උණුසුම් පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද ලංගම ,වරාය ,මෙන් දේශපාලන අනාථයන්ට රැකියා දෙන තැනක්.

Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද ලංගම ,වරාය මෙන් දේශපාලන අනාථයන්ට රැකියා දෙන තැනක් බවට පත්ව ඇතැයි වාර්තා වේ.
මේ අතර යුද හමුදාවෙන් හා පොලිසියෙන්  විශ්‍රාම ගිය අය පමණක් නොව පොලිසියේ  රැකියාව කරමින් එහි පඩියත් ගනිද්දී  නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ටද ලක්ෂ එකහමාරක් හා ඉන්ධන දීමනාවක් ගෙවන බව අප ඊයේ වාර්තා කළෙමු.
මේ බව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේද ප්‍රශ්න  කර සිටියේය.
මෑතකදී කෙත්තාරාම ක්‍රීඩාංගණයේ කළමනාකරු ලෙස තවත් හිටපු උසස් හමුදා නිලධාරියකු වැඩට බඳවා ගෙන තිබේ.
තවත් විශේෂ සිද්ධියක් වන්නේ විශ්‍රාම යාමෙන් පසු හිටපු ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල්  රොෂාන් ගුණතිලකද කලක් ක්‍රිකට් ආයතනයේ ආරක්ෂාව පිළිබඳ උපදේශක ලෙස ලොකු වැටුපකට සේවය කළ නමුත් ඔහු බස්නාහිර පළාතේ ආණ්ඩුකාරයා ලෙස පත්වීමක් ලබා ගියද ක්‍රිකට් ආයතනය ඔහුගේ වැටුප එලෙසම ගෙවීමයි.
මොහුට අමතරව ආරක්ෂාව භාරව හිටපු පොලිස් විශේෂ බලකා නියෝජ්‍ය පොලිස්පතිවරයකුද කටයුතු කරයි.
බස්නාහිර පළාතේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ටද  වැටුපක් ගෙවා අගෝස්තු මාසයේ සිට රැකියාව ලබා දී ඇත්තේද ආරක්ෂක කටයුතු භාර උපදේශකයකු ලෙසය.


Spread the love

Leave a Comment

You may also like