උණුසුම් පුවත්

සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් උදෙසා ගංජා නීත්‍යානුකූල ව්‍යාපාරයක් කිරීමට කැබිනට් පත්‍රිකාවක් – බඩඉරිඟු වගාවට යැයි නිශ්ශංක සේනාධිපතිට දුන් අක්කර 2750 ත් ගංජා වගාවට සූදානම්

Spread the love

Cannabis sativa L නැමැති විද්‍යානුකූල නාමයෙන් හදුන්වනු ලබන කවුරුත් ව්‍යවහාරයේ භාවිතා කරන ගංජා නොහොත් කංසා වගාව සඳහා ශ්‍රී ලංකාව මේ වනවිට සූදානම් වෙමින් පවතින බව අප වෙත දැන ගැනීමට ඇත. මේ සඳහා ඉදිරි දිනයකදී  සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවසර ලබා ගැනීමට නියමිත කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට සියල්ල සූදානම්ව  පවති.

   ශ්‍රී ලංකාවේ වගා නොකරන ලද රජයේ ඝන කැලෑවන් සහ රජයේ ඉඩම් අක්කර 20000 ඒ වෙනුවෙන් වෙන් කිරීමට සූදානම් බව අප වෙත දැන ගැනීමට ඇත. පසුගියදා රඹකැන්ඔය ජලාශය ආශ්‍රිතව ඉඩම් අක්කර 2750 ක භූමි ප්‍රමාණයක් බඩ ඉරුගු වගාව වෙනුවෙන් පුද්ගලික සමාගමකට ලබා දෙන ලදී, නිශ්ශංක සේනාධිපති නමැති ඇවන්ගාඩ් අයිතිකරු වෙනුවෙන් එම ඉඩම් කොටස ලබා දී ඇති අතර ,එම ඉඩම තුළ ද ඉදිරි කාලයේ දී ගංජා වගාව  සිදු කිරීමට නියමිත බව අප වෙත දැන ගැනීමට ඇත.

ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවේ ගංජා ප්‍රචලිත ව්‍යාපාරයක් වශයෙන් සුළු සහ මධ්‍ය පරිමාණ ආකාරයෙන් වගාකොට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ට අවශ්‍ය ප්‍රමාණය ලබාගෙන අතිරික්තයන් අපනයනය සඳහා යොමු කිරීමටද රජය සූදානම් වන බව අප වෙත ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගැනීමට ඇත.

එහෙත් මේ පිළිබඳව පසුගිය රජය සමයේදී ගංජා දේශීය ඖෂධයක් වශයෙන් නිෂ්පාදනය කිරීමට සූදානම් බවට රාවයක් පැතිරීමත් සමඟ ම වර්තමාන රජයේ මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් ප්‍රසිද්ධියේම ජනතාවට කියා සිටියේ විශාල සමාජ  සහ සංස්කෘතිකමය වශයෙන් පරිහානියක් රට තුළ සිදුවන බව ය. එහෙත් මේ වන විට ඔවුන් සියලු දෙනාම මුනිවත රකින බව ද අපට පෙනී යයි.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like