උණුසුම් පුවත්

ඡන්දය තියන බව ස්ථිරයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි

Spread the love

මේ වන විට රජය එළඹෙන පලාත් පාලන මැතිවරණය පැවැත්වීම කඩා කප්පල් කිරීම සඳහා 19 වතාවක් උත්සාහ ගෙන තිබෙන බව අනාවරණය වේ.මෙහිදී මැතිවරණ කොමිෂමේ සාමාජිකාවක ඉල්ලා අස්වීම සඳහා ජනපතිවරයාට ලිඛිතව බාර දුන් බවද වාර්තා විය.එහෙත් මේ වන විට එම අස්වීමේ ලිපිය ජනපතිවරයා විසින් බාර ගත් නොගත් බව පැවැසේ.එය එසේ තිබියදී මැතිවරණ කොමිෂමේ සාමාජිකයන් දෙදෙනෙකුට දුරකතන පණවුඩයක් මගින් මරනීය තර්ජනය කළ බවට එම සාමාජිකයන් විසින් පැමිණිලි කර තිබේ.මෙම දුරකතන තර්ජනය විදේශයක සිට ගත් ඇමතුමකින් ලැබී ඇති අතර එය එකම දුරකතන අංකයකින් ලැබී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ජනපතිවරයාට ලිඛිතව දන්වා ඇත්තේ පලාත් පාලන මැතිවරණය බාධාවකින් තොරව පැවැත්වීමට උපකාර කරන ලෙසය.දිස්ත්‍රික්ක 12 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇති බවද වාර්තා⁣ වේ.
මෙහිදී කවුරු බාධා කළද පලාත් පාලන මැතිවරණය ස්ථිර වශයෙන්ම පැවැත්වෙන බව ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ඊයේ (28) පැවැති මහජන රැළියකදී පවසන ලදී.ජාතික ජන බල⁣වේගය නියෝජනය කරන නීතිඥ සුනිල් වටගල පසුගියදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී එළඹෙන පලාත් පාලන මැතිවරණය ව්‍යවස්ථානු කූල අයිතියක් බවත් එය නොපැවැත්වීමට කිසිම බලධරයෙකුට නොහැකි බවත් අවධාරණය කරන ලදී.
එහිදී නීතිඥ සුනිල් වටගල අවධාරණය කරන ලද්දේ මෙරට පලාත් පාලන මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු දෙකක් පවතින බවත් එම තීන්දු වලින් ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු කර ඇති බවය.
කෙසේ වෙතත් පලාත් පාලන මැතිවරණය නොපවත්වන ලෙසට විශ්‍රාමික හමුදා කර්නල් වරයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධයෙන් දෙන තීන්දුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  අතීතයේදී ඇති පූර්වාදර්ශ තීන්දු  මත පිහිටා ස්ථිර වශයෙන්ම මැතිවරණය පැවැත්වීමට නියෝග කරනු ඇති බව ජාතික ජන බලවේගයේ අදහස වී ඇති බව පෙනී යයි.
එය එසේ නොවුනහොත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳව දැඩි  අර්බුදයක් නිර්මාණය වීමට ඉඩකඩ පවතී.
රට තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමට ආණ්ඩුව උත්සාහ කළ හොත් එහි ප්‍රතිඵලය ඉතා භයානක විය හැකි බව මෙරට  මැතිවරණ නිරීක්ෂක සංවිධාන වල අදහසයි.එය ජාත්‍යන්තරවද මෙරට විශාල බලපෑමක් ඇති විය කාරණයක් වනු ඇතැයිද එම සංවිධාන පවසා සිටී.ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයන් 7000ක් පලකේ පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා යෙදවීමට එම  මැතිවරණ නිරීක්ෂණ සංවිධාන
 සැළසුම් කර තිබේ.

Spread the love

Leave a Comment

You may also like