උණුසුම් පුවත්

ටෙලිකොම් ගොඩනැගිල්ල සමග භූමියත් චීනෙට……

Spread the love

 මේ වන විට කොළඹ නගරයේ ඇති ඉතාම වටිනා  බිම් කොටස් සියල්ලම චීනය ට ලබාදීමට ගෝඨාභය ආණ්ඩුව එකඟත්වය පළ කර ඇත. එහි දිගුවක් වශයෙන් අද ටෙලිකොම් සභාපතිවරයා කැඳවා ඇති ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ 2023 වන විට ටෙලිකොම් ගොඩනැගිල්ල සමග එම භූමිය වහාම චීන වරාය කොටසට අයත් වන පරිදි ලබාදිය යුතු බවයි.

ඒ අනුව වසර ගණනාවක සිට telecom one to one call center 121  ඇති සේවකයින් ඉවත් කොට එම ස්ථානයේ ඇති  දුරකථන අලුත්වැඩියාවන් ,හදිස්සි බිඳ වැටීම පිළිබඳව පරික්ෂා කරනු ලබන මෙහෙයුම් මැදිරිය වැලිකඩ වෙනත් ස්ථානයකට ගෙන යායුතු බව  ජනාධිපතිවරයා ටෙලිකොම් සභාපති වරයාට දැනුම් දී ඇත.

මේ අනුව telecom ගොඩනැගිල්ල සහ ඒ අවට භූමිය අක්කර එක හමාරක පමණ වපසරියකින් යුත්  භූමිය පෝට් සිටි ව්‍යාපෘතියේම  සමාගමට ලබා දීමට එකඟත්වය පළ කර ඇති අතර මෙම ස්ථානයේ සුවිශේෂිත වූ වැදගත්කම නම් මෙය කොළඹ නගරයේ ප්‍රධාන ආර්ථික මර්මස්ථාන යකි.

ගෝඨාභය රජය බලයට  පැමිණියේ ම බිම් අඟලක් කිසිවෙකුට ලබා නොදෙන බවත් කියාය .මහ ඉහළින් පම්පෝරි ගැහූ මහින්ද මිලදී ගන්නන්ට අනතුරු අඟවා සිටියේ ඔබ මිලදී ගන්නා සියලුම ඉඩම් නැවත රජයක් වශයෙන් අපි බලයට පැමිණි වහාම අත්පත් කරගන්නා බවයි. ශ්‍රී ලංකා ජනතාවගේ සත්‍ය වසන් කොට කරන ලද මනා රඟපෑමක් බව අද ජනතාවට පසක් වී ඇත. මෙම ආයතනයේ ඇති ඉන්දියාව සමඟ සම්බන්ධිත සම්පූර්ණම කේබල් සියල්ලම ගලවා නැවත වැලිකඩ ප්‍රදේශයට රැගෙන යෑම කෝටි ගණනක මුදල් විනාශයක් බවත් තවත් කාගේ හෝ මඩිය තර ගැන ගැනීම  එක් අරමුණකි.මුදලක් වියදම් කිරීමට සිදු වන ව්‍යාපෘතියක් බවත් ඒ තුළින් රැකියා පන්සියයකට වඩා අහිමි වීමක් සිද්ධ වෙන බව අද සාකච්ඡාවෙන් පසුව තීරණය වී ඇත.

ලංකා දවසින් රජයට අභියෝගයක්…..

මෙම ටෙලිකොම් ගොඩනැගිල්ල චීන සමාගමටත් කොළඹ නැගෙනහිර  ජැටිය ඉන්දියානු අද්වානි  සමාගමටත් කෑලි කෑලි විකුණා දැමීමට මේ වන විට සියලුම පිඹුරුපත් සකසා ඇති අතර අපගේ පුවත අසත්‍ය නම් රජයට අභියෝග කර කියා සිටින්නේ එවැනි කිසිදු ආයෝජනයකට, බදුදීමට, හෝ පැවරීමකට ඉඩ නොතබන බවට ලිපියක් මගින් ජනතාවට ප්‍රසිද්ධ කරන ලෙසයි.

ගෝඨාභයගේ සුවිශේෂිත වූ  20  සංශෝධනය  බලය මත මේ සියල්ල ඔහුට කළ හැකිය.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි. 

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like