උණුසුම් පුවත්

ප්‍රභල හෙලිදරව්වක්……..ඇමති නිවාස ගිනි තැබීම ඇවන්ගාඩ් හා හමුදා කණ්ඩායමක් කල බවට යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙක් හෙලිකරයි

Spread the love

පසුගියදා සිදු වූ ගාළු මුවදොර ප්‍රහාරයෙන් පසුව රට පුරා ඇතිවූ නොසන්සුන් බව ඉතා සැලසුම් සහගතව ඇවන්ගාඩ් හා හමුදා කණ්ඩායමක් කල බවට යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙක් බවයි ලංකා දවසට පැවසීය.
මෙහිදී එදින අරලිය ගහ මැදුර පැවැති අගමැති මහින්ද රාජපක්ෂගේ කතාවෙන් පසුව ගොඨා ගෝ ගමට හා මයිනා ගෝ ගමට පහර දීමට පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයන් පෙළඹවීමත් ඉන් අනතුරුව එම ක්‍රියාකාරිකයන් එදින රැස්වීමට ආ වාහන වලට ජනතාව ලවා පහර දීමට කටයුතු කිරීම ඒ සැලසුමේ ආරම්භයයි.
ගාළු මුවදොර ප්‍රහාරය සිදු වෙමින් පවතින මොහොතේ එදින පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයන්  පැමිණි වාහන අංක අන්තර්ජාලයට මුදා හැර තිබේ.මෙම වාහන අංක අන්තර්ජාලයට මුදා හරින ලද්දේ  මෙම ප්‍රහාරය සැලසුම් කළ යෝෂිත රාජපක්ෂ ගේ පරිගණක තාක්ෂණික කණ්ඩායමය.රට පුරා නොසන්සුන් කාරී වටපිටාවක් ඇති කිරීමට සැලසුම් කළ යෝෂිත රාජපක්ෂ  එදින උදෑසන ඕස්ට්‍රෙිලියාව බලා පිටත් වූයේ කිසිත් නොදන්නා ගානටය. 

මෙම  සැලසුමට අනුව දිස්ත්‍රික්ක අනුව තෝරාගත් පොදුජන පෙරමුනේ ඇමතිවරුන්ගේ හා මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුගේ නිවාස ගිණි තැබීමට හමුදාවේ කණ්ඩායමක් යොදවන ලදී.
ජනපති රනිල් රාජපක්ෂගේ ⁣නිවස ගිණි තැබීමට හවුල් වූයේද එම කණ්ඩායමයි.එම හමුදාා කණ්ඩායමට වහා ගිණි ගන්නා සුළු සුවිශේෂී  රසායන ද්‍රව්‍යයක් ලබා දී තිබුණි.
මෙම රසායන ද්‍රව්‍ය මෙරටට ආනයනය කර ඇත්තේ යුද හමුදාව හා ඇවන්ගාඩ් ආයතනයයි.මිරිහාන සිදුවීමේදී ගිණිගත් බස් රථය ක්ෂණිකව ඇවිලී ගියේද මෙම රසායන ද්‍රව්‍ය ඇවන්ගාඩ් ආයතනයේ අපරාධකාරයකු විසින් භාවිතා කළ නිසා බවද අපට දැන් තොරතුරු ලැබී තිබේ.මෙලෙස හමුදා කණ්ඩායම් ගිණි තබන ලද නිවාස වල අයිතිය ඇති මන්ත්‍රීවරු හා ඇමතිවරු දේශපාලන ක්ෂේත්‍රයේ මදාවිකාරී චරිත වීමද අවධානයට ගතයුත්තකි.එම රසායන ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේදී  එක් අවස්ථාවකදී රේගුව මගින් අත්අඩංගුවට බව පවා සඳහන්ය. ගිනි ගත් නිවාස පිලිබද පරික්ෂණයට පැමිණි රජයේ රස පරික්ෂක ලබාදි ඇත්තේ හදුනානොගත් රසායන ද්‍රව්‍යක් බවයි.(unidentified liquid)
මෙම තෝරාගත් ගිණි තැබීම් සමගම ඒවා අවධානයට ගන්නා ජනතාව රට පුරා කැරැල්ලක් සංවිධානය කරනු ඇතැයි ⁣අරලිය ගහ මන්දිරයේ අපරාද කාර කණ්ඩායම ගනන් හදා තිබුණි.ඒ සමගම රට තුළ ආණ්ඩුවට එරෙහිව ක්‍රියාකාරීව සිටින දේශපාලන පක්ෂ තහනම්  කිරීම එම සැලසුමේ කොටසක් විය.
අපට මේ පිළිබඳව ඉතා වටිනා තොරතුරක් කෑගල්ලෙන් ලැබී තිබේ.ඒ කෑගල්ලේ මහීපාල හේරත් ගේ අනුගාමික තුන් රෝද රථ රියදුරෙක්ගෙනි.පොදුජන පෙරමුණ නියෝජනය කළ මේ ලුම්පන් සාමාජිකයා සමග හදුනා නොගත්  කණ්ඩායමක් ගාලුමුවදොර අරගලයට පහර දුන් දිනයේ සවස කෑගල්ල අතුරු මාර්ගයක ටයර් ගිණි තබා තිබෙි.
පසුව අප සොයා ගත් පරිදි මෙම ටයර් සපයා ඇත්තේ මහීපාල හේරත් ගේ නිව⁣සිනි.එම ලුම්පන් තුන් රෝද රථ රියදුරාගෙන් අප හිතවතකු පසු කාලයකදී  මෙම සිද්ධිය ගැන ප්‍රශ්ණ කළ විට පවසා ඇත්තේ බොසාගේ සම්තින් සම්තින් වලට වැඩ කළ බවය.මේ බොසා කවුරුද යන්න අමුතුවෙන් මෙහි ලිවිය යුතු නැත. 

Spread the love

Leave a Comment

You may also like