උණුසුම් පුවත් උණුසුම් පුවත්

මේ ආණ්ඩුවේ විනෝදාංශය ප්‍රජාතන්ත්‍රවාදය වාෂ්ප කිරීමයි- ඩලස් අලහප්පෙරුම පවසයි

Spread the love

ප්‍රජාතන්ත්‍රවාදය වාෂ්ප කිරීම විනෝදාංශයක් කරගත් ජනපතිවරයා හා ආණ්ඩුව ඒ සඳහා වු තවත් එක් පියවරක් ඉදිරියට තබමින් මාර්ගගත ක්‍රමයන්හි සුරක්ෂිත භාවය (on line seftey) නමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.එය සති දෙකක් ඇවෑමෙන් පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතය.

මෙම කෙටුම්පත අන්තර්ජාල භාවිතාවේ සුරක්ෂිත භාව ඇති කිරීම නම් නීති ගරුක පාඨයට මුවා වී මුළුමනින්ම ජනමතය කෙරෙහි ඇති ජනපතිවරයාගේ සහ ආණ්ඩු⁣වේ භීතිය  සමනය කිරීම වෙනුවෙන් ඉදිරිපත් කොට ඇති පනත් කෙටුම්පතක් බව මෙය අධ්‍යනය කරන ඕනෑම කෙනෙකුට වැටහෙනු නිසැකය.

මේ දක්වාම තමන්ට නතු කර ගැනීමට නොහැකි වූ සමාජ මාධ්‍යය බිය වද්දමින් පාලනය කිරීමට ගනු ලබන උත්සාහයන් පමනක් වන මෙම පනත් කෙටුම්පතට අනුව සත්‍යය පිළිබඳ අවසාන තීරකයා වනුයේ ජනපතිවරයාගේ නියෝජිතයන්ගෙන් සමන්විත කොමිෂන් සභාවකි.සත්‍යය සහ අසත්‍ය කුමක්ද යන්න නිර්වචනය කිරිමට නෛතික බලය පැවරෙනුයේ ජනපති නියෝජිතයන්ට වීම සහ ඊට අදාලව යෝජිත දැඩි දඬුවම් ප්‍රජාතන්ත්‍රවාදයේ මළ බෙරය බව මනාව පැහැදිලිය.

යම් ලෙසක මෙම පනත් කෙටුම්පත සම්මත වුව හොත් සේවා සපයන ආයතන සහ Facebook ,You Tube,Instagram,වැනි සේවා පවා ශ්‍රී ලංකාව තුළ අඩාල වීමේ අවදානමක් පවතී.මැතිවරණ නොපවත්වා මහජන මතය භූමදානය කරනු ලබන වත්මන් ආණ්ඩුව විසින් සමාජ මාධ්‍යය තහනමට මෙලෙස පිඹුරුපත් සැකසීම පිළිබඳව ලොව පුරා මානව වාදීන්ගේ නිසි අවධානය යොමු විය යුතුය.

මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ක්‍රියාත්මක ආන්ඩුවේ බුල්ඩෝසරය ජනසම්මතවාදය ගරු කරන පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු වී නැවැත්විය නොහැකි වුව හොත් ඉන්දීය සාගරයේ මුතු ඇටය ප්‍රජාතන්ත්‍රවාදයේ සූසාන භූමිය බවට පත්වීම වැලැක්විය නොහැකි බව මාගේ විශ්වාසයයි .මහජන මතයට බියව භාෂණයේ නිදහස⁣ට කටු කම්බි ගැසූ සියලු රාජ්‍යයන් ගේ අවසානය සටහන් වූයේද එලෙ⁣සිනි

ඩලස් අලහප්පෙරුම


Spread the love

You may also like