උණුසුම් පුවත්

පාස්කු ප්‍රහාරකයන්ට යටිතල පහසුකම් දී කොමිසමේදී වැරදිකරුවන් වු සියළු පොලිස් නිලධාරින්ට ජනපති අණින් නිදහස සමඟ උසස්වීම්.

Spread the love

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත්වීමට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ  පාස්කු ප්‍රහාරය යයි.කාලාන්තරයක් තමන්ගේ සුවච කීකරු බුද්ධි නිලධාරියෙකු වූ මේජර් ජෙනරාල්  සුරේෂ් සලේ විසින් මෙහෙයවන ලද විශේෂිත වූ ක්‍රියාන්විතයක් වූ ඉතාමත්ම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය රාජපක්ෂ ගෝඨාභය බලයට පැමිණීමට ඉවහල් විය.

එම පාස්කු ප්‍රහාරය පිළිබඳව එවකට පැවැති රජය විසින් පත්කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ දී හෙළි වී ඇති කරුණු අනුව මේ වන විට සමාජගත නොකල බොහෝ දෑපිළිබඳව තොරතුරු අප වෙත ගලා එමින් ඇත. එම ප්‍රහාරය මූලික වශයෙන්ම එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පූර්ණ දැනුවත්කම මත (තමා අගමැති ගෝඨා ජනාධිපති කතිකාවට අනුව ) රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජෙනරාල් වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන හා එවක රාජ්‍ය බුද්ධි අංශයේ මැලේසියාවේ තානාපති කාර්යාලයට අනුයුක්තව සේවය කළ ( ඒ වන විට මැලේසියාවේ තානාපති වශයෙන් සිටි මොහොමඩ් මුසාමිල් ය . )  මේජර් ජෙනරාල්  සුරේෂ් සලේ විසින්  ක්‍රියාත්මක කරන ලද ක්‍රියාන්විතයේ  (In operation ) ප්‍රතිඵලය වූයේ එම මිලේච්ජ ත්‍රස්ත ප්‍රහාරයයි.

ඒ වන විටත් මේජර් ජෙනරාල්  සුරේෂ් සලේ ගේ පූර්ණ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වෙමින් තිබුණු රාජ්‍ය බුද්ධි අංශයට අනුයුක්තව ආරක්ෂක අමාත්‍යාංශයේ ඔත්තුකරුවන් වශයෙන් වැටුප්  ලබමින් සිටි සහරාන් හසීම් සමග එම පුද්ගලයින් සියලු දෙනාම යොදවා සුරේෂ් සලේ විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට ප්‍රමාණයටත් වඩා සාක්ෂි මේවන විටත් කොමිෂන් සභා හට ලැබී ඇති අතර ම එම සියලුම කොමිෂන් සභා වාර්තාවන් සඟවා ඇත්තේ ඒ නිසාය.

එවැනි ප්‍රහාරයක් ශ්‍රී ලංකාවේ තෝරාගත් ස්ථානවලට එල්ල වන බව නම් වශයෙන්ම ස්ථාන, දිනයන් සහ වේලාවන් ද ලැබී තිබී ඇත.  ඉන්දියානු  බුද්ධි අංශ විසින් හෙළිකරන ලද සියලු තොරතුරු එවක රාජ්‍ය බුද්ධි  අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට ලැබී තිබියදීත්  සියලු තොරතුරු තමා සඟවා ගනිමින් ඉතා සූක්ෂම ආකාරයෙන් මෙම ප්‍රහාරය එල්ල කරන ලද ප්‍රහාරකයින් ට මෙන්ම සැලසුම් කරුවන්ට ද අවශ්‍ය සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය වටපිටාව සකසා තිබුණි.

 සියල්ල සඟවා දමා තමාට ලැබුණු පණිවිඩ පවා මකා දමා සියල්ලම කණපිට හරවමින් සුරේෂ් සලේ ගේ සියලුම කටයුතුවලට පූර්ණ සහයෝගයක් ලබාදීමට යොදවා ගත් සියලුම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ,නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස් අධිකාරිවරුන් යන මේ සියලු දෙනාම තම වගකීම නිසි ලෙස ඉටු නොකරමින් එම ප්‍රහාරකයින් ට සහ සැලසුම් කරුවන් ට අවශ්‍ය ඉඩප්‍රස්ථා සලසමින් මෙම ප්‍රහාරයට මනා ලෙස දායක වී ඇත.

විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ දී තීරණය වී ඇත්තේ එම නිලධාරීන් තම රාජකාරිය පැහැර හැර මින් මෙම ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායමක් වශයෙන් නම් කරමින් ඔවුන්ට අපරාධ චෝදනා එල්ල කොට අධිකරණමය කටයුත්තක් පවත්වාගෙන යා යුතු බවයි.

එහෙත් ඒ සියල්ලම උඩු යටිකුරු කරමින් පසුගියදා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද විශේෂ ලිපියක් මගින් නීතිපතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව මෙම කොමිෂන් සභා විසින් නගා ඇති සියලු චෝදනාවලින් එම නිලධාරීන් සියලු දෙනාම නිදහස් කොට එම නිලධාරීන්ට ලැබිය යුතු සියලු උසස්වීම් සහ විශ්‍රාම ගැන්වීම් මේ වන විට සිදුකර හමාරය.එම නිලධාරීන් නම් නුවරඑළිය දිසා භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති චන්දන අතුකෝරල ( පසුගියදා ලක්ෂ 60  වටිනා කාර් රථයක් සමඟ විශ්‍රාම ගොස් ඇත .) කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ( ජනාධිපති ගෝඨාභය විසින් ඔහු පොලිස්පති තනතුරෙන් පිහිටවන බවට මේ වන විටත් දැනුම් දී ඇත .) ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන නන්දන මුණසිංහ (තවත් මාස දෙකකින් ඔහු පාවිච්චි කරන ලද නිල රථයක් සමඟ විශ්‍රාම යෑමට නියමිතය .) සමග සහ මොණරාගල ප්‍රදේශ භාර පොලිස් අධිකාරීවරයා (පසුගියදා ඔහු ජේෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කොට ඇත)  මීට අයත්ය.

ප්‍රහාරකයින් ට සහ සැලසුම් කරුවන් ට අවශ්‍ය ඉඩප්‍රස්ථා සලසමින්, තමන්ට ජනාධිපති බවට පත්වීමට  මනා කැපවීමක් කළ එම නිලධාරීන්ට තමාගේ යුතුකම ඉටු කළ ජනාධිපති වරයෙකු වශයෙන් ඉතිහාසයට එක් වනු ඇත.


Spread the love

Leave a Comment

You may also like