උණුසුම් පුවත් උණුසුම් පුවත්

ඖෂධ මාෆියාවට තිත තියන්නට එක්වෙයව්

Spread the love

මේ වන විට මෙරට සෞඛ්‍ය සේවාව බරපතල අර්බුදයකට ලක් වී තිබේ.වාර්තා වී ඇති ආකාරයට ඖෂධ  වල ගුණාත්මක බව අඩුවීම නිසා මිය රෝගීන් සංඛ්‍යාව දහයකට වඩා වැඩි වී තිබේ.රෝගීන් මිය යාම “අමල් ⁣බිසෝ” කතාවට ලඝු කරන අමානුෂික නිළධාරීන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහල පුටු වල සිටින තුරු මෙි ප්‍රශ්ණය තවදුරටත් ව්‍යාප්ත වන බව නිසැකය.

මෙරට ඖෂධ වෙළඳාම මාෆියා ජාවාරමකි.බොහෝ සෞඛ්‍ය ඇමතිවරයින් එය ධනය උපයන ඉල්ලමක් කර ගෙන තිබේ.පවිත්‍රා දේවිය සෞඛ්‍ය ඇමති වන විට මෙරට ⁣ඖෂධ ගෙන්වීමේ ජාවාරමට සම්බන්ධ වී තිබුණේ ඇයගේ සැමියාය.පවුලේ අයවළුන්ය.දැන් මේ ජාවාරමට සම්බන්ධ වී ඇත්තේ කෙහෙළියගේ දුවගේ ස්වාමිපුරුෂයාය.වැඩේ වෙන්නේ එහෙමය.ඇමති පාර්ශවයෙන් ඖෂධ ජාවාරම කරන විට ඊට උඩ ගෙඩි දෙන්නේ තක්කඩි නිළධාරින්ය.ඖෂධ මාපියාවෙි අටුවං බැහැ ගත් උන් එවුන්ය.⁣උන්ගේ කෙරුවාව ලිය කියවිලි අස්සේ ගේම් ගැහීමය.මේ ජාවාරම ගැන සහ සුද්දෙන් දැන ගන්න ඕනෑ නම් ඖෂධ මෙරටට ගෙන්වීමට මෙතෙක් කාලයක් කටයුතු කළ සෞඛ්‍ය අංශයේ නිළධාරින්ගේ වත්කම් පරීක්ෂා කළ යුතුය.ඖෂධ සමාගම් වලින් මේ ජාවාරම්කාරයන්ට ප්‍රධානය කරන ලද මුල්‍ය හා භෞතික තෑගි පිළිබඳව විමර්ශනය කළ යුතුය.

මෙය ජාතික ආරක්ෂාවට පැටලෙන ප්‍රශ්ණයකි. ජාතික ආරක්ෂාව යනු සහරාන්ලා ගේ බෝම්බ පිපිරෙනවාද පාතාලය කුඩු ගෙනෙනවාද එහෙමත් නැතිනම් අරගලයේ කොල්ලන් කෙල්ලන් නැවත වාරයක් අරගලයකට සෙට් වෙනවාද යන්න ගැන විපරම් කිරීම පමනක් නොවේ.ඖෂධ මාෆියාවද මෙරට ජනතාවගේ ජීවිත කෙරෙහි සෘජුවම බලපාන බරපතල ප්‍රශ්ණයකි.

බෝම්බ වලින්  මිය ගියද බාල බෙහෙත් වලින් මිය ගියද මිය යන්නේ මේ රටේ පුරවැසියන්ය.

දැන් ⁣ජාතික ආරක්ෂක කමිටුවේ අවධානය මේ ⁣ඖෂධ ජාවාරම් කෙරෙහි යොමු විය යුතුය .ඒ හා සම්බන්ධ වී ඇති වුන් ගේ නිශ්කාෂණ වාර්තා ගත යුතුය.ජාතික ආරක්ෂක කමිටුවට මිලි⁣ටරි වෘත්තිකයන් පමණක් නොව සෞඛ්‍ය ක්ෂේත්‍රය වැනි සංවේදී කළාප හා සම්බන්ධ විශිෂ්ට වෘත්තික නියෝජනයන් සම්බන්ධ කර ගත යුතුය.මේ වන විටත් ඖෂධ මාෆියාව සාකච්ඡා විය යුත්තේ ජාතික ආරක්ෂක කමිටුවේදීය.

එහෙත් ⁣වර්තමාන⁣යේ මේ ප්‍රශ්ණය සෞඛ්‍ය  ඇමතිවරයාට බරක් යොදා විසඳුුුම් සොයන හුදකලා සිල්ලර ප්‍රශ්ණයක් කර ගෙන තිබේ. ඒ අතරේ ආණ්ඩුවට සම්බන්ධ වුන් එක එකා අනෙකාට ඇඟිලි දිගු කරමින් ප්‍රශ්ණය යටපත් කරමින් සිටී.ඇමතියා එලවා දමා තව ඇමතියෙක් පත් කර ගත්තාට මේ ප්‍රශ්ණය විසඳා ගත නොහැකි තරමට මෙය ඕඩු දුවා අවසන්ය.එහි නිශ්චිත අවසානයක් දකින්නට නම් මේ ඖෂධ ජාවාරම මෙතෙක් කාලයක් සිදු කළ ජාවාරමුන් ගැන හොයන්නට ජනපති කොමිසමක් පත් කිරීම පවා වරදක් නැත.ජාවරමුන්⁣ට පළමුව වැට කඩොලු බැඳිය යුතුය.

මේ වන විට සමගි පෙරමුන සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ගෙන ඒමට සැළසුම් කර ඇතැයි පැවසේ.පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ගෙන ඒමෙන් මෙරට ඖෂධ මාෆියාව අවසන් කරන්නට හිතනවා නම් අපට කියන්නට ඇත්තේ අනේ බාල්ලා ජෝක් කරන්න එපාය කියා පමණය.සැබැවින්ම මේ ප්‍රශ්ණයට විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමෙන් කරන්න පුළුවන් ලබුවක් නැත. ඒවා පැලැස්තර පමණකි.

ඖෂධ මාෆියාවට එරෙහිව  සිවිල් පුරවැසියන්ද  දැන් ඒකරාශී විය යුතුය.මෙරට ඖෂධ ගෙන්වීමේ ටෙන්ඩර් ගිවිසුම් ජනතාවට විවෘත විය යුතු බවට නීති සම්පාදනය විය යුතුය.හොර රහසේ සිද්ධවන ක්‍රම සම්පාදන ක්‍රියාවලිය වහාම විවෘත විය යුතුය.මෙහිදී අපි ⁣ඖෂධ ගැන මොන කෙහෙල්මලක්වත් දන්නේ නැතුව ඔය විවෘත කිරීම් මොකටදැයි ඇතමෙක් ප්‍රශ්ණ කරන්නට පුළුවන.ඔව් ,ඒක ඇත්තය.නමුත් එම විනිවිද භාවය තුළ ඒ ගැන ප්‍රශ්ණ කරන්නට දැන අවබෝධයක් තියෙන පුරවැසියන් මේ රටේ සිටින බවද දැන ගත යුතුය. 

දැන් සෞඛ්‍ය ඇමතියා හා තක්කඩි නිළධාරීන් සූදුව ගහන්නේ තනි අතේ ගේමක් විදියටය.බාල ඖෂධ වලින් මිනිසුන් මිය යාම “හුස්ම ගැනීම නතරවීම නිසා” සිද්ධ වෙන දෙයක් කියා මේ වාහෙලා ආතල් ගන්නේ ඒ බල  අධිකාරිය නිසාය.ජනාධිපති හාමුටද රෝගීන් මිය යාම ගැන වගේ වගක් නැත.රට තුළ ඇවිලෙමින් තිබෙන මේ බරපතල ප්‍රශ්ණය ගැන මේ වන තුරු ජනපති හාමු කටක් ඇර වචනයක් කියා නැත.ජනපති හාමු මිනිස් ජීවිත ගැන හැඟීමක් නැති කෙනෙක් බව දේශපාලන ඉතිහාසයේ රුධිරයෙන් ලියවී තිබේ.අප ඇමතූ දේශපාලඥයෙක් කිව්වේ ජනපති හාමුට වඩා වැදගත් උදේ පාන්දර සාගලගේ නලල⁣ට දෙන කිස් එක විතරක් බවය.

තවදුරටත් බාල ඖෂධ සිල්ලර හුදකලා ප්‍රශ්ණයක්⁣ නොවන බව ආන්ඩුව තේරුම් ගත යුතුය.විපක්ෂයද තේරුම් ගත යුතුය.විපක්ෂය මේ අනතුරුදායක වටපිටාව තුළ දේශපාලන ගේම් ගැහීමේ තේරුමක් නැත.අවශ්‍ය වන්නේ මෙරට ⁣ඖෂධ මාෆියාවට එරෙහිව සැබෑ මැදිහත් වීමයි.එය සුද්ධ කිරීමට අවශ්‍ය යෝජනාය.

අපට ආණ්ඩුවට හා විපක්ෂයට කියන්නට ඇත්තේ ඒ ටිකය.මේ රටේ පුරවැසියන්ද දැන් ඇස් කන් පියා ගෙන සිටියා ඇතිය.මාධ්‍ය වල උස් වගකීමද මේ ප්‍රශ්ණයට මැදිහත් වී⁣මය.එසේ නැතුව තමන්ගේ ප්‍රවෘත්තිවල රේටින් වැඩි කර ගැනීමට කොත්තු රොටී වල බිත්තර වල මිල ගනන් පහල දැම්මේ නැතිනම් අපි බලාගන්නම් යැයි තර්ජනය කරන අට පාස් මරි මෝඩ ගොබ්බයෙකු ගේ වොයිස් කට් පමනක් ප්‍රචාරය කිරීම මේ අවදානම් හෝරාවේ සිය පුරවැසි මාධ්‍ය වගකීම පැහැර හැරීමකි.

බාල ඖෂධ වලින් හෙට දවසේ මිය යාමට ඉඩ ඇත්තේ ඔබෙි ආදරණීයා බව සෑම පුරවැසියෙකුම සිතා ගත්තේ නම් එය ඉතා වැදගත්ය.  


Spread the love

You may also like