උණුසුම් පුවත්

පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් ගේ ඝාතනය ගැන ඉතිරිය…….

Spread the love

අප පොප ඩග්ලස් නිමල් සාහසික ලෙස ඝාතනය කිරීම පිළිබඳව සැඟවුන තොරතුරු අනාවරණය කිරීමත් සමගම ඔහු ගේ ඝාතනයට සම්බන්ධ හැම දෙනාගේම ඉහ මොළ රත්වී බඩ පපුව දන්නට පටන් අ⁣රගෙන ඇති බව අපට ලැබෙන ඇමතුම් වලින් තහවුරු වේ.

අපගේ අනාවරණයත් සමගම සමහර පොලිස් උපාසකලා ගේ සිල් රෙදි  ගැලවිනි.
ඩග්ලස් නිමල් ගේ ඝාතනය ගැන අපි ලියු හැම අකුරක්ම ඇත්තය.සහතික ඇත්තය.මේ සාපරාධී ඝාතනයෙන් ⁣එළිදරව් වන්නේ නීතිය හා සාමය රකින ආයතනය තුළ සිටින පාදඩයන් ගැනය. මේ වන විට ඩග්ලස් නිමල් ගේ ඝාතන කුමන්ත්‍රණ කරුවන් විශ්‍රාම ගොස්ය.
එහෙත් මේ පාදඩයන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ බෝ කළ ඇතැම් මෙලේච්ඡයන් තවමත් රාජකාරියේ යෙදී සිටී.තමන්ගේ ස්වාමිවරුන්ට එරෙහිව අපරාධ තොරතුරු සමාජගත වන විට කුපිත වන්නේ මේ මෙලේච්ඡයන්ය.
ඩයිනීෂියස් සාජන් මහත්මයා………..
එහෙත් තව කාරණයක් සඳහන් කළ යුතුය.ඒ ඩග්ලස් නිමල් වැනි පො⁣ල්ලෙ පොලිස් කාරයන්ද තවමත් පොලීසියේ සිටින බවය.ඩග්ලස් නිමල් ගේ ගෞරවණීය සේවා පෞරෂය අහම්බයක් නොවේ.එය ජානගතව ඔහු වෙත හිමි වූ දායාදයකි.ඩග්ලස් නිමල් ගේ පියාද පොලිස් සැරයන් වරයෙකි.
ඔහු සේවය කෙරුවේ අහුංගල්ල අම්බලන්ගොඩ ආදී පොලිස් ස්ථාන වල බව අපට දැනගැන්මට ලැබුණි.ඒ ප්‍රදේශවල තවමත් ජීවත්වන පැරැන්නන් ඩයිනීෂියස් සාජන් මහත්මයා ගැන තවමත් කතා කරන්නේ මහත් ගෞරවයෙනි.රාජකාරියට යන විට ගෙදරින් වතුර බෝතලය ගෙන යන ඩයි සාජන් මහත්මයා පොලීසියෙන් වතුර බිඳක්වත් වත්  පානය කරන් නැති ජාතියේ පොලිස්කාරයෙකි.රාජකාරියට එළියට බහින්නට පෙර සාජන් මහත්මයා තමන්ගේ සාක්කුවේ තියෙන කාසි ගනනද පොතේ සටහන් දමා යන අයෙකි.මාර්ග බාධකයක රාජකාරි දැමූ විට පැය විසි හතරක් ගෙවුනද සාජන් ඩයිනීෂියස් හිටගෙනම සිටින රාජකාරි ක⁣ළ බව කියවේ.ඔහු මාර්ග රාජකාරියක නිරත වන විට පොලීසියේ ඕඅයිසී මහත්මයාගේ හොර ගමන් නැත.

ඒ පොලිස් ජිප් රථය එහෙ මෙහෙ යන සෑම වතාවක් පිළිබඳවම ඔහු ඒ ගැන සටහන් දමන බැවිනි.සාජන් ඩයිනීෂියස් එවැනි පොතේ ගුරු පොලිස් කාරයෙකි.අප මේ ලියන්නේ සුරංඟනා කතා යැයි ඇතමුන් සිතන්ට ඉඩ තිබේ.ඔවුන් එහෙම සිතීම සාධාරනය.ඒ දේශබන්දු වැනි ජඩයන් ගැන සසඳා පොලීසියේ කෙරුවාවේ ගැන තක්සේරු කරන්න⁣ට සිඳු වන විටය.එහෙත් පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්ෂා කරමින් අපරාද නඩු විධාන සංග්‍රහය හිස මුදුනේ තබා ගෙන, දණ්ඩ නීති සංග්‍රහය ගානට තිතට නිල් රතු පෑන් වලින්  අකුරෙන් අකුරට ලියන සැබෑ පොලිස් කාරයන් වන පොලිස් නිළධාරීන් පොලීසියේ තවමත් සිටින බව අප මෙහි සඳහන් කරන්නේ ඔවුන් වෙත කෙරෙන ගෞරවය පිණිසය.ඒ සාජන් ඩයිනීසියස් වැනි අයවළුන්ය.

පොප ඩග්ලස් නිමල් මෙවැනි පොලිස් කාරයෙකුගේ පුත්‍රයෙකි.එලෙසම ඩග්ලස් නිමල් ගේ රාජකාරිය තාත්තාට එහා ගිය  පොලිස් රාජකාරියක් විය.ඔහුගේ මරණයට හේතු වූයේද එම නීති ගරුක වීමය.
පොප ඩග්ලස් නිමල් ඝාතනය කළ සාහසිකයන් තුන්දෙනාට  එම ඝාතනයෙන් පසුව ගේමක් දීමට පොලීසිය තුළම සැළසුමක් තිබුණි.ඒ සැලසුමද සකස් කෙරුවේ සහකාර පොලිස් අධිකාරී ලූගොඩ ඇතුළු මෙලේඡයන් රැළය.එම සැලසුම බාර දී ති⁣බුණේ පෑලියගොඩ අපරාද මර්දන ඒකකයේ ප්‍රියන්ත ජයකොඩිටය.⁣පසුගිය ගාළු මුවදොර අරගලය අවස්ථාවේ මේ ප්‍රියන්ත ජයකොඩි පොලිසියේ  රාජකාරිය ගැන ටියුෂන් දෙන විට අපට ඇතිවූයේ බඩ කොරවෙන තරමේ අපුලකි.
ප්‍රියන්ත ජයකොඩි………
තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ හා මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර ගේ වීරයා වී හිටියේ මේ තක්කඩියාය.ප්‍රියන්ත ජයකොඩි කැන්ගරු නීතිය ක්‍රියාත්මක කරමින් මරා දැමූ තරුණයන් සංඛ්‍යාව ගනන් හිලව් කියන්නට  බැරි තරමේය.ඩග්ලස් නිමල් මාර දැමීමේ කුමන්ත්‍රණයේ අත් උදව් කරුවකු වූ මොහු හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු හා ගිවිස ගෙන සිටියේ ඩග්ලස් මරා දමන සාහසිකයන් අල්ලාගෙන පරලොව යැවීමටය.එහෙත් ඒ කුමන්ත්‍රණය නූලෙන් ගැස්සී ගියේය.එය එසේ වූයේ  ඩග්ලස් නිමල් මරා දැමූ පෝරෙගෙදර සරත් ඇතුළු සාහසික කණ්ඩායම ගමන් කළ මග වෙනස් කළ නිසාය. ඔවුන් සැලසුමේ පරිදි ගමන් කිරීම⁣ට නියමිතව තිබූ ගමන් මග තුළ ගමන් කෙරුවේ නම්  ප්‍රියන්ත ජයකොඩි ගේ සුනඛ රැළ ඇම්බුෂ් එකක් දමා ගෙන සිටියේ දඩයම අරගන්නටය.
මේවා ඇත්ත කතාය.ප්‍රියන්ත ජයකොඩිලා දැන් ජනමාධ්‍ය අල්ලාගෙන පොලිස් කතා ලියන්නේ පසේ බුදුවරයකු විදියටය.⁣මේ වන විට මේ පොර හිට්ලර් රනිල් රාජපක්ෂගේ අමුඩය අස්සේ  තනතුරක් අරගෙන තිබේ.
ඩග්ලස් නිමල් ගේ ඝාතනය පිළිබඳව සත්‍යයය අනාවරණය වන විට ප්‍රියන්ත ජයකොඩිලාගේ පස්සා පැත්තේ ඉත්තෑවෝ යාම ගැන අපට කරන්නට දෙයක් නැත.

Spread the love

Leave a Comment

You may also like