උණුසුම් පුවත්

රනිල් ගෙන් දුමින්දට අමුතුම තාලේ තෑග්ගක්

Spread the love

පසු ගිය 26 දින අකුරුගොඩ යුධ හමුදා කදවුර ආසන්නයේ දි ධම්මික ආටිගලගේ පුතාගේ විවාහ මංගල්‍ය පවැත්විය. එහි ප්‍රධාන ආරාධිතයා සේම ආටිගල පවුල වෙනුවෙන් තම ඥාති පුත්‍රයා ගේ විවාහයට අත්සන් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකලේය.

මෙම අත්සන් කිරීම චාරිත්‍රානුකූලව සිදු වීමෙන් අනතුරුව ධම්මික ආටිගල හා විවාහ ගිවිස ගත් දුමින්ද ආටිගලට හා පැමිණ සිටි සියල්ලටම ඇසෙන ආකාරයට ” දුමින්ද ඔන්න මගේ වෙඩින් තැග්ග මම ඡන්දෙ තියන් නෑ…ඔයා ඕනි තරන් නිවාඩු ගතකරන්න …” යැයි  රනිල් පැවසීය. රනිල් වික්‍රමසිංග තම පරාජය පෙනි පෙනි විවිධ උපක්‍රම ගොතමින් පලාත් පාලන මැතිවරණය නොතියන බව අපි අවස්ථා ගනනාවකදිම රටට හෙලිකලේ අපේ බුද්ධි නිලධාරින් ගේ මග පෙන්වීම නිසාය.

දැන් රනිල් ප්‍රසිද්ධියේම කියන්නේ තම කූට උපක්‍රමයන් යොදා මැතිවරණය කල් දමා ඉන්දියාවේ හා ඇමරිකාවේ අවශ්‍යතාවය මත 13 වනි සංශෝධනයට අනුව පොලිස් හා ඉඩම් බලතල ලබාදි 2024 දි ජනාධිපතිවරණයකට යාමේ උවමනාව මතය.

 යම් හෙයකින් ජනාධිපතිවරණයකට ගිය හොත් දකුණේ දේශපාලකයන් ගේ බෙදිමහේතු කොට ගෙන රනිල් ප්‍රධාන රාජපක්ෂ පවුල නැවතත් මෙරට බලය ඩැහැ ගැනීම කිසි විටකත් වලක්වාලිය නොහැක්කේ  13 වන සංශෝධනයෙන් උතුරු නැගෙනහිර වැඩි ඡන්ද ප්‍රමානයක් රනිල්ට ලබාදිම මේ වන විටත් දෙමල ඩයස් හෝරාව පොරොන්දු වී ඇති නිසාය.

යම් හෙයකින් 13 වන සංශොධනය බහුතර සිංහල ජනතාවගේ අකමැත්ත මත දේශපාලකයගේ බලය වෙනුවෙන්ම පමණක් කල හොත් නැවතත් ජාතින් අතර සැකය රෝපනය වී තවත් අසාමාන්‍ය යුද්ධයක මුල බීජයම එය වන බව අපි අද සටහන් කර තබන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like