උණුසුම් පුවත්

ත්‍රස්තවාදීන් 2673ක් මේවන විට අත් අඩංගුවට , ශ්‍රි ලංකාවේ ත්‍රස්තවාදින් සිටිනවා පැමිණීම ඉතාම භයානකයි – ආණ්ඩුව ලෝකයට දෙන පණිවුඩය එයද ?

Spread the love

2022 ජුනි සිට මේ දක්වා 1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මෙතෙක් අත් අඩංගුවට ගෙන ඇති අති භයානක ගනයේ ත්‍රස්තවාදින් 2673 බව පොලිස් ලේඛණ අනුව පෙනි යයි.

ඒත් ඒ සියල්ල අත් අඩංගුවට පත්ව ඇත්තේ රනිල් රාජපක්ෂ බලයට පැමිණීමට මුලික වු අරගල ක්‍රියා කාරකයන්ය. ඔවුන් තුලින් බලයට පැමිණි වික්‍රමසිංහ ජනාධිපති මුලින්ම සිදුකලේ තමන් බලයට පැණිමට මුලික අරගලකරුවන් ත්‍රස්තයන් කොට ගාල් කිරීමය. ආර්ථික වශයෙන් රනිල් වික්‍රමසිංහ කුමක් රටට කලත් නොකලත් අනාගත්යේ දවසක රනිල් වික්‍රමසිංහට මේ ත්‍රස්ත පනතෙන් පලායාමට බැරි බව අපි සටහන් කර තබන්නෙමු.

දැන් රනිල් අයවැය ගෙනවිත් විදේශිකයන්ට රටට ඒමට අඩ ගැසුවත් අපි කියන්නේ ලෝක ජනතාවට ශ්‍රි ලංකාවට යාම ඉතාම භයානක බවයි . ඒ ආණ්ඩුවම කියන ආකාරයට ඊයේ දේශබන්දු ගේ අපරාධ කොට්ඨාශය කොටුව අධිකරණයේදි වසන්ත මුදලි ගේ නැමති මෙරට බිහිවු ප්‍රභලම ත්‍රස්තවාදියා බෙට් සීට් ඒකකින් ආවරණය කොට ඉදිරිපත් කරමින් කොළඹ ත්‍රස්තමර්ධන ඒකකයේ නිලධාරින් සමඟ කීවේ මෙරට ඉතාම භයන්කාර තත්වයක් තිබෙන බවත් , මේ ත්‍රස්තනායකයන් ජනතාවගේ බෙහෙත්,ඉන්දන ,දරුවන් ගේ කිරිපිටි නැති ප්‍රශණ පිලිබදව් විවිධ ක්‍රියාකාරකම් කරන බවකි.

මේ තුලින් අද ආණ්ඩුවම ලෝකයට කියන්නේ ශ්‍රි ලංකාවේ සිරි දමමලා, වසන්ත මුදලි ගේලා වැනි ත්‍රස්තයන් තවත් සිටින බවයි. එසේනම්  රනිල් වික්‍රමසිංහ විදේශිකයන්ට මෙරටට ඒමට  පැමිණීමට  කියා ආරාධනය කරන්නේ කුමන පදනම්ක් ඇතුවදැයි අපි ප්‍රශ්ණ කරන්නෙමු.

ඒ නිසාම  ඉදිරියේදි බ්‍රිතාන්‍ය .ජර්මනිය ,ප්‍රංශය, ඔස්ට්‍රිලියාව ,ඉතාලිය වැනි රