උණුසුම් පුවත්

සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයේ පැය පහක විරෝධතාවයට ප්‍රතිචාර නොලැබෙන්නේනම් වර්ජන ක්‍රියාමාර්ගයක් – රවී කුමුදේශ් කැදවුම්කරු  , සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව.

Spread the love

සෞඛ්‍ය කාර්‍යමණ්ඩලය සදහා අමාත්‍ය මණ්ඩලය විසින්  ලබා දී ඇති විසදුම් පවා ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය ලේකම් වරයා විසින් හිතාමතාම  මග හැරීම සහ ලබා දෙමින් තිබූ කොවිඩ් විශේෂ දීමනාව කිසිදු සාකච්ඡාවකින් තොරව කප්පාදු කිරීමටත් එරෙහිව අද උදෑසන 7ට ආරම්භ කරනලද වෘත්තීය  ක්‍රියාමාර්ගය දහවල් 12ට අවසන් කරන ලදී.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් සදහා අමාත්‍ය මණ්ඩලය හා හෙද සේවය සදහා අමාත්‍ය මණ්ඩලය අනුමත කල 5/12 උසස්වීම් ක්‍රමය සහ මාණ්ඩලික සේවා තත්වය ක්‍රියාත්මක කිරීමට අදාල චක්‍රලේකය නිකුත් කිරීමට සෞඛ්‍ය ලේකම් වරයාට මාස තුනක් පමණ තිස්සේ නොහැකිවී ඇත.

සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලයේ අපහසුතා පිළිබදව කිසිදු සාකච්චාවක් සිදු නොකරමින්, ඔවුනට ලබා දෙමින් තිබූ විශේෂ දීමනාව කප්පාදු කරමින්, කාර්‍යමණ්ඩලයේ කැපවීම නොසලකා හැර ඇත.

මෙම තත්වයට එරෙහිව මහජනතාව අපහසුතාවයය පත් නොකරමින් සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ග තුනක් ක්‍රියාත්මක කලද ඊට නිසි ප්‍රතිචාර නොලැබී ඇති බැවින්, ඉදිරියේදී සෘජු වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට සිදුවන බව කණගාටුවෙන් දැනුම් දෙමු.


Spread the love

Leave a Comment

You may also like