උණුසුම් පුවත්

“නිතිය බල්ලට “……රටේ පොලිස්පති පනවන ඇදිරි නිතිය ජනාධිපති මාධ්‍ය ඒකකයේ මොහාන් සමරනායක ඉවත් කරයි..පිස්සු ද නැත්නම් හැටිද……..?

Spread the love

මහජන ආරක්ෂක පනත විධිවිධාන අනුව ශ්‍රී ලංකාව තුළ ඇදිරි නීතිය පැනවිය හැක්කේ පොලිස්පතිවරයාට පමණි.

එහෙත් හදිසි නීති ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මේ වන විට විටින් විට ඇදිරි නීතිය පැනවීම් සහ ඇඳිරි නීතිය ඉවත් කිරීම සිදුකරන නමුත් කොරෝනා වෛරසය හේතුකොටගෙන ජනාධිපති මාධ්‍ය ඒකකය විවිධාකාර අන්දමේ නියෝග නිකුත් කරනු දක්නට ඇත. ශ්‍රී ලංකාවේ මේ වන විට ජනතාව අන්දමන්දව ඇත්තේ පොලිස්පතිවරයාගේ නියෝග ඉටු කරනවාද……? නොඑසේනම් මොහාන් සමරනායක නමැති ජනාධිපති පිස්සු මාධ්‍ය අධ්‍යක්ෂකගේ නියෝග ඉටු කරනකරනවාද ……?

  රටක මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකුට රටේ නීතිය අභිබවා කිසිසේත් ක්‍රියා කළ නොහැකි බව නොදන්නා මොහාන් සමරනායක ඇමැති ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ වරයා මේ අවස්ථාවේදී නිකුත් කර ඇති නියෝගය මුළුමනින්ම ශ්‍රී ලංකාවේ පවතින ජන මහජන ආරක්ෂක පනත විධි විධාන සියල්ලම උල්ලංඝනය කරමින් සිදුකරන්නක් බව නීති විශාරදයින්ගේ මතයයි.

මහජන ආරක්ෂක විධිවිධාන අනුව ශ්‍රී ලංකාව තුළ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ හැකි අතර එම ප්‍රකාශයට පත්කිරීම  කිසිවෙකුට ඉවත් කිරීමට හැකියාවක් නැත. සේනාධිනායක වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති වරයාට ඇදිරි නීතිය පැනවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිය හැක්කේ පොලිස්පතිවරයා වරයාගෙන් පමණි .

එසේම එවැනි නියෝගයක් වෙනත් විවිධ හමුදාවේ  නිකුත් කිරීමේ නීතියානුකූල බලයක් නොමැත. එහෙත් ඒ බවවත් නොදන්නා පිස්සු මාධ්‍ය අධ්‍යක්ෂක මොහාන් සමරනායක මේ වන විට ජනතාව නොමග යෑමෙන් විවිධාකාර නියෝග නිකුත් කිරීම රටේ නීතිය හෑල්ලූවට පත් කර ඇති ගෝඨාභය රාජපක්ෂ සේනාධිනායකයාගේ හැකියාව මෙයින් මොහාන් සමරනායක මනාව ලෝකෙට ප්‍රදර්ශන කර ඇත.

පහත ඔබට දැකිය හැක්කේ එවැනි අවස්ථාවක ඡායාරූප පහතින් බැලිය හැක

07/25


Spread the love

Leave a Comment

You may also like