උණුසුම් පුවත්

පවිත්‍රා දේවී මුට්ටිය විසිකර දින 50යි. මරණ 150යි…. ආසාදිතයින් රට පුරා

Spread the love

  ගෝලීය වසංගතය නොනිදන ලෝකයක් බවට පත්කලේ සෞඛ්‍ය අංශ දිවා  රෑ නොතකමින් උත්සුක වන්නේ Covid 19 වෛරසයට ශක්තිමත්ව මුහුණ දිය හැකි එන්නත් නිෂ්පාදන වෙනුවෙනි….
වෛරසය වෙනුවෙන් ලෝක අවධානය හා සූදානම.
උද්ගතව ඇති තත්වය හමුවේ ලෝකයේ බොහෝ රටවල් විද්‍යාවට ප්‍රමුඛත්වය දෙමින් මේ වනවිටත් සාර්ථකව එන්නත් අත් හදා බලමින් ඒවා ගබඩා කලයුතු විශේෂ පරිසර තත්ව වෙනුවෙන් නවතම අධිශීතකරණ ලහි ලහියේ නිෂ්පාදනය කරමින් බිහිසුනු වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට කයටුතු කරමින් සිටින්නේ ජනතාවගේ  ආර්ථිකයට ද විශාල ශක්තියක් වෙමිනි.
Covid 19 වෛරසයට ශ්‍රී ලංකාවේ සූදානම…..
උද්ගතව ඇති බිහිසුණු වෛරසයේ පාලනයෙන් ගිලිහී ඇති තත්වය නිර්මාණය වීම සම්පූර්ණයෙන් ම වත්මන් ආණ්ඩුව හා සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවී වන්නිආරච්චි වගකිවයුතු බව අප විශ්වාස කරමු..
මක්නිසාදයත් කොරෝනා පළමු රැල්ල ඇතිවීමට පෙර සිටම ජනජීවිත වලට හෙණ ගැහුනද බලය වෙනුවෙන්ම ක්‍රියා කල ජඩ දේශපාලකයෝ පම්පෝරි ගැසුවා විනා කල කිසිදෙයක් නැත.ගුවන්තොටුපලේ යන්ත්‍රසූත්‍ර සවිකොට ඇති බවත්, කොරෝනා මර්ධනයේ ප්‍රමුඛයා වීමේ අධිමානයෙන් පෙලීමත් වැනි කාරනා ඉතා ඉහලින් සිදු කල බව කිව යුතුය.
වගකිවයුතු මැති ඇමතිවරු නායකයන් ලෙස  ක්‍රියා නොකොට මිත්‍යාව කරපින්නා ගත් අපේ සෞඛ්‍ය ඇමතිනී කොරෝනා මුට්ටිය ගං පතුලට විසිකොට කොරෝනා මැඩලන්නට සිතන තරම් අවිද්‍යාවෙන් මිත්‍යාවේ හිනිපෙත්තටම ගොස් ලොවක් ඉදිරියේ රටක් හෑල්ලුවට ලක් කොට අවසානය….
ඒ මුට්ටි සෙල්ලමට පසු අද වනවිට කොරෝනා මරණ සංක්‍යාව 171ක් දක්වා ඉහලගොස් ඇති අතර ආසාදිතයින් 36600ත් ඉක්මවා ගොස් ඇත,
තත්වය එසේ තිබියදීද තවමත් ජනතාව රටවමින් අගාදයකට ඇදදමමින් සිටින වත්මන් ජඩ දේශපාලකයන් විද්‍යාවෙන් වෛරසයට ප්‍රතිකාර කිරීම වෙනුවට ජනතාව මිත්‍යාවේ අදුරු පැණි වෙත තල්ලු කරමින් ඔවුන් ඉතා සුඛෝපභෝගී දිවිගෙවමින් සිටී… මේසා විශාල ව්‍යසනයක් තුලද වෛද්‍ය විද්‍යානුකූලව පිළියම් සොයනවා විනා ජනතාවට කිසිදු සායනික පරීක්ෂාවකින් තහවුරු නොවුනු මිත්‍යාවෙන් හා අවිද්‍යාවෙන් සෑදූ පැණි පොවමින් ඒවාට රාජ්‍ය අනුග්‍රහයද ලභා දෙමින් මිත්‍යාවේ ගිල්වන්නේ අන් කිසිවක් නිසා නොව මේ වනවිට සොයාගෙන ඇති එන්නත ගෙන්වීමට හෝ එය ආරක්ෂිතව ගබඩා කරගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට කිසිදු නිශ්චිත වැඩපිලිවෙක් හෝ ඒ පිලිබද තැකීමක් නොමැති නිසාවෙනි….
අපට කීමට ඇත්තේ පැණි අවශ්‍යතාවෙන් පෙලෙන අයට පැණි ලභා දී එන්නත බලාපොරොත්තු වන මිත්‍යාගත නොවූ ජනතාවට වහාම එන්නත ලභාදී ඔවුන්ගේ ජීවිතා අපේක්ෂාව තහවුරු කරන ලෙසය.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 


Spread the love

Leave a Comment

You may also like