උණුසුම් පුවත්

අපරාධකරුවෙකු වු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ගෙන්  විමර්ශකයන්ට සහ සාක්ෂිකරුවන්ට දැඩිසේ බලපෑම් -මෙම සත්‍ය අසත්‍යතාවය තහවුරු කිරීමට වහාම දුරකතන කුළුණු වර්තාවක් කැදවන්න

Spread the love

පසුගියදා ගෝල්ෆේස් අරගලයට පහරදීම සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණ කටයුත්තක් පවතින අවස්ථාවකදී  දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා වශයෙන් කටයුතු කිරීම අපරාධ විමර්ශකයන්ට දැඩි සේ බලපෑම් කරමින් තිබෙන බව අප වෙත පොලිස් ආරංචි මාර්ග වලින් තහවුරු වී ඇත

මෙය මේ පිළිබඳව අප සොයා බැලීමේදී එම තත්ත්වය තව තවත් තීව්‍ර වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාද ටිරාන් අලස් විසින් ඉවත් කොට ඊට ගෙන්වා ඇත්තේ දේශබන්දු තෙන්නකෝන්ගේ ලැයිස්තුගත තවත් පට්ටම දුෂිතයෙකි.

දේශබන්දු තෙන්නකෝන් මෙම විමර්ෂණයට බාධාවක් බවත් වහාම ක්‍රියාත්මක වනපරිදි නිතිපති කියා ඇත්තේ ඔහු ඉවත් කොට වෙනත් ප්‍රදේශයකට මාරු කරන ලෙසයි ඒත් පොලිස්පති වික්‍රමරත්න එසේ නොකරන්නේ කාගේ බලකිරීම නිසාදැයි වහාම රටට හෙලිකල යුතුය.

පසු ගිය දා දේශබන්දු තෙන්නකෝන් විසින් අවස්ථා ගනනාවක් තුලදි ගෝල්ෆේස් සිද්ධියේ සාක්ෂි දෙනු ලබන පුද්ගලයන් ගේ නිවාස පිලිබදව සොය බැලීමට පැලියගොඩ බුද්ධි අංශ නිලධාරින් යොදවා තිබීමද අධිකරණයට දැඩිව කරණ ලද බලපෑමකි.

එසේම මොහු අවස්ථා කීයකදීම හිටපු අපරාධ පරික්ෂණ දෙපාර්ථමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති තිලකරත්න ට දුරකතනයෙන් කතාකොට “තමා මිලඟ පොලිස්පති වීමට සිටින නිසා ඊට අනාගතයේ බලපැම කලහැකි වාර්තාවක් නොදෙන ලෙසට බලපැම් කර ඇති ” බවද අපගේ තොරතුරු කරුවන් හෙලිකරයි.

මේ නිසා දැන් මෙම කරුණු වල සත්‍ය අසත්‍යතවය සෙවීම අධිකරණයේ වගකීමකි. එනිසා වහාමඅපරාධ පරික්ෂණ දෙපාර්ථමේන්තුවෙන් දුරකථන කුළුමුවාර්තාවක් කැදවිය යුතුය.

මේ සියල්ලම දේශබන්දු අද සිදුකරන්නේ ඔහු ගේ ඥාණා වනදනාවේ යන හා බෝතල් මිතුරා පොලිසිය භාර ඇමති වීම නිසාය. මේ ලංකාවේ අමුතු ඇටේ අසිරියයි


Spread the love

Leave a Comment

You may also like