උණුසුම් පුවත්

නාවුක හමුදාපති ගේ ගොන් තකතිරු පින්කම නොහොත් කච්චතිව් දූපත බෞද්ධ කිරීම

Spread the love

කච්චතිව් දූපත මෙරට වයඹ දිග වෙරළ අසන්නයේ පිහිටි ඩෙල්ෆ්ට් දූපතට සැතපුම් 13 ක් පමණ දුරින් සහ දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් සිට සැතපුම් 14 ක දුරින් පමණ පිහිටි දූපතකි මෙහි ස්ථිර පදිංචිකරුවන් නැත.මේ දූපතේ දැකිය හැකි එකම ගොඩනැගිල්ල පාදුවාහි සාන්ත අන්තෝනි සාන්තුවරයා වෙනුවෙන් ඉඳි කර තිබෙන කතෝලික පල්ලියයි.කච්චතිව් දූපත අක්කර 285කින් සමන්විතය.

කච්චතිව් යනුවෙන් අරිසෙන් අහුබුදු ශූරින් විසින් හඳුන්වා ඇත්තේ කැස්බෑවුන්  වසන දූපතය.පාලි බසින් කච්ඡක යනු කැස්බෑවාය.
⁣ලංකාවට අයිතිව පවතින කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගත යුතු යැයි 2008 වර්ෂයේදී තමිල්නාඩුවේ එවකට සිටි මහ ඇමතිනිය වූ   ජයලලිති ජයරාම් එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවා පවරන ලදී.තමිල්නාඩුවේ දේශපාලකයන් වරින් වර මෙම දූපත ඉන්දියාවට පවරා ගත යුතු බවට අදහස් පල කර තිබේ.
සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනයගේ පාලනය සමයේදී 1972 වර්ෂයේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වු අතර ඉන් දෙවසරකට පසු 1974 දී මැතිණිය ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක නිරත වූවාය.එම සංචාරයේදී ඇය කච්චතිව් දූපත ගැන එවකට ඉන්දියාවේ අගමැතිනිය හා පෞද්ගලික සාකච්ඡාවක නිරත වූවාය.එම සාකච්ඡාව සාර්ථක විය.කච්චතිව් දූපතේ අයිතිය ලංකාව සතු බව ඉන්දියානු අගමැතිනිය පිළිගත්තාය.
අනතුරුව දෙරට අතර ගිවිසුම් අත්සන් කෙරිණි. 
මේ වන විට කච්චතිව් දූපත ආශ්‍රිතව උතුරේ මහජන විරෝධයක් මතු වී ඇතැයි අපට වාර්තා වී තිබේ.ඒ ⁣නාවුක හමුදාව විසින් කච්චතිව් දූපතේ බුදු පිළිමයක් ස්ථාපිත කර බෝ පැලයක් සිටුවා බෞද්ධාගමික සිද්ධස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙනි.
වන්දනා මාන කිරීමට කිසිදු බෞද්ධයකු ජීවත් නොවන මෙම දූපතේ  බෞද්ධ සිද්ධස්තානයක් ඉඳි කිරීම අනවශ්‍ය ආගමික ගැටළුවක් නිර්මාණය කිරීම බව අපගේ අදහසයි.මෙය ආගමික වුවමනාවකට වඩා ආගමික ආධිපත්‍ය පැතිරවීමේ අරමුණෙන් ඉඳි කරන ලද්දක් බව පැහැදිලිය.එය ආගමික මතවාදය බලහත්කාරයෙන් අනුන් මත පැටවීමක් ලෙස දැකිය හැකිය.
දීර්ඝ කාලයක් තිස්සේ කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ පවතින වාර්ෂික දේව මෙහෙයට සහභාගි වන  ඉන්දියානුවන් හා ශ්‍රී ලංකිකයන්  ඉතා සාමකාමීව පුද පූජා වල නිරත වූ බව රහසක් නොවේ.එහෙත් නාවුක හමුදාව මේ සිදු කර ඇත්තේ ඒ සාමකාමී වටපිටාව අවදානමකට ලක් කිරීමකි.
සැබැවින්ම මේ ගොන් තකතිරු වුවමනාව ආණ්ඩුවේ වුවමනාවක් නොවන බව අපට විශ්වාසය. ජනපතිවරයා දැනුවත්ව නම් මෙවැනි පටු ආගමික බලහත්කාරකම් සිදු වන්නට ඉඩක් නැත. මේ වුවමනාව නාවුක හමුදාපති හෝ ඔහුගේ හාමිනේගේ  බෞද්ධ උපාසක කමේ හපන්කමක් වන්නට පුළුවන.මේ රටේ හමුදාපති තනතුරු වල පත්වන්නන්ට හා එවුන්ගේ බිරින්දෑවරුන්ට  ආගමික උන්මාදය වැළඳේ.
මේ උන්මාදය වැළඳුන විට මතු ආත්මයේ තවුතිසාවේ ඉපදීමට ආරක්ෂක වැය ශීර්ෂයේ පින් දහම් වලට වෙන් කර ඇති මුදල්  පන්සල් පල්ලි වලට වැය කිරීම සිරිතක් කරගෙන තිබේ.මේ සෑම හමුදාපතියෙක් ගේ බිරින්දෑවරුන් අසල අනාගතය ගැන  උපදෙස් ගන්නා පිස්සු කට්ටඩියෙක්ද සිටී.එම මානසික ආබාධිතයා ගේ ගුරු කම් යාග හෝම සඳහාද කඳවුරු තුළ මෙවැනි ගොන්කම් කරන බවද දකින්නට තිබේ.එය යුද ගුවන් නාවුක කඳවුරු ත්‍රිත්වයටම පොදුය.
කෙසේවෙතත් අපට ලියන්නට ඇත්තේ මේ සිදුවීම  මුල් කරගෙන උතුරේ හා තමිල්නාඩුවේ දැන් ගිනි පුපුරු දැල්වෙමින් තිබෙන බවය.
අපි ආණ්ඩුවේ බලධරයන් ගෙන් ඉල්ලා සිටින්නේ නාවුක හමුදාපති වරයාගේ මේ ගොබ්බ මැදිහත්වීම ගැන ජනපතිවරයා දැනුවත් කරන ලෙසය. 

Spread the love

Leave a Comment

You may also like