උණුසුම් පුවත්

කොහිද යුක්තිය……. කොහිද ධර්මය…….. කොහිද නිතිය…….. විමසනූ

Spread the love

අරගලය පැවැති සමයේ ගාලු මුවදොර ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිි⁣යේ සහ ජනපති මන්දිරයේ තිබී මුදල් සොයා ගැනී⁣මේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත බාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසට නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  යොමු කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරන ලදී.එම ලිපිය මත ඉදිරි පියවර ගැනීම සහ ඒ මත දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අධිකරණය විසින් තවත් අතුරු නියෝග දෙකක්ද මෙහිදී නිකුත් කෙරිණි.

දේශබන්දු තෙන්නකෝන්  ඉදිරිපත් කළ රිට් පෙත්සමක්
දේශබන්දු තෙන්නකෝන්  ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න හා ඒ.මරික්කාර් යන විනිසුරුවරයන් විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
ලබන මැයි මස 10 වන දින අභියාචනාධිකරණයේදී ⁣කරුණු දක්වන ලෙසටද වගඋත්තරකාර පාර්ශවයන්ට නොතීසි නිකුත් කර තිබේ.
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා………
ඒ අතරේම පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිඳු කරන ලද ප්‍රකාශයකට අදාලව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ගෙන් ප්‍රශ්ණ කිරීම ප්‍රකාශ සටහන් කර ගැනීම සහ ඔහු අත්අඩංගුවට ගැනීම වලක්වාලමින්ද අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.එම අතුරු නියෝගය නිකුත් කර ඇත්තේද අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් විනිසුරු වරුන්මය.
එමෙන්ම හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ඉදිරිපත් කළ ඇති ⁣අදාල පෙත්සමේ වගඋත්තරකාර පාර්ශවයන්ටද මැයි මස 10 වන දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට නොතීසි නිකුත් කර ඇත.
අභියාචනාධිකරණයේ විභාගයට ගත් පෙත්සම් දෙකේම පෙත්සම්කාර පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටින ලද්දේ ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වාය.
නීති කාරණා පදනම් කර ගනිමින් දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට නොගන්නා ලෙසටද හිටපු නීතිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර නොගන්නා ලෙසටද පොලීසියට අභියාචනාධිකරණය වෙතින් නියෝග කරන ලද නමුත් මෙරට ජනතාව තුළ මෙම අධිකරණ තීන්දු පිළිබඳව මතු වී ඇත්තේ දැඩි සැකයකි.
එම සැකය විවිධ ආකාරයෙන් සාකච්ඡා වෙන බව අපට අසන්නට ලැ⁣බේ.ඒ එක කාරණයක් වන්නේ ඇති හැකි අයට මෙරට නීතිය ක්‍රියාත්මක නොවන බවය.ඇති හැකි දේශපාලන බලය හිමි යම් යම් පුද්ගලයන් වරදක් කළ විට ඔවුන් ප්‍රශ්ණ කිරීමටවත් නොහැකි ආකාරයට අභියාචනාධිකරණය වෙතින් නියෝග ප්‍රකාශයට පත් කළ බව ජනතාවගේ මතකයේ තිබේ.
කුසගින්නට අනවසරයෙන් ඉඩමකට ඇතුළු වී පොල් ගෙඩියක්  කැඩීමේ වරදට චෝදනා ලබන අසරණයකුට අභියාචනාධිකරණයෙන් ලබා ගත හැකි මේ වරප්‍රසාදය කිසි දිනක ලබා ගත නොහැකිය.
නීතිඥ ගාස්තුව…….
ඒ මන්දයත් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට අය කරන නීතිඥ ගාස්තුව සාමාන්‍ය ජනතාවගේ ඇඟ හිරිවැටෙන තරමේ වීමය.එබැවින් ඇති හැකි දේශපාලන බලය හිමි දූෂිතයෙකුට මුදල් කන්දරාවක් වියදම් කිරීමෙන් අනතුරුව සිය ආත්මගත දූෂණයට හා  වංචාවට ආරක්ෂාව සළසා ගත හැකි  හොඳම අධිකරණ ආයතනය අභියාචනාධිකරණයයි.ඒ බව  මෑත භාගයේ අභියාචනාධිකරණයෙන් ලබා⁣ දෙන තීන්දු වලින් තහවුරු වේ.
කුඩු සළිඳු පොලිස්පති කිරීම සුදුසු බව……..
දේශබන්දු තෙන්නකෝන් ගේ පොලිස් රාජකාරිය තුළ පවතින දූෂිත හැඩය හා කෙරුවාව ගැන පොලිස් සුනඛ අංශයේ සුනඛයන් පවා දන්නා බව පොලිස් දෙපාර්තමේන්තුවේ සේවාවේ නිරත බොහෝ ලොක්කන් හා පොඩ්ඩන් අතර ඇති කතා බහකි.මොහු පොලිස්පතිවරයා ලෙස පත් කරනවාට වඩා කුඩු සළිඳු පොලිස්පති කිරීම සුදුසු බව ⁣ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන්ගේ අදහසයි.
පොලිස්පතිවරයාට සේවා දිගුවක්……….
පොලිස්පති වරයා වීම සඳහා වූ දේශබන්දුු ගේ දැඟලිල්ල දේශපාලන ආරවුලක් වන තරමට දැන් පැතිරී ඇති බව  පෙනී යයි.⁣දේශබන්දු පාර්ශවය නියෝජනය කරන්නේ මිල්ටෙරි නන්දසේන ඇතුළු කණ්ඩායමයි.එහෙත් වර්තමාන පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබා ගැනීමට මැදිහත් වූයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බව දැන් අනාවරණය වී තිබේ.ඉන් තහවුරු වන්නේ මහින්ද රාජපක්ෂ පාර්ශවය දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති වරයා ලෙස පත් කිරිමට අනුමැතිය ⁣නොදෙන බවය. පොලිස්පති වරයා පත් කිරීම සම්බන්ධයෙන්  රනිල් රාජපක්ෂ සිටින්නේ  දේශපාලන කතුරකට මැදිවී  බව පැහැදිලිය.එහෙත් රනිල්  එහිදී කට්ට කයිරාටික නරියකු ලෙස ක්‍රියා කරමින් සිටින බව ⁣හැඟේ.
පොලිස් ඇමති ටිරාන්අලස්……….
වර්තමාන පොලිස්පති වරයාට සේවා දිගුවක් ලබා දීම⁣ට පෙර  පොලිස් ඇමති ටිරාන්අලස්ට ජනපතිවරයා ප්‍රකාශ කර තිබුණේ දේශබන්දුට එරෙහිව තිබෙන අධිකරණ චෝදනා වලින් නිදහස් වන ලෙසය.මේ වන විට නීතිපතිවරයා දඩි බිඩියේ දේශබන්දුට එරෙහිව අධිකරණ චෝදනා ගොනු කරන ලෙසට පොලිස්පතිවරයාටඋපදෙස් දෙන ලද්දේ ජනපතිවරයාගේ පාර්ශවයේ බලපෑම නිසා බව සිතිය හැකිය.දේශබන්දුට එරෙහිව එම නඩුකරය විභාගයට ගත්තේ නම් දවසින් දෙකෙන් අවසන් නොවන බවද අප තේරුම් ගත යුතුය. 
ඉන් අපට සිතා ගත හැක්කේ පොලිස්පතිවරයා ලෙස දේශබන්දු පත්කිරීමට රනිල් රාජපක්ෂගේ එතරම් එකඟතාවක් නොමැති බවය.මේ වන විට පොදුජන පෙරමුණද දේශබන්දු පොලිස්පති වරයා ලෙස පත් කළ යුතුද නැද්ද යන කාරණය පිළිබඳව මත දෙකකට බෙදී තිබේ.ඉන් මහින්ද රාජපක්ෂ පාර්ශවය දේශබන්දු පොලිස්පති වරයා ලෙස පත්කිරීම අනුමත නොකරන බව වාර්තා වේ.
කෙසේවෙතත් නව පොලිස්පතිවරයා පත් කිරීම දේශපාලන අර්බුදයක් පමණක් නොව අධිකරණ අර්බුදයක් කරා ඇදී යමින් පවතී.
එහෙත් මෙරට සාමාන්‍ය ජනතාව විෂයෙහි ක්‍රියාත්මක කෙරෙන නීතිය ඉහළ මාලයේ ඇත්තන්ට එරෙහිව ක්‍රියාත්මක නොවන බව අත්දුටු සත්‍යයයි.කොහිද යුක්තිය ,කොහිද ධර්මය, කොහිද නීතිය විමසනු ……යන්නෙන් සාමාන්‍ය ජනතාව කණගාටුවෙන් අසන්නේ ඒ නිසාය.
ලංකා දවස පුවත්පතට ඔබේ සහාය නොලබ පවත්වා ගෙන යානොහැකිය

 


Spread the love

Leave a Comment

You may also like