උණුසුම් පුවත්

අවලම් කේප්ප වස්සා……….02 කොටස, ත්‍රීමලය නිලාවැලි මාර්ග  බාධකයේදී තමන්ම වෙඩි තබා ගත් අයෙකුට රටේ හමුදාපති කම දෙනවාද …?

Spread the love

මෙරට හමුදාපති ධුරය සඳහා සුදුස්සෙක්ද නැද්ද යන වග  ඔහුගේ පැටිකිරිය හොයා බලන ඕනෑම කෙනෙකුට සිතා ගත හැකිය. කොතලාවල ආරක්ෂක විද්යා පීඨයේ පස් වෙනි පාඨමාලාව හදාරා මොහු දෙවන ලුතිනන් වරයෙක් ලෙස විජයබා රෙජිමේන්තුවට ඇතුළත් වී ඇති අතර  මොහු එම රෙජිමයේ සේවය කරන කාලයේදීී ත්‍රීමලය නිලාවැලි මාර්ග  බාධකයේදී තමන් අත තිබුණ ටී 56 ගිනි අවියෙන් තමාගේම කකුලට වෙඩි තබා ගන්නා ලදී.

උසාවියේදී මොහු වරදකරු……….

මේ සම්බන්ධයෙන් පැවැත්වූ හමුදා පරීක්ෂණ උසාවියේදී මොහු වරදකරු වී ඇත.ඒ මූලික පරීක්ෂණ උසාවි වාර්තාව හමුදා මූලස්ථානයේ  ලේකම් කාර්යලයේ තිබිය දී අතුරදන් වී ඇතැයි පැවසේ.එම ලියකිවිලි අතුරුදන් කිරීමට මනේනගේ සිය හිතවත් නිළධාරියකු යොදා ගත් බවටද හෙළිවී ඇත.  එහෙත් එහි පිටපත්  යුද හමුදා නීති අංශයේ ඇති බව අප මෙරට සේනා විධායක ජනපතිවරයා වෙත  දැනුම් දෙමු.
මාන්නගේ 54 වැනි සේනාංකයට අනුයුක්තව රාජකාරි කටයුතු කරන අවදියේ  කපිතාන් තනතුරේ සිට ඇත.එම කාලයේදී යුද හමුදාපතිවරයා වූ මේජර් ජනරාල් සරත් ෆොන්සේකා සියළු නිලධාරීන්ට නියෝග දී ඇත්තේ එල්ටීටී ත්‍රස්ත ප්‍රහාරයන් ගෙන් ආරක්ෂා වීමට  වී බංකර් තනන ලෙසය.එලෙස හමුදා කඳවුරු වල ඉඳි කරන ලද යුද බංකර් හමුදාපති වරයා විසින් පෞද්ගලිකවම නිරීක්ෂණය කරනු ලැබිණි.හමුදාපති වරයා විසින් ඒ සඳහා සිදු කළ නිරීක්ෂණ  චාරිකාවකදී කපිතාන් මාන්නගේ විසින් කිසිදු බංකරයක් ඉඳිකර නැති බව අනාවරණය වී තිබේ එපමණක් නොව මොහු රාත්‍රියේදී  කිසිම අවස්ථාවක හමුදා  භටයන් ස්ථානගත ව සිටි මුරයන් පරීක්ෂා නොකරන බවටත් සවස  හයෙන් පසුව නිළධාරී නිවස්නයට වී ⁣මත්ද්‍රව්‍ය පානය කරමින් සිටින බවටත්  බවත් හමුදාපති ⁣සරත් ෆොන්සේකාට දැනුවත් වී ඇත.

යුද හමුදා පොලීසියේ අත් අඩංගුවට………

එහිදී හමුදාපති සරත් ෆොන්සේකා විසින් මොහුට එරෙහිව ඡ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ නියෝග පැහැර හැරීමේ චෝදනා කොට යුද හමුදා පොලීසියේ අත් අඩංගුවට පත් කර තිබේ.යුධ හමුදා පොලීසිය මගින් අත් අඩංගුවට ගත් මාන්නගේ පසු දින කොළඹට එවන ලද අතර ඉන් අනතුරුව ඔහු කිසිදු මෙහෙයුමකට සහභාගි නොකරන ලදී.කෙසේවෙතත් හදිසි යුද  මෙහෙයුම් සඳහා මොහු අනුයුක්ත කෙරුණ සෑම අවස්ථාවකදීම තම බිරිඳ පිලිකා රෝගයකින් පෙළෙන බව පවසා එම මෙහෙයුම් වලට සම්බන්ධවීම දිගින් දිගටම මග  හැර තිබේ .

බිරිඳ පිලිකා රෝගයකින් පෙළෙන බව පවසා………..

මාන්නගේ ලුතිනන් කර්නල් තනතුරෙහි සිටිද්දී ගුවන් සංග්‍රාමික සේනාංකයට අනුයක්තව මූනමලෙහි යුද මෙහෙයුම් කළාපයේ රාජකාරි කටයුතු කරන විට මූනමලෙහි ඉදිරි ආරක්ෂක වලල්ලට නිතර ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ අතර ඉන් ශ්‍රී ලංකා යුද හමුදාවට බරපතල හානි සිදු විය.⁣ 2006 අගෝස්තු 11 වන දින  මොහු මූනමලෙහි මාර්ග බාධකයක සේවයේ නිරතව සිට ඇති අතර මොහුගේ නොසැලිකිලිමත් කම නිසා මෙම ස්ථානයට එල්ටීටී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඉන් හමුදාවට බරපතල හානි අත් වී තිබේ.එහිදී හමුදාව සතු මීටර් අට සීයක භූමි ප්‍රමාණයක්ද සතුරන් විසින් අත්පත් කර ගන්නා ලදැයිද  අනාවරණය වේ.එල්ටීටී ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ලබා දී තිබියදීත් ලුතිනන් කර්නල් මාන්නගේ ගේ නොසැලිකිලිමත් රාජකාරි කටයුතු නිසා යුද හමුදාවට මෙලෙස බරපතල හානියක් සිදු වූ බව⁣ට මෙහිදී චෝදනා කෙරිණි.

යුද මෙහෙයුමකදී  මෝටාර් ප්‍රහාරයකින් තුවාල ලැබ නිවසේ සිටි ලුතිනන් අනුරංග……….

2006 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී මාන්නගේ විසින් සිදු කළ මෝඩ ගොන් තකතිරු මෙහෙයුමක් ගැනද  තොරතුරු වාර්තා වේ.එහිදී  යුද මෙහෙයුමකදී  මෝටාර් ප්‍රහාරයකින් තුවාල ලැබ හමුදා රෝහළෙහි ප්‍රතිකාර ලබා වෛද්‍ය නිවාඩු ගෙන ⁣ජාඇල කනත්ත පාරේ නිවසේ සිටි ලුතිනන් අනුරංග යාපනයට කැඳවා තිබේ.එහිදී ලුතිනන් අනුරංඟ පවසා ඇත්තෙ තමන් ඇවිදීමට පවා නොහැකිව වෛද්‍ය නිර්දේශ මත නිවාඩු ගෙන සිටින බවය.
මේ අවස්ථාවේ ලුතිනන් කර්නල් මාන්නගේ දුරකථනයෙන් ලුතිනන් අනුරංගට බැණ වැදී ඇත්තේ තෝ ආවෙ නැතිනම් ගෙදරට පැමිණ ඔළුවට වෙඩි තබා මරා දමන බව පවසමිනි.මේ තර්ජනය නිසා අසරණ වූ ලුතිනන් අනුරංග යාපනයට පැමිණ ඇති අතර එහිදී ඔහුගේ ඛණ්ඩ භාර කපිතාන් වරයා ලුතිනන් කර්නල් මාන්නගේ අමතා පවසා ඇත්තේ සර් මේ මනුස්සයට ඇවිද ගන්නවත් බෑ කෝමද ඔපරේෂන් එකට දාන්නෙ යනුවෙන්ය.
මෙහිදී මාන්නගේ එම කපිතාන් වරයාටද තර්ජනය කොට නියෝග කර ඇත්තේ ලුතිනන් අනුරංග මෙහෙයුමට සම්බන්ධ කරන ලෙසටය.
කෙසේවෙතත් එම මෙහෙයුම⁣ට දැඩි අසනීප තත්වයේ සිට වුවද සම්බන්ධ වූ ලුතිනන් අනුරංග අතුරුදන් වී ඇති අතර මෙහෙයුම සිදුව සති දෙකකට පසුව එල්ටීටීය විසින් නරක් වූ ලුතිනන් අනුරංඟ ගේ මෘත දේහය හමුදාවට බාර දී ඇත. 

