උණුසුම් පුවත්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග නැවත ඉපදෙයි….

Spread the love

මිල්ටෙරි නන්දසේනගේ මුඛ පූට්ටු විය හැකි  ප්‍රවෘත්තියක් හේග් නුවරින් අපට වාර්තා වෙනවා.ඒ මිල්ටෙරි නන්දසේන ආරක්ෂක ලේකම් අවදියේදී මෙලේච්ඡ ලෙස ඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත  වික්‍රමතුංගගේ ජීවිතය 2021 නොවැම්බර් මස 2 වනිදා මධ්‍යම යුරෝපීය වේලාවෙන් පෙරවරු නවයේ සිට පස්වරු හය දක්වා  කාලය තුලදී නැවත හුස්ම අරගන්නට පටන් ගන්නා බවට ඒ තොරතුරේ දැක්වෙනවා.

හේග් නුවරදි ලසන්තගෙ ජීවිතය නැවත හුස්ම ගනිද්දි මිල්ටෙරි නන්දසේනගෙ දඩයම් බල්ලන් ඔහු ඝාතනය කරපු තිරිසන් විදිය මුළු ලෝකයටම දැනගන්න  අහන්න ලැබේවි.හැබැයි එදාට ලසන්ත ගෙ හඬ නවත්වන්න ජනාධිපති  මිල්ටෙරි නන්දසේනටවත් එයාගෙ කීකරු ඔඩොක්කු කුක්කා මේජර් ජනරාල් සලේටවත් බැරිවෙයි.ඕන නම් මිල්ටෙරි නන්දසේනටයි එයාගෙ ඔඩොක්කු කුක්කටයි ලසන්ත හුස්ම  ගන්න හඬ අහන් ඉන්න නම් පුළුවන්.එච්චර තමා ඉතින් කරන්න පුළුවන්.
එහෙම නැතුව මියගිය ලසන්තව හේග් නුවරදි එදාට  සාක්කි කූඩුවට නංවන සංවිධාන වල සාමාජිකයො උස්සන්න එයාලගෙ අම්ම අප්පගෙ පැටිකිරිය හොයන්න එයාල එකෙක් දෙන්නෙක් උස්සන්න සුදු වෑන් යවන්න මිල්ටෙරි නන්දසේනට බැහැ.ඒව වච්චයි.
අර ඉහත සඳහන් දිනයට හේග් නුවර සිද්ධ වෙන වැඩ පිළිවෙල සංවිධානය කරල තියෙන්නෙ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ ආරක්ෂක කමිටුවෙ (CPJ)සාමාජිකයන් විසින්.මේ කණ්ඩායම එක්ක ෆ්‍රී ප්‍රෙස් ලිමිටඩ්,දේශසීමා නැති වාර්තාකරුවන්, යන සංවිධානද සම්බන්ධයි. 
ඔවුන් කියන විදියට ලෝකය පුරාම මාධ්‍යවේදීන්ට එරෙහිව හිංසනය ඔවුන් දඬුකඳේ ගැහීම වගේ දණ්ඩන ඉහල යමින් තියෙනවා.ඔබ දන්නවද දන්නෑ 1992 අවුරුද්දෙ ඉඳල ලෝකය පුරාම  මාධ්‍යවේදීන් එක දහස් හාරසියයක් මරල දාල  තිබුනත් මේ සාහසික අපරාද දහයෙන් අටක මිනීමරුවන් තවමත් නිදහසේ ඉන්නවා.ඒ ලසන්තගෙ ඝාතනය කරන්න උපදෙස් දීපු මිල්ටෙරි නන්දසේන වගේ.
මිල්ටෙරි නන්දසේන  ඊයෙ පෙරේද ඇමරිකා ගැහිල්ල  තමන්ගෙ මිණිබිරී වඩාගෙන පොටෝ ගහල අන්තර්ජාලයෙ දාල ති⁣බුණ.මගෙ අම්මෝ ඒ පොටෝවෙ තියෙන මිල්ටෙරි නන්දසේනගෙ ආදරණීය හිනාව.සීයා කෙනෙක් ගෙ ආඩම්බරකාර හිනාව.ඒත් මේ පොටෝව දැක්කම ලසන්තගෙ දුවාට මොනව හිතුනද දන්නෑ.එයාට කවදාවත් එයාගෙ දරුවන්ව සීයට වඩා ගන්න දෙන්න බෑ.ඉතින් ලසන්තගෙ දුවාගෙ හදවත මිල්ටෙරි නන්දසේනගෙන් මේ විදියට ප්‍රශ්න කරනව ඇති කියල අපට හිතෙනවා

