උණුසුම් පුවත්

දෙරණේ නයාට නොදවෙනි දිලිත් ගේ හෙළුව චීනෙන් හෙලිවෙයි

Spread the love

ශ්‍රී ලංකා චීන තානාපති කාර්‍යාලයෙන් නිකුත් කෙරුණු බවට පසුගියදා ප්‍රචාරය වූ ව්‍යාජ ලිපිය දිලිත් ජයවීර හා මෝනිං පුවත් පත එක්ව ගොතා ජනාධිපති මාධ්‍ය අංශය මගින්ම ලීක් කරන ලද ලිපියක් බව ලංකාදවසට වාර්තා වේ.

මෙම ලිපියේ දක්වා තිබුණේ චීන රජය මගින් ශ්‍රී ලංකාව ලබා ගෙන තිබූ ණය සඳහා වසර පහකට ණය විරාමයක් ලබා දීමට එකඟතාව පළ කර ඇති බවයි.

මේ මගින් IMF ණය ලබා ගැනීමට සහතිකයක් ලැබෙනු ඇතැයිද එමගින් විශ්වාසය පල කර තිබිණ.

එහෙත් චීන තානාපති කාර්‍යාලය මගින් මෙම ලිපිය තමන් එවනු ලැබූවක් නොව ව්‍යාජ ලෙස සකස් කෙරුණු එකක් බව පවසනු ලැබීය.

දිලිත්ගේ ඉරිදා මෝනිං පුවත් පත දිගින් දිගටම මේ පිළිබඳ පුවත් මුල් පිටුවේම පළ කර තිබුණු අතර මේ ඉරිදා පුවත්පතේද මුල් පුවත ලෙස පළ කර තිබුණේ ණය විරාමයක් ලබා ගැනීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සාකච්ඡා ඇරඹීමට නියමිත බවය.

දිලිත් යනු ගෝඨා බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියේ මහ මොළකරුවකු වූ අතර දැන් ඔහු ගෝඨා අතහැර රනිල්ට කිට්ටු වී බරපතල ඩබල් ගේමක් ගසන්නකු බව රහසක් නොවේ.

විටෙක ජනාධිපති බවට පත්වීමේ හීනයකද සිටින ජයවීර සර්ගේ පුත්‍රයා චීනයට හොඳ හිත පෙන්නමින් කොළඹ පෝට් සිටියේ සියලු ප්‍රචාරක කටයුතු තම PR ඒජන්සිය වන හාඩ් ටෝක් වෙත පවරාගෙන තිබෙන අතර අනික් පැත්තෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය සමගද සමීපව කටයුතු කරයි.

ඉන්දීය 74 වැනි නිදහස් සමරුව වෙනුවෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලයේ පසුගියදා පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට ආරාධනා ලැබූ එකම මාධ්‍ය හිමිකරුවා දිලිත් වීමෙන් එය හොඳින් ඔප්පු වෙයි.

එම භෝජන සංග්‍රහයට ගෝඨා හා මහින්ද එක්වුවත් රනිල් එය මග හැර ඇත.

දිලිත්ගේ අධීක්ෂණයෙන් නිමවූ ව්‍යාජ ලිපිය ජනාධිපති මාධ්‍ය අංශයේ අයකු හරහා ප්‍රචාරය කර ඇති අතර එය සකස් කොට ඇත්තේ ජංගම දුරකථනයක් මගිනි.

දිලිත් ගේ හොර ලිපිය……

අදාල පුද්ගලයන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කළහොත් එය සොයා ගත හැකි වනු ඇත.


Spread the love

Leave a Comment

You may also like