උණුසුම් පුවත් උණුසුම් පුවත්

අපේ ජන බලේ ලොක්කා වෙඩි කා නසී

Spread the love

අද උදෑසන බෙලිඅත්ත අධිවේගී ප්‍රවේශය අසල හෝටලයකදී නන්නාඳුන සන්නද්ධ කණ්ඩායමක් විසින් සිදු කරන ලද වෙඩි ප්‍රහාරයකින් අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුළු හතර දෙනෙකු ඝාතනය වී තිබේ.

 හම්බන්තොටදී සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අද දින අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා හම්බන්තොට අධිකරණයේ පපැවැත්වෙන නඩු⁣වකට පෙනී සිටීමට නියමිතව සිටි බව වාර්තා වේ.

එසේ ඝාතනය කර තිබුණේ හම්බන්තොට අසේල සම්පත් නම්  තරුණයෙකි.ඝාතනය වූ අසේල සම්පත් ගේ සහෝදරයා මීට මාසයකට පෙර  ස්වයංක්‍රීය ගිණි අවියක් සමග පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මේ වන විට බන්ධනාගාර ගත කර සිටී.

සමන් පෙරේරා ඇතුළු කණ්ඩායමට වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ එම නඩුවට යමින් සිටියදී බවද පැවසේ.

නීති විරෝධී ගිණි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවකටද පසුගිය කාලයේදී ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා පොලීසිය මගින් අත් අඩංගුව⁣ට ගෙන බන්ධනාගාර ගත කර තිබුණි.

අතුරැලියේ රතන හිමියන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ අපේ ජන බල පක්ෂයෙන් වේ.  


Spread the love

You may also like