“…පාහර මිනීමරු බල්ලා මගේ තාත්ත මැරුවෙ උඹ.උඹට හෘද සාක්ෂියක් තියෙනවද යකෝ .ඇත්තටම උඹට හෘද සාක්ෂියක් තියෙනවද.ඔය වඩාගෙන ඉන්න ඔය මිණිබිරී උඹ මිනීමරු තිරි⁣සනෙක් විත්තිය දැනගත්තනම් ඒකි කවදාවත් උඹට තුරුළු වෙන්න තියා ළඟට එන්නෙ නැති වෙයි.කෝමත් මිනීමරු බල්ලා උඹ ජීවත්වෙන්නෙ මැරි මැරී කියල මං දන්නවා.ඒත් මගේ තාත්තා හැමදාම හිනාවෙවී ජීවත්වේවි..

ලසන්තගෙ දුවා මිල්ටෙරි නන්දසේන ගැන ඒ විදියට හිතන්නෙ නැතුවුනොත් තමා පුදුම වෙන්න ඕන.
නොවැම්බර් දෙවනිදා හේග් නුවරදි හුස්ම ගන්නෙ අපේ ලසන්ත විතරක් නොවෙයි කියලත් කියන්න ඕන.ලසන්ත වගේ සාහසික විදියට මරල දාපු තවත් රටවල් දෙකක මාධ්‍යවේදීන් දෙන්නෙකුගෙ ජීවිතත් පණ ගැන්වෙනවා.ඒ මැක්සිකෝවෙ මිගෙල් ලෝපෙස් වෙලෙස්කෝ හා සිරියාවෙ නබිල් අල්
ෂර්බාජි කියන මාධ්‍යවේදීන් දෙදෙනා.
මේ මාධ්‍යවේදීන් ගේ ඝාතනයන් ගැන ⁣සොයන්න ස්ථිර මහජන විනිශ්චය සභාවක් කැඳ⁣වන ලෙස එදිනට මෙහිදී ඉල්ලාවි.චෝදනා පත්‍රය එල්ලවෙන්නෙ සිරි ලංකාවට මෙක්සිකෝවට හා සිරියාවට විරුද්දවයි.
මේ විවෘත නඩු විභාගයේදී පැමිණිල්ල මෙහෙයවන්නෙ ජාත්‍යන්තරව ප්‍රසිද්ධ මානව හිමිකම් නීතිඥ අල්මු
දෙනා බර්තබියු විසින්.ඒ එක්කම මේ අවස්ථාවේදී ලෝකයේ ඉහල පැලැන්තියේ ගෞරවණීය නීති විශාරද මණ්ඩලයේ සාමාජිකාවක් වෙන බැරනොස් කෙනඩි විසින් මාධ්‍ය නිදහස ගැන දේශනයක් පවත්වනවා.
ඉහත දිනයෙදී පැවැත්වෙන නඩු විභාගයට [email protected] විද්‍යුත් තැපෑලෙන් ඊයක් යැවීමෙන් කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්.එහෙම නැතිනම් saferworldforthetruth.com හරහා මේ නඩු විභාගය සජීවීව නරඹන්නත් පුළුවන්.
ලසන්තව මරන්නෙ සතුන් මරන්න තියෙන ආයුදයක් පාවිච්චි කරල.හරිම තිරිසන් විදියට.ලසන්තව මරල දාන ඈයො ආපු යතුරු පැදි දෙක පැහැර ගත්ත ඒව.හැබැයි මිල්ටෙරි නන්දසේනගෙ දඩයම් බල්ලන් ලසන්තගෙ ඝාතනය එල්ටීටී එකෙන් සිදු කළාය කියන්න තවත් අහිංසකයො දෙන්නෙක් වවුනියාවෙදි පැහැරගෙන ගිහිල්ල වෙඩි තියල මරල අනුරාධපුරේ ගම්මිරිස්වැව පැත්තෙදි පුච්චල දානවා.
