උණුසුම් පුවත්

හරින් ගේ කතාවෙන් පරළ වු ගෝඨා දිලිප් උන්ගේ හෙන්චයියන් ලවා සජිත් – චම්පික ගැටුමක් රටට මවයි -වැමැරු බල්ලන් ඒවම කයි.

Spread the love

****රාජපක්ෂ ප්‍රහාරයට ලක්ව ඇති නිසා  මෙය අවහිර කොට ඇත එබැවින්  ලංකා දවස ෆේස්බුක් වෙතින් කියවන්න****

පසුගියදා පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇත්ත ඇති සැටියෙන්ම හතර අතට නෙළමින් අපූරු කතාවක්  පාර්ලිමේන්තුවේ සිදුකළේය .එයින් කුපිත වූ ගෝඨාභය සහ ගෝඨාභයගේ ගජමිතුරු කල්ලියේ ප්‍රධානියා වූ දිලිප් ජයවීර තමාගේ තුප්පහි මාධ්‍ය යොදාගෙන බොහෝ සෙයින්  විපක්ෂ නායකයා ප්‍රධාන මන්ත්‍රීවරුන්ට නොයෙකුත් කතන්දර ගෙතීමට පටන් ගත්තාය. 

චම්පික – සජිත් අතේ රෝල් ගැටුම…..

දිලිත් ජයවීර ඔහුට හිතවත් මාධ්‍ය සගයන් එකතු කරගෙන යහමින් අත දිගහැර වියදම් කර සමගි ජනබලවේගයේ නායක  සජිත් ප්‍රේමදාස මහතා සහ චම්පික රණවක මහතා පිළිබඳව නොයෙකුත්  අසත්‍ය කථා පැතිරවීමට සූදානම් විය.  මෙය පසුගියදා අප හෙළි කළ මංගල සමරවීරගේ තවත් බොම්බයක් බව විශ්වාසවන්ත තොරතුරු කරුවෙක් මාර්ගයෙන්  අපට දැන ගැනීමට හැකිවිය, මෙහි ආසන්නතම සිදුවීම නම් දිලිප්ගේ හෙන්චයියන් යොදවාගෙන සමගි ජනබලවේගයේ ඇති සමගිය කෙසේ හෝ බිඳදමා නන්නත්තාර කිරීම ඔවුන්ගේ ඒකායන අරමුණ ය. මේ ට යොදා ගත්තේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර බලඅරගලයක් ඇතැයි  සජිත් පාඨලී ව පැත්තකට කර තිබෙනවා යැයි, නොයෙකුත් අතේ රෝල් පත්තුවෙන කතන්දරයක් නිර්මාණය කළේය.  නිර්මාතෘ වරයා වෙන කවරකුවත් නොව දිලිප් ජයවීර ය දිලිත් ජයවීරට එදා හරීන් ප්‍රනාන්දුගේ  කතාවෙන් හොඳටම රිදී ඇත. එයින් කුපිත වූ ගෝඨා සහ දිලිප් සමග ගෝඨාගේ සහචරයෝ සියල්ලගේම ඒකායන අරමුණ වුණේ කෙසේ හෝ සජිත්- චම්පික සුසංයෝගය බිඳ දැමීමයි.

  දිලිප් සමග  මාධ්‍ය කරුවන් කිහිප දෙනෙකු…….

මීට අවශ්‍ය අඩුම කුඩුම සියල්ලම සැපයීමට තවත් මාධ්‍ය කරුවන් කිහිප දෙනෙකු එකතු වී ඇති බව අප වෙත නම් ගම් සහිතව ම මේ වෙනවිට ලැබී ඇත. එහෙත් මාධ්‍ය සම්ප්‍රදායට ගරු කරමින්  ඒවා ප්‍රසිද්ධ කිරීම අපගේ සම්ප්‍රදාය නොවන නිසා ,කෙසේ වෙතත් ලංකා දවසේ  ඒකායන ප්‍රාර්ථනය මෙරට සවි ශක්ති සම්පන්න විපක්ෂයක් තිබිය යුතු බවයි .

ඊට  ඉතාමත්ම හොඳ නායකත්වයක් සමග ශක්තිමත් බලකණු ඇති නිසාම ගෝඨාභය අද නන්නත්තාර වී ඇත, ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා එක් පසෙකින්,  තවත් පසෙකින් වෛද්‍ය රාජිත සේනාරත්න ,තවත් පසකින් චම්පික රණවකත් සමග එකට සිට ගෙන සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මේ සියල්ල ගේම ශක්තිය එක් ආකාරයෙන් ලැබෙන බව අප පුද්ගලිකවම කතා කිරීමේදී ඒ ඒ මන්ත්‍රීවරුන්ගෙන් දැන ගැනීමට හැකි විය.

