෙරට සමාජ සංස්ථාවෙි ප්‍රජාතන්ත්‍රවාදී පරිපාලනයට හා ස්වාධීන අධිකරණ පද්ධතියට බරපතල බලපෑමක් සිදු කරන ⁣මාරාන්තික වෛරසයකි.මේ වන විටත් ⁣මෙරට පරිපාලනය විශ්‍රාමික මේජර් ජනරාල් වරුන්ගේ ආධිපත්‍යයට යටත්ව පවතී.⁣ සිවිල් පරිපාලන සේවාවට අයත් බොහෝ පරිපාලන නිළධාරීන් මේ පිළිබඳව සිටින්නේ කිසිත් කර කියා ගත නොහැකි කළකිරීමකිනි. මිල්ටෙරි නන්දසේනගේ මිල්ටෙරි මාන්දම තුල සිදුු කරමින් පවතින මිල්ටෙරි අධිකාරිවාදී පරිපාලනමය අත් හදා බැලීම් ඇස් පනාපිට අසාර්තක වෙමින් තිබේ. මේ වන විට රාජ්‍ය ආයතන ගණනාවකට පත් කර ඇති මේජර් ජනරාල් වරු අබ්බ ගොබ්බ විහිළු කාරයන් බව සමාජය හඳුනා ගනිමින් ඇත.සිවිල් පරිපාලනය යනු  ඇඟේ හයි හත්තියෙන් කළ හැකි සේවාවක් නොවන බව අද වන විට විශ්‍රාමික මේජර් ජනරාල් වරුන්ගේ ආධිපත්‍යය යටතේ තිබෙන රාජ්‍ය ආයතන වලින් තහවුරු ⁣කෙරෙමින් පවතී. ජනපති මිල්ටෙරි නන්දසේන මිල්ටෙරි සිහින මත ජීවත්වන මන්ද බුද්ධික උද්ච්ච අමිබරුවෙකි.මොහු ජනපති වූ මුල් අවධියේ රාජ්‍ය නිළධාරීන් හා පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කරන ලද්දේ රටේ නීතිය යනු තමන්ගේ කට වචනය බවය. මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හෝ ආයතන සංග්‍රහය හා මුල්‍ය විධි ගැන මේ අම්බරුවාට මෙලෝ හසරක අවබෝධයක් නැති බව මේ ප්‍රකාශයෙන් වටහා ගත හැකිය. මේ වන විට මෙරට බුද්ධි සේවාව මිල්ටෙරි කරණය කිරීමට මිල්ටෙරි නන්දසේන කටයුතු කරමින් තිබේ.මෙරට පොලිස් සේවා⁣ව යටතේ පවතින බුද්ධි සේවාව යුද හමුදාවට වැඩි බලයක් ලැබෙන සේ ප්‍රතිව්‍යුහගතකිරිම එ⁣හි අපේක්ෂාවයි.දැනට ජාතික බුද්ධි සේවාව පවතින්නේ නියෝජ්‍ය පොලිස් පති වරයකු යටතේය.බුද්ධි සේවාව මහජනයා අතර පවතින සේවාවක් බැවින් මෙය පොලීසිය යටතට පවරා ඇතැයි කියවේ.

මෙරට සෑම පොලිස් ස්ථානයකටම අනුයක්තව විශේෂ විමර්ෂන ඒකකයක් පවතී.ඉන් සොයා ගන්නා තොරතුරු පොලිස් ස්ථානාධිපති වරයා හරහා අනුපිළිවෙලිින් ඉහළ නිළධාරීන් වෙතින් රාජ්‍ය බුද්ධි සේවාවට දෙනු ලැබේ. එසේම රටේ සෑම පොලිස් කොට්ඨාශයක්   ආවරණය වන පරිදි ජාතික බුද්ධි සේවයේ කාර්යාල පිහිටා ඇත. මේ වන විට රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සැලේය.ඔහු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ වුවද ඔහුට යුද හමුදා බුද්ධි අංශ වලට නියෝග දීමට හෝ ඒවායින් තොරතුරු ලබා ගැනීමට හැකියාවකි නැත. ඔහු   එම තොරතුරු ලබා ගත යුතු වන්නේ ජාතික බුද්ධි ප්‍රධානියා හරහාය.මිල්ටෙරි නන්දසේනගේ ඔඩොක්කු කුක්කෙකු වූ මේජර් ජනරාල් සලේ මුහුණ පා ඇති මේ ගැටළුව නිරාකරණය කිරීම සඳහා මෙරට බුද්ධි සේවය කණපිට ගැසීම සිදු කරන බව පැහැදිලිය. මේ වෙනස්කිරීම් අනුව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ වරයා වෙනුවට අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු පත් කිරීමටද ඊට ඉහළින් අධ්‍යක්ෂ ජනරාල් තනතුරක් ඇති කිරීමටද අපේක්ෂිතය. මෙම අධ්‍යක්ෂ වරුන් තිදෙනා පොලීසියෙන් හා හමුදාවෙන් පත් කිරීමට නියමිතය.එහිදී එක් අධ්‍යක්ෂවරයකු පොලීසියෙන් පත් කරන විට අනෙක් අධ්‍යක්ෂවරුන් දෙදෙනා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් පත් කෙරේ.මේ තිදෙනාට ඉහළින් පවතින අධ්‍යක්ෂ තනතුරුද හමුදාවට පැවරේ. මේ සිද්ධවෙමින් පවතින්නේ ජනපති මිල්ටෙරි නන්දසේන ආධිපත්‍යය සමාජය මත මුදා හැරීමේ වියරු අත්හදා බැලීම්ය.

මේ සියල්ල ජර්මනියේ හිට්ලර් සිදු කළ යුදමය භාවිතයට සමානය.සමාජ සංස්ථාවේ මෙතෙක් කල් පැවතුන ව්‍යවස්ථානුකූල පරිපාලනමය බල  රටාව  හිතේ හැටියට සංශෝධනය කරමින් මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ තක්කඩියන් මේ සිදු කරමින් පවතින්නේ සිය පවුලේ පාලන බලය ඉදිරි මිල්ටෙරි ආධිපත්‍යයක් යටතේ තහවුරු කර ගැනීම බව ලංකා දවස තරයේ විශ්වාස කරයි.


Spread the love

Leave a Comment

You may also like