ඒ විදියට ඝාතනය කරන්නෙ අර යතුරු පැදි දෙකේ අයිතිකාරයො දෙන්න.  ඒ දෙන්නම එල්ටීටී සංවිධානයට කිසිම සම්බන්ධකමක් නැති දෙමළ ජාතිකයො දෙන්නෙක්.ලසන්තගෙ ඝාතනය ගැන පරීක්ෂණ පවත්වන නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාරත් ඡේ.පොලිස් අධිකාරී හේමන්ත අධිකාරීත් තමයි ලසන්තගෙ ඝාතනය එල්ටීටී එකට බැර කරන්න උත්සාහ  කෙරුවෙ.මේ ඝාතනය වෙද්දි ගල්කිස්ස පොලීසියෙ අපරාද අංශයෙ ස්ථානාධිපති වරයා වෙලා හිටිය පොප සුගතපාල⁣ ⁣ලසන්ත ඝාතනය ගැන පරීක්ෂණ කරද්දි ඔය හෙවිල්ල නතර කරපන් කියල තර්ජනය කරන්නෙ ඡේ.පොලිස් අධිකාරී හේමන්ත කියන එකා.ලසන්තගෙ ඝාතනයට මිල්ටෙරි නන්දසේනගෙ දඩයම් බල්ලන් සමිබන්ද වුනා වගේම ඝාතනයෙන් පස්සෙ ඒක යට ගහන්න මෙි පොලිස් සත්තු දෙන්නයි ඒ දවස්වල 
හිටපු පොලිස්පතියි කෙලින්ම සම්බන්ධ වෙලා තියෙනවා.  
තමන්ගෙ රැලේ හිටපු ඡ්‍යෙෂ්ඨයෙක් තිරිසන් විදියට මරා දැමීම ගැන⁣ මේ රටේ බොහොමයක් මාධ්‍යකාරයන්ට තවමත්
ගානක් නෑ.⁣කොහොමත් මේ රටේ මාධ්‍යවේදීන් කියා ගන්නා කියන උන්ගෙ කොඳු නාරටියෙ තියෙන්න ජෙල් .
හැම පැත්තට නැවෙන කොදු නාරටි තමා වැඩි හරියකට තියෙන්නෙ. ඒ වගේම මුන් හරිම පරාණ බයයි.ඒ පරාණ බය නිසාම මුන්  අද මිල්ටෙරි 
නන්දසේන ගැන ප්‍රශස්ති ලියනවා. 
මනුස්සයෙක් ඉපදිච්ච රටේදි ඝාතනය වෙලා ඒ ඝාතනයට ඒ රටේදි  සාධාරණයක් නොවෙද්දි
මිනිස් ජීවිත වලට ආදරය කරන තවත් මිනිසුන් පිරිසක් සාහසික ලෙස ඝාතනය වුන ඒ අනෙකා වෙනුවෙන් පෙනී සිටීම   
තුල අපේ රටේ දැනුම් තේරුම් තියෙන වුන්ට මනුස්සකම ගැන පාඩමක් කියල දෙන බවයි අපට හිතෙන්නෙ.

 



Spread the love

Leave a Comment

You may also like