උණුසුම් පුවත්

හිටපු ජනපති සිරිසේනට කෙල වෙයි

Spread the love

ජනපති මෛත්‍රීපාල සිරිසේන,හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු 

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර,ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් හා හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානීනිලන්ත ජයවර්ධන යන වග උත්තරකරුවන් පාස්කු ප්‍රහාරය වැලැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් සිදුවූ හානියට වින්දිත පාර්ශවය වෙත වන්දි ගෙවන ලෙස එම වග උත්තරකාර පාර්ශවයට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12)නිියෝග කරන ලදී.
එම නියෝගය අනුව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් මිලියන 100ක්ද ,හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවාවෙි හිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් මිලියන 75 බැගින්ද,හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  රුපියල් මිලියන 50ක් හා  හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් රුපියල් මිලියන 10 ක්ද ඔවුන්ගේ පෞද්ගලික මුදල් වලින් වින්දිත  පාර්ශවය ⁣වෙත ගෙවිය යුතු වේ.
මෙයට අමතරව රජය විසින් රුපියල් මිලියනයක් ගෙවිය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලදී.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවනෙක අළුවිහාරේ එල්.ටී.බී.දෙහිදෙණිය මූර්දු ප්‍රනාන්දු එස් ⁣තුරෙයිරාජා එච්.එම්.ඩී.නවාස් ශිරාන් ගුණරත්න යන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
මෙහිදී රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගන්නා ලෙසටද නියෝග කරන ලදී.
2019 වර්ෂයේ අප්‍රේල් මාසයේදී සිදු කළ පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා පුද්ගලයන් 269 දෙනෙකු මිය ගොස් තවත් 500 කට අධික පිරිසක් තුවාල විය.
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් දරු දෙදෙනා මිය ගිය පියෙකු වන නන්දන සිරිමාන්න 
ව්‍යාපාරිකයකු වන ජනත් විදානගේ සරත් ඉද්දමල්ගොඩ ඇතුළු කතෝලික පියතුමන්ලා තිදෙනෙකු ,හා මෙම බෝම්බ ප්‍රහාරයෙන් තුවල ලැබූ නීතිඥ මෝදිත ඒකනායක යන පිරිස විසින් මෙම නඩුවට අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොණු කර තිබුණි.

Spread the love

Leave a Comment

You may also like