ඒ කිසිවෙක් තුළ එකිනෙකාට අවි අමෝරා ගැනීමක්, වාග් සංග්‍රාමයක් සිදු නොවන බව අපි වගකීමෙන් සටහන්  කරන්නෙමු.

රාජපක්ෂලාගේ  ලේ  වල ඇති පක්ෂ කැඩීම…….

එදා සිටම රාජපක්ෂලාගේ  ලේවල ඇත්තේ පක්ෂ සියල්ල කෑලි කෑලි කඩා බිඳ   ඔවුන්ගේ අරමුණ කරා යා හැකි බවයි. ඊට උදාහරණ ඕන තරම් මේ ලංකා පොළොවේ නැතුවා නොවේ. කෙසේ වෙතත් සමගි ජන බලවේගය තුළ ඉතාමත්ම හොඳ සමගියක් තිබෙන බවත් මේ නිසාම ගෝඨාභයට සහ දිලිත් ජයවීර සමඟ නඩයට ඇති තරම් කේන්ති ගොස් ඇති බව අපි නොදන්නවා නොවේ. මේ නිසාම ඉදිරියේදී වුවත් චම්පික රණවක- සජිත් ප්‍රේමදාස – ෆොන්සේකා – රාජිත සේනාරත්න යන මේ සියල්ලම සීසීකඩ විසුරුවා හැරීමේ කතන්දරයක් ගොතා එය සමාජගත කිරීමට ඉඩ ඇති බවද අපි ඉතාම වගකීමෙන් මතක් කරන්නෙමු.

ශක්තිමත්  විපක්ෂයක් ……

රටක විපක්ෂයක් ශක්තිමත් වන තරමටම දූෂණය සහ භීෂණය වෙතට ආණ්ඩුවක් යෑම වැළැක්වෙන බව දේශපාලන විද්‍යාඥයින්ගේ මතයයි. එහෙත් රාජපක්ෂලාගේ මතය සෑම පක්ෂයක්ම කෑලි කෑලි වලට කඩා බිඳ දැමීමෙන් තමාගේ මඩිය තරකර ගැනීමේ කප්පම් ගැනීමේ සහ දේපළ විකුණා ගැනීමේ ලෙහෙසි පහසු මාර්ගය බව ඔවුන් දන්නවා ඇත. මේ නිසාම සමහර මාධ්‍ය කරුවන්ට අත දිග හැර වියදම් කර දිලිත් ජයවීර ජනතාවගෙන් හූරා කන සල්ලි දිලිත් ජයවීරගේ සාක්කුවට ඔබා ගැනීමේ හැකියාව ඇත.මේ නිසාම ඔවුන්ගේ අවශ්‍යතාවය  සජිත් එක  කොණකට  තල්ලු කිරීමයි,  තවත් කොණකට පොන්සේකා තවත් කොනකට චම්පික වත් තනිකර තිබුණා නම් 2025 දී ඔවුන්ගේ අරමුණ ඉෂ්ට වන බව දනි.  

2025  වෙන විට ගෝඨාභය  කුජිත……

2025  වෙන විට ගෝඨාභය  කුජිත වෙන බව බැසිල් හොඳටම දනියි. ඒ නිසාම ඒ වනවිට සමගි ජන බලවේගය ශක්ති සම්පන්නව ජනතා හදවත තුළ කිඳා බැස සිටියහොත් කිසිදාක 2025 දී රාජපක්ෂලාගේ සිහිනය ඉටු කර ගැනීමට  නොහැකි වන බව බැසිල් දනී.

මේ නිසාම ඇත්තේ උන්ට එකම තුරුම්පුවකී ඒ අවසන් තුරුම්පුව නම් කෙක්කෙන් හෝ කොක්කෙන් වැඩේ කරගැනීමය, ඊට යොදාගෙන ඇත්තේ දිලිප්ගේ නින්දිත මාධ්‍ය සම්ප්‍රදායයි ඒ මාධ්‍ය සම්ප්‍රදායේ බල්ලන් වී ඇති  සමාජයේ බොහෝ විට  බඩගෝස්තරවාදී මාධ්‍ය කරුවන් ය. නිසාම  2019  අපි දිනලා ඉන්නේ කියා සිතුවා සේ 2025 ටත්  සිතුවොත් සිද්ධවන්නේ 2019 වඩා අන්ත පරාජයකි. 

නායකයන් සිතිය යුත්තේ……..

සමගි ජන බලවේගයේ නායකයන් සිතිය යුත්තේ තමාගේ  තනතුර ලබා ගැනීම නොව එකට එක්ව රටේ බලය ලබා ගැනීමටය, ඒ ජනතාව මුහුණදී ඇති මේ ව්‍යසනයෙන් ගලවා ගැනීමටය,  ඊට හොඳම උදාහරණය සපයා ඇත්තේ වටු කුරුල්ලන්ය වටු රෑනක් සේ එකට එකතුව රටේ බලය ඉසිය යුතුය.

 ඒ ජනතාවගේ  අපේක්ෂාව   මහ පොළොවේ  දුප්පතාගෙ හදවතට දැනෙන, බඩට දැනෙන දේශපාලනයකි.  ඒ වෙනුවෙන් අපට හැකි සෑම දෙයක්ම  කරන බව ජනතා වෙනුවෙන් අපි වගකීමෙන් සටහන් කරන්නෙමු.

ඒත් රටේ ජනතාවගේ එකම පැතුම  රාජපක්ෂලාට එරෙහිව සම්පූර්ණ බලයකින් යුක්ත විපක්ෂයක් ගොඩනැගීමය.  රටේ ජනතාවගේ ශක්තිය දෙමින් සමස්ත විපක්ෂයේ සිටින සියලුම  මන්ත්‍රීවරුන්ට අප ජනතාවගේ පුවත්පතක් වශයෙන් කියා සිටින්නේ  පුද්ගලික ලාභ ප්‍රයෝජන වලට පෙර  තමාගේ රටේ ජනතාවට මුල්තැන දී  වසර  72  තිස්සේ දුක් වින්ද මේ ගෙවන අවසාන මොහොතේ  ඔබ සීසීකඩ වී රාජපක්ෂලාගේ අවශ්‍යතාවය ඉෂ්ට නොකරන ලෙසයි.

නැවත සැරයක් රාජපක්ෂ පරම්පරාවට…….

නැවත සැරයක් රාජපක්ෂ පරම්පරාවට ඉඩ දෙනවා නම් එදාට රාජපක්ෂලාට පහර නොදී ඔබලාටම පහරදෙන්නට  මහජනතාව බලමුළු ගන්වන්නේ වෙන කිසිවක් නොව ලංකා දවස අප පුවත්පතයි.

ඒ නිසා සමස්ත විපක්ෂයේ ම සියලු ම දෙනා ඉතාමත්ම වගකීමෙන් මේ අවස්ථාවේදී ක්‍රියා කළ යුතුය. ඒ වෙනකක් නිසා නොව ඔබේ අරමුණ සහ ඔබේ පරමාර්ථයට වඩා රටේ ජනතාවගේ අරමුණ සහ ජනතාවගේ පරමාර්ථය වෙනුවෙන් ඔබට යම්කිසි කැපකිරීමක් අද කිරීමට සිදුවනු ඇත .

බඩ ගින්නට කෑම වේලක්  , ප්‍රජාතන්ත්‍රවාදය  නැමැති ඉඩෝරෙට වර්ෂාවක්……..

ඒ කැපකිරීම ඔබගේ පුද්ගලික බලය, පුද්ගලික තනතුරට, වඩා රටේ ජනතාවගේ නාමයෙන් එය ඔබව ඉටු කරනු ඇතැයි  රටේ ජනතාව නිරන්තරයෙන් ම ඇස ගසාගෙන සිටින බවත්, ජනතාව මේ වෙනවිට  බඩ ගින්නට කෑම වේලක්  , ප්‍රජාතන්ත්‍රවාදී නැමැති ඉඩෝරෙට වර්ෂාවක් දිය හැක්කේ ඔබට පමණක් යයි,

මේ වන විට ජනතාව මුමුණමින් ඇත . ඒ හඬ අවදි කරමින් මහා ඝෝෂාවක් කළ යුත්තේ ඔබමය ,එසේ නොමැතිව ඒ හඬ මරා දමා නිහඬ කරනවා නම්  ඔබලාට සදාකාලිකව වන්දි ගෙවීමට සිදු වනු ඇත.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like