උණුසුම් පුවත්

නුදුරු අනාගතයේදී හිටපු ජනාධිපතිවරුන් විත්ති කූඩුවට පමණක් නොව දඬුවම් ලැබ  බන්ධනාගාර ගතවෙනවා දැකීම ජනතාවගේ එකම පැතුමයි

Spread the love

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අවවාද කර ඇති බවත් එහිදී නඩුවක විත්තිකාරයෙකු වන ඔහුට විත්ති කූඩුවට නගින ලෙසත් නියෝග කර ඇතැයිද වාර්තා වේ. ශ්‍රි ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකු,  ප්‍රථම වතාවට මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවට නැගීම ඉතිහාසගත වෙයි.

මෙම නියෝගය මහේස්ත්‍රාත්වරයා හිටපු ජනපතිවරයාට ලබා දී ඇත්තේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීය.මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස හිටපු ජනපතිවරයාගේ නම ඇතුළත් වී ඇති අතර එම නඩු⁣ව කැඳවූ අවස්ථාවේ හිටපු ජනපතිවරයා විත්ති කූඩුවට නැගීමකින් තොරව පිටත රැඳී සිට ඇත.එම අවස්ථාවේ පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න සැකකාර  මෛත්‍රීපාල සිරිසේන විත්ති කූඩුවෙන් පිටත රැඳී සිටීම ගැන විරෝධතාව ප්‍රකාශ කොට ඒ පිළිබඳව අධිකරණයේ අවධානයට යොමු කර තිබේ.
එහිදී සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනපති නීතිඥ  ෆයිසර් මුස්තාපා පවසා ඇත්තේ සිය සේවා දායකයාට පවරා ඇති පෞද්ගලික නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම අභියාචනාධාකරණය විසින් අත්හිටුවා ඇති බැවින් ඔහු විත්ති කූඩුවට නැගීමක් සිදු නොකළ බවය.
අභියාචනාධිකරණය තම අධිකරණයට නියෝග කර ඇත්තේ මෙම සැකකරුට  චෝදනා පත්‍රය කියවා දී නඩුවේ ඉදිරි කටයුතු අභියාචනාධිකරණයෙන් යලි නියෝගයක් දෙන තුරු පවත්වාගෙන යාම වැලැක්වීමක් මිස ඔහුට විත්ති කූඩුවට නොනගින ලෙසට නියෝගයක්
නොවන බව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ පෙන්වා දී තිබේ.ඉන්පසු මහේස්ත්‍රාත්
වරයා භාෂා පරිවර්තක වරියට උපදෙස් දී ඇත්තේ නැවත විත්තිකරුගේ නම ප්‍රකාශ කර නඩුව කැඳවන ලෙසය.
දෙවන වරට නඩුව කැඳවූ පසු මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නැග ඇති අතර එහිදී මහේස්ත්‍රාත්වරයා විත්තිකාරයකු නඩුව විභාගකරන අවස්ථාවේ සිටිය යඅතු වන්නේ විත්ති කූඩුවේ බවට ප්‍රකාශ කොට මින් ඉදිරියට නඩුව කැඳවූ පසුව විත්ති කූඩුවට නගින ලෙසටත් අවවාද කර තිබේ 
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය⁣ට එල්ල කළ ප්‍රහාරයෙන් පාදයක් අහිමි වූ වින්දිතයකු හා සිරිිිල් ගාමිණී පියතුමන් විසින් මෙම නඩුව පෞද්ගලිකව ගොනු කර ඇති අතර  එය ලබන මස මාර්තු 17 වනදා නැවත කැඳවීමට ⁣මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.
ශ්‍රි ලංකා ඉතිහාසයේ. ප්‍රථම වතාවට හිටපු ජනාධිපතිවරයෙක් , විත්ති කූඩුවට ගොඩ වූ වගයි.නුදුරු අනාගතයේදී හිටපු ජනාධිපතිවරුන් විත්ති කූඩුවට පමණක් නො ව දඬුවම් ලැබ  බන්ධනාගාර ගත වනු ඇති බවත් , එය  ජනතාවගේ එකම අපේක්ෂාව  බව කිව හැකිය. 
තුන්වැනි පරම්පරාවේ අපේක්ෂකත්වය කුමණ බලගතු තනතුරක් හෙබවූ  පුද්ගලයෙකු වුව ද , කුමණ තරාතිරමක් තනතුරක්හොබවන පුද්ගලයෙකු වුවද, .කුමණ බලගතු  පුද්ගලයෙකුට නෑකම් කියන පුද්ගලයෙකු වුවද, කොතරම් මුදල් තිබෙන පුද්ගලයෙකුට වුවද , සැමටම වැරැද්දට දඬුවම් කළ යුතුය.නීතිය සැමටම එකක් විය යුතු බව අප පුණ පුනා කියන්නෙ ඒ නිසාය. 

Spread the love

Leave a Comment

You may also like