උණුසුම් පුවත් උණුසුම් පුවත්

අවුරුදු හැටෙන් පස්සේ ආච්චිලා සීයලා කරන රස්සාව ගැනත් හොයන්න කම්කරු අමතිතුමා

Spread the love

අවුරුදු හැටෙන් පස්සේ අත පය වලංගු කමක් ති⁣බේ නම් ,කාත් කවුරුත් සළකන්නේ නැති නම් එදා වේල හම්බ කරගෙන කන්න තියෙන රස්සාව ක්ලීනින් කම්පනි එකකට සම්බන්ධ වීමය.අද මෙරට පහසුවෙන් සම්බන්ධ වීමට තියෙන රස්සාවද ඒකය.රස්සාව ලබා ගැනීමට චරිත සහතික, අධ්‍යාපන සහතික,පොලිස් සහතික අවශ්‍ය නැත.දේශපාලඥයකුගේ රෙකමදාරුවක් ඕනෑ වෙන්නේද නැත.

රස්සාව බොහොම ලාභය .සිල්ලරය.

තඹ දොයිතුවක සමාජ වටිනා කමක් නැත.ඇගයීමක් නැත.රජයේ හෝ පෞද්ගලික රෝහලකදී , කාර්යාලයකදී මේ අසරණයින් ඔබට දැක ගත හැකිය.සේවාව සපයන ආයතනයෙන් ඔවුන් රැක බලා ගන්නේ නැත.ඉන් ඔවුන් වෙත දෙන්නේ කොස්සක් ඉදලක් හා පිරිසිදු කිරිමේ දියර ⁣පමනය.ඒ ආයතනයේ වැසිකිලි කැසකිලි  පිරිසිදුව තිබේ නම් ඒ හොඳටම ඇතිය.

ඕටී බටා නැත.වෛද්‍ය පහසුකම් නැත.සුබ සාධන ආධාර නැත.ඊටීඑෆ් ඊෆීඑෆ් ආදී රැකියා ආවරණයන්ද නැත. 

නමුත් මේ බයාදු වී අසරණව අනුන්ගේ කැත කුණු ශුද්ධ පවිත්‍ර කරමින් ජීවත්වන්නේ අපේ රටේම මිනිසුන්ය.

රටේ මිනිසුන් කීවාට වැඩිහි⁣ටි පරම්පරාවට අයත් අම්මලාය .තාත්තලාය .ආච්චිලාය.සීයාලාය.

එහෙත් මේ රටේ වැඩිහිටි පුරවැසියන් විදියට ගරු සම්මාන ලබන්නේ රජයේ සේවයෙන් විශ්‍රාම ගිය අයවළුන් පමණි.එහෙත් මේ මිනිසුන් ඒ සම්මානනීය පුරවැසි කැටගරියට හසු නොවේ.මොවුන් අයිති වන්නේ කෑලි ගානටය.  

ආණ්ඩුව කිසිම දවසක රටේම ⁣කැත කුණු අදින ,පිරිසිදු කරන මේ අහිංසකයන් ගැන ඇහැක් ඇර බලා නැත.එහෙත් මේ වැඩිහිටි මිනිසුන්ගේ උදාර සේවාව රාජ්‍ය නියාමනයට ලක් විය යුතුය.එසේ නැති නම් වැඩිහිටි පරම්පරාවට අයත් මේ අහිංසකයන් සූරා ගෙන කන්නේ ක්ලීනින් කම්පැනි කාරයන්ය.

කම්කරු ඇමති මනූෂ නානායක්කාර මේ අහිංසකයන් ගැන සොයා බැලුවා නම් හොදය.කම්කරු අමාත්‍යංශයට හුස්ම ගන්නා හදවතක් ඇති බවට අපට සිතා ගන්නට පුළුවන් වන්නේ එවිටය.


Spread the love

You may also like