මාන්නගේට වැහි නැති හෙණ ඉල්ලමින් සාප කරමින්…..

ලුතිනන් අවුරංගගේ මව මේ වන විටත් මාන්නගේට වැහි නැති හෙණ ඉල්ලමින් සාප කරමින් සිටින්නීය.ඇය මාන්නගේට සාප කරන්නේ රෝගීව සිටි තම දරුවා එල්ටීටී බිල්ලට දුන් පවසමිනි.
මාන්නගේ පාහර කාලකණ්නියා මගේ දරුවා ඕනෑ කමින්ම මැරෙව්වා.ඔය බල්ලගෙ  දරුවන්ට පණුවො ගහන්න ඕනි.ඕකා මැරෙන්නෙත් දහ දුක් විඳලා යැයි ඇය සාප කරන්නීය.

පොන්න ගුණේ ගේ පදක්කම් පැලදවීම………

මේජර් ජෙනරාල් මානගේ වීර වික්‍රම විභූෂණ පදක්කමෙන් පිදුම් ලබා ඇති අයෙකි.මෙම පදක්කම සඳහා ඔහු නිර්දේශ කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්නය.එක අවස්ථාවකදී හමුදා  පදක්කම් මණ්ඩලය විසින් මේජර් ජනරාල් මාන්නගේ වෙත වීර වික්‍රම පදක්කම නිර්දේශ කිරීම ප්‍රතික්ශේප කර ඇත.එම අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න ඒ පිළිබඳව හිටපු ජනපති මිල්ටෙරි නන්දසේනට ඇවිටිලි කිරීමෙන් පසුව මාන්නගේ ⁣හට එය ලබා ගැනීමට අවස්ථාව උදා විය.

තමන්ගේ කකුලට තමන් විසින්ම වෙඩි තබා ගත් නිසා මාන්නගේට වීර ව්ක්‍රම විභූෂණ පදක්කම……….

යුද හමුදාවේ අනෙකුත් නිළධාරීන් මාන්නගේට වීර ව්ක්‍රම විභූෂණ පදක්කම ලබා දීම ගැන රහසේ ප්‍රශ්ණ කරමින් සිටී.මාන්නගේ  ලුතිනන්වරයකු ලෙස රාජකාරි කරද්දී තමන්ගේ කකුලට තමන් විසින්ම වෙඩි තබා ගත් නිසා හා 2006 ඔක්තෝම්බර් මාසයේදී මෝඩ තකතිරු මෙහෙයුමක් කර නිළධාරීන් හා සෙබළුන් තිස් දෙනෙකු පමණ බිල්ලට දී හැත්තෑවකට පමණ බරපතල තුවාල සිදු කිරීම හා එල්ටීටී ත්‍රස්තයන්ට සිය කඳවුරු භූමිය අත් කර ගැනීමට ඉඩ දීම  නිසා මාන්නගේ හට මෙම පදක්කම ලබා දෙන්නට ඇතැයිද  කියමින් හමුදා පැරණි නිළධාරීන් අපහාසයට සිනාසේ.

රුධිරයෙන් ඔප නැංවෙන වීරයන්ගේ  පපු මත එල්ලිය යුතු වීර වික්‍රම විභූෂණ පදක්කම මාන්නගේ වැනි ගඳ ගහන  අසූචි ගෝනියක එල්ලීමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මැදිහත් වීම ගැන ඔවුන් කණගාටුවෙන් සිටී………

හිටපු බුද්ධි නිලධාරි

************අපව අවහිර කොට සත්‍ය වසා අසත්‍යයෙන් ඔබව අන්ධ කරන ආණ්ඩුවලට එරෙහිව පෙලගස්වන ජන පවුරට,  ලංකා දවස කියවීමට පහත දිගුවට යන්න . අපිව අනික් අයට සම්බන්ධ කරවන්න ඔබේ අදහස් අපිට කියන්න *************එන්න පහත දිගුවට*****…….

https://www.blogger.com/u/1/blog/posts/3724418903831623831?hl=en

කාන්තාවන් සම්බන්ධ කරන පිම්පියා ගේ  මීළඟට හමුදාපති සිහිනය බලාපොරොත්තුවන්න -03


Spread the love

Leave a Comment

You may also like