උණුසුම් පුවත්

හර්තාලයට සහභාගි වූ රාජ්‍ය සේවකයන් පිළිබඳව ආණ්ඩුව තොරතුරු සොයයි

Spread the love

මිල්ටෙරි නන්දසේන ඇතුළු තක්කඩි රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව අද (6)දීප ව්‍යාප්තව පැවැති හර්තාලයට සහාය පළ කර සේවයට වාර්තා නොකළ නිළධාරීන් සංඛ්‍යාව පිළිබදව වාර්තා කරන ලෙසට සියළුම අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු වලට ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද ලිඛිතව නියෝග කර තිබේ.

ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද ගේ නම සදහන් කොට එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ.ජී.ධර්මතිලක විසින් සියළුම දිසා ලේකම් වරුන් වෙත (6) දිනැතිව යොමු කරන ලද HA/02/22/01V නැමැති ලිපියෙන් දැනුම් දී ඇත්තේ අද සේවයට වාර්තා නොකරන ලද හා කරන ලද නිළධාරීන්ගේ විස්තර අද දහවල් 1.00 ට පෙර අමාත්‍යාංශයට දන්වන ලෙසය.මෙම තොරතුරු එවීම සදහා අවශ්‍ය කෙරෙන ආකෘතියක්ද එම ලිපිි⁣යේ ඇමිනුමක් ලෙස තිබේ.
ඒ අතර සෑම ප්‍රදේශයකම පිහිටි රජයේ කාර්යාල වල ⁣අද (6)සේවයට වාර්තා කර ඇති නොපැමිණි සේවකයන්ගේ නාම ලේඛන ජාතික රහස් ඔත්තු සේවා නිළධාරීන් හා යුද හමුදා ඔත්තු සේවාව විසින්ද ලබා ගත් බවද ආරක්ෂක අංශ වෙතින් අපට දැනගැන්මට ලැබී තිබේ.
එම නාමලේඛන වල හර්තාලය මෙහෙයවූ නායකයන්ගේ නම් රතු අකුරෙන් සටහන් කර එවන  ලෙසද ජාතික බුද්ධි ප්‍රධානී ජනරාල් සලේ නියෝග කර තිබුන බවද වැඩිදුරටත් අපට අනාවරණය වී ඇත

Spread the love

Leave a Comment

You may also like