උණුසුම් පුවත්

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධන විසින් පාස්කු ප්‍රහාරය පිලිබද සියලු තොරතුරු දුරකථනයෙන් හා ඔහු ගේ පරිඝණකයෙන්  (factory reset ) විනාශ කරලා… අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් කුමාර මහතා සක්ෂි දෙමින් කියයි.

Spread the love

හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජනරාල් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ගේ ජංගම දුරකථනය හා ඔහු ගේ ලැප්ටොප් පරිඝණකයේ පාස්කු ප්‍රහාරය පිලිබදව ඇති ඉතාම වැදගත්තොරතුරු සියල්ලම යලි කිසි දවසක ප්‍රතිඋත්පාදණය කල නොහැකි ආකාරයටම විනාශ කොට මකා ( factory reset )  දමා ඇති බවට පාස්කු ප්‍රහාරය පිලිබද  විමර්ෂණ කොමිසන් සභාවේ සාක්ෂි දෙමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් කුමාර මහතා  කියයි. තවදුරටත් ඔහු සාක්ෂි දෙමින්   මෙම ප්‍රහාරය එල්ල වන විට නිලන්ත ජයවර්ධන මහතා භාවිතා කල ජංගම දුරකථනය වෝහාරික විශ්ලේෂණයක් සදහා මට ලබා දෙන විටත් ඒකේ දත්ත සියල්ලම මාකා දමා අළුත්ම දුරකථනයක් සේ එය තිබුණා. මේ නිසා පස්කු ප්‍රහාරයට අදාල කිසිදු තොරතුරක් එහි තිබුණේ නෑ. ඒ සියල්ලම ඔහු මකා දැමු බව කිවා. එසේ කලේ පාස්කු ප්‍රහාරයෙන් පසු දිනක ඔහු එම දුරකථනය බිරිදට දීමට බවත් ඔහු කිවා . එසේම ඒවකට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ගේ ලැප්ටොප් පරිඝණකය ද මා වෝහාරික විශ්ලේෂණය කලා එහි ගොනු ලක්ෂ 26 පමාණ තිබුණා. ඉන් ගොනු 210 ක් මම මෙම කොමිසමට ලබාදීමට කටයුතු කලා. ඒත් නිලන්ත ජයවර්ධන මහතා ගේ දුරකථනයේ සියලුම දත්ත ඔහු විසින්ම මකා දමා තිබුණා යැයි මෙම පාස්කු කොමිසම හමුවේ සක්ෂි දුන් ඩිජිටල් වෝහාරක විද්‍යාගාරයේ ප්‍රධාන පොලිස් පරික්ෂක්වරයා පැවසීය. අපි දිගින් දිගටම කියා සිටියේ එවකට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජනරාල් නිලන්ත ජයවර්ධන මෙම පාස්කු ප්‍රහාරයේ සියළු තොරතුරු දැන සිට ඒම ප්‍රහාරය සිදු කිරීමට ඉතාම හොද වට පිටාවක් සහරාන්ලාට සකස් කර දුන් බවයි. මෙවන් කාලන්නි පුද්ගලයෙකුට තවමත් ජනතාව ගේ මුදලින් සියලු සැප සම්පත් ලබා දී තිබීමට රටේ ජනතාව විරුද්ධ විය යුතුය. පාස්කු ප්‍රහාරයෙන් දිවි දුන් ,සදා ආබාධිත වු පුද්ගලයන්ට නිලන්ත ජයවර්ධන වගකිව යුතුය.  නිලන්ත ජයවර්ධන වහාම අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කලයුතුය. දැන් අගරදගුරු හිමිපානන්ට ඇත්තටම උවමනාවක් ඇත්නම් මෙවනි පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට රජයට බලකිරීමය. නිලන්ත ජයවර්ධන ලා සලේලා ඒකම කාසියේ දෙපැත්තක් බව නැවත නැවත් අපි රටේ ජනතාවට අවධාරණය කරන්නෙමු.        මේ පිලිබදව පහත ලිපි කියවන්න.

https://www.lankadawasa.com/%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b6%b4%e0%b7%94-%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%92-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%9a-%e0%b6%a2/?lang=si

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 


Spread the love

Leave a Comment

You may also like