උණුසුම් පුවත්

භාග්‍යයා ගේ හෙලි දරව්වත් සමඟම රක්වානේ ඉඩම් ඔප්පුවක් සමාජ ගතවේ.

Spread the love

සුරවීර මහල් ,අටකලන් පත්තුව , නිතිඥ හා ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු බවට සදහන් චමත් ප්‍රියන්ත සුරවීර යන නමින් අංක 9287 දරණ ඔප්පුවක් මේවන විට සමාජ ජාලාවලට යොමු කොට ඇත. ( එම ඔප්පුවේ ව්‍යාජ අව්‍යාජ භවය අපි නොදනිමු. ) ඒත් එම ඔප්පුව ලියා ඇත්තේ 2020 /07/02 වන දින බවට මුදාවක් ඇත. එහි විකුණුම් කරුහා ගැනුම කරුවන් ලෙසට වර්ණකුලසුරිය ,ජයවි මේරියස් ප්‍රනාන්දු බවත් ගැනුමකරුවන් ලෙසට,ගිෂාණි නිසංසලා ගුරු ගේ හා රචින්ත රවිනාත් (ධර්මදාස) යන අයටත් බවට විකුණා ඇත.

ශ්‍රි ලංකාවේ ප්‍රසිද්ධ ලේඛණ පිලිබදව රටේ ජනතාවට ඇත්තේ පිලිගත හැකි විශ්වාසයක් නොවේ. ඒ බවට වර්තමාන අගමැති ආර්‍ය්‍යිව ගේ හැදුනුම පතම සිරිලිය ගිණුම ප්‍රමානවත්ය. වැඩි දුරටත් නම් විමල් වීරවංශ ගේ රාජ්‍ය තන්ත්‍රික වු ගුවන් ගමන් බලපත්‍ර දෙකක් හා බිරිදට ඔහුට ඇති උප්පැන්න සහතික 02 ක් හැදුනුම් පත්‍ර 02 ක් ඇත. එවන රටක රජයේ ඉඩමකට ඔප්පුවක් සාදා තවත් 100 ක් දෙනෙකුට ලියන නොතාරිස්ලා ලංකාවේ වැහි වැහැලාය. අපිට ඇති ප්‍රශ්ණය ගුරු ගේ අධිපති  ගේ දියනිය ට ඇති ඔප්පුව ගැන නොවේ.

හැඩු කදුලෙන් රටේ ඉඩන් හෙලිවෙන් බව කිව් ඒ දැරිය අවංකව කිවු බව අපි එක හෙලාම පිලිගන්නේ ඔවුන් නිර්ව්‍යාජ දුප්පත් ගමේ මිනිස්සු නිසාය . ඇය ගේ තිබු නිර්ව්‍යාජ භාවය හා ලංකාවේ දැන් කිසිදු ඉඩමක් හෙලි නොකරනවා යැයි පාරම්භාණ සී.බී රත්නායක දැන් කරන දේ වෙනත් ලිපියකින් අපි ගෙන එන්නෙමු.

මේ නිසාම ඔප්පුක් දී පොලිසිය යවා එම දැරිය හා ඇගේ පියාට කරන මානසික පීඩනය හා වාචික තර්ජනය වහාම නතර කල යුතුය.

සිංහරාජයත් , නකල්ස් කදු වැටියත් , පිදුරුතලාගලත් දැන් මහා පරිමානව හෙලි කරන බව අපි ද ප්‍රකාශ කරන්නෙමු. (එම ඔප්පුවේ ඡායාරූප පහතින් ඇත.)

විශේෂ ස්තුතිය සිරස මාධ්‍යට


Spread the love

Leave a Comment

You may also like