උණුසුම් පුවත්

එක රටක් එක නීතියක් කියමින් පරිසරය රකින්නට ආ මුරදේවතාවන්ගේ පැටිකිරිය……

Spread the love

සෑම වසරකම පෙබරවාරි 02 දෙවන දින ලෝක තෙත් බිම් දිනය සමරණු ඇත.
එකදහස් නවසීය හැත්තෑඑකේ (02/02/1971) පෙබරවාරි දෙවන දින ඉරානයේ රැම්සාර් නගරයෙර්දී  රටවල් හතක (07) අනුමැතියෙන් පාර්ශව 168 ක සහභාගීත්වයෙන් ලෝකයේ අන්තර්ජාතික වශයෙන් වැදගත්වන තෙත්බිම් සංරක්ෂණය කිරීම සහ ඒවා තිරසාර ලෙස භාවිතයට ගැනීම වෙනුවෙන්, ජාත්‍යන්තරව සකසා ගන්නා ලද සම්මුතියකි.
තෙත්බිම් බලයෙන් අල්ලාගැනීම, වර්ථමානයේදී හා අනාගතයේදී තෙත්බ්ම් විනාශයට පත් වීම වැළැක්වීම හා, තෙත් බිම් හී මූලික පාරිසරික විද්‍යාත්මක ක්‍රියාකාරීත්වයන් සහ ඒවායේ ආර්ථික, සංස්කෘතික, විද්‍යාත්මක සහ වින්දනීය වටිනාකම් හඳුනාගැනීම සඳහා, මෙම ගිවිසුම නිර්මාණය කොට ඇත.
 වර්ථමානයේ ලෝක උරුම අටකට හිමිකම් කියන ශ්‍රී ලංකාව නම් විශ්වයේ පාරිසරික පාරාදීසය තුල වනාන්තර හා තෙත් බිම් හයකට ආසන්න ප්‍රමාණයක් ලෙස ලෝක උරුම ඇගයීමට ලක්ව ඇත.
 තත්වය එසේ තිබියදී අද වනවිට ඉතා සැලසුම් සහගතව කරනා සාපරාධී මහා වන හා තෙත්  බිම් විනාශය අහස පොළොව නුහුලන අපරාධයක් ලෙස ජයට වර්ධනය වෙමින් පවතී.එක් රටක් හා එක් නීතියක් නිර්මාණය කරමින් පරිසරය සුරකින්නට ආ රජය විසින් රජයේ වන සම්පත් හා තෙත් බිම් සම්පත්,  ඊනියා බඩගෝස්තර වාදී දේශපාලන හෙංචයින් හට විනාශකරනට ඉඩ දී ඉන් අනතුරුව ගැසට් නිවේදනයකින් එසේ බලෙන් අත්පත් කරගෙන සිටින ඉඩම් වලට නීත්‍යානුකූලව ඔප්පු ලභා දීමට අවැසි පරිදි ගැසට් පත්‍රය එළිදැක්වී ඇත…
                 
ස්වභාදහමට අනුව..මෙසේ කරනාවූ සාහසික නින්දිත පාරිසරික වනසම්පත් හා ආවේනික සත්ව විශේෂ විනාශය මතු අනාගත පරපුරේ අවසානය  බව සියල්ලෝම අවබෝධ කරගත යුතුය..
එදා පටු දේශපාලණික වාසි වෙනුවෙන් ජාතිවාදය පෙරටු කොට ෆ්‍රොෆයිල් පික්චර් වෙනස් කර මහා බලවේගයන් මුහුණුපොතේ නිර්මාණය කල උන් අද ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ දත විලිස්සමින් සිටී. මෙම සාපරාධී අපරාධයට අනුබල දුන් උන්ටත් ඒ අසීමිත බලය ලභා දුන් ජනතාවටත් මේ මහා විශ්වයේ සාපයෙන් කිසිදා  ගැලවිය නොහැක.
පමාවී හෝ සියළු රටවැසියන් මේ මහා පාරිසරික ඝාතණයට එක හෙලා විරෝධය දැක්විය යුතු අතර ඊට එරෙහිව අරගල කල යුතුය.
නොඑසේනම් වැලැලෙන්නට සූදානම් විය යුත්තේ අපේ දුවා දරුවන් මෙන්ම හෙට මෙලොව එළිය දකින්නට නියමිත නුපන් එවුන්ද සමගය.
සුමුදු මද්දුමආරච්චි
මිලානෝ

Spread the love

Leave a Comment

You may also like