උණුසුම් පුවත්

විපක්ෂයේ විශ්වාස භංගය අද නොවෙි හෙට

Spread the love

පොදු ජන පෙරමුණු රජයට එරෙහිව විපක්ෂය පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ගෙන එන බවට පසුගියදා දේශපාලන ක්ෂේත්‍රය තුළ කතා බහක් පැතිරී තිබුණි.ඒ කතාබහට අනුව විශ්වාස භංගය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය කෙරෙන මන්ත්‍රී සංඛ්‍යාවද සම්පූර්ණ බව කියවිනි.එහෙත් මේ වන විට වාර්තා වන්නේ එම විශ්වාස භංගය “අද නොවේ හෙට යන්නට” වැඩ සිද්ධ වී ඇති බවය.

අද නොවේ හෙට යන්න අපේ ජනප්‍රවාදයේ පවතින අපූරු කතාවකි.
විශ්ණු දෙවියන්ට සෙනසුරු අපලය බලපෑම නිසා අලියෙකු වී බට කොල කන්නට සිදු විය.මෙලොව වසන කිසිවෙකුට සෙනසුරු අපලයෙන් ගැලවීමට බැරි බව කියවෙන්නේ ඒ නිසාය.තමාගේ ඒ දක්ෂකම නිසා සෙනසුරුද හිටියේ අධිමාන්නයෙනි.⁣
දිනක් සෙනසුරු ගණ දෙවියන් හමුවට ගොස් පැවසුවේ හෙට සිට ඔහුට අපල කරන බවය.ගණ දෙවියන් දේව මණ්ඩ⁣ලයේ මොළ කාරයාය.සෙනසුරු
ගේ කතාව ඇසු ගණ දෙවියන් කීවෙි හරි හරි හෙට ඉඳන් එහෙනමි මට අපල කරහං .හැබැයි ⁣ඒ අපලය කරන්නේ හෙට සිට බව ලියා පලයං කියාය.සෙනසුරුද එහි තිබූ ශෛලමය පූවරුවක ගණ දෙවියන්ට සෙනසුරු අපලය හෙට සිට යනුවෙන් සටහන් කොට යන්ට  ගියේය.නැවත පසු දිනයේ සෙනසුරු ගණ දෙවියන් හමුවට ආවේ සිය අපලය  ඇරඹීමටය.ගණ දෙවියන්  සෙනසුරු හට පෙන්වූයේ ඊට පෙර දින ඔහු විසින් සටහන් කර තිබූ ශිලා ලේඛනයයි.එහි තිබනේ ගණ දෙවියන්ට සෙනසුරු අපලය හෙට සිට යන්නය.
ගණ දෙවියන් ගේ ලෝකෝත්තර කපටි කමට තමා හසුවී ඇති බව සෙනසුරුට වැටහෙන විට සියල්ල සිදු වී හමාරය.
මෙි ගිවිසුම නිසා සෙනසුරුට ගණ දෙවියන්ට අපල කිරීමට කිසිම දිනක අවස්ථාවක් නොලැබිනි.අද නොවෙි හෙට යන්න ජනප්‍රවාදයේ තියෙන්නේ මේ දේව කතාව හා සම්බන්ධ කර ගනිමිනි.

විපක්ෂයේ විශ්වාස භංගයද අද නොවේ හෙට යන්න අප පැවසුවේද එය කිසි දිනක සිදු ⁣වෙන්නක් බවට විශ්වාස කරන්නට නොහැකි නිසාය.අපට ලැබී ඇති තොරතුරු අනුව විපක්ෂයේ ප්‍රබලයෙකුට අගමැති මහින්ද රාජපක්ෂ තර්ජනය කර තිබේ.ඒ එම විශ්වාස භංගය ගෙන ආව හොත් ඔහුගේ දූෂිත පැටිකිරිය සම්බන්ධ සියළු ලියකියවිලි හෙළි කරන බවටය. මෙම විපක්ෂයේ ප්‍රබලයා අගමැති වරයාගේ එම තර්ජනයෙන් බලවත් තැති ගැන්මට ලක් වූ බව කියවේ.යන යකා කොරහත් බිඳගෙන යනවා වාගේ රාජපක්ෂ සනුහරයත් සිතනවා වෙන්නට පුළුවන.

අගමැතිවරයා අද දින තමන් ඉදිරියටත් අගමැති තනතුරේ කටයුතු කරන බවට ප්‍රකාශ කරන ලද්දේ
විපක්ෂයේ විශ්වාස භංගය ගෙන එන්නේ නැති බවට සහතික කර ගැනීමෙන්  පසුවය. අපට සිතන්නට  තියෙන්නේ මෙරට දේශපාලනයේ හැටි ඔහොමය කියා විතරමය. 

Spread the love

Leave a Comment

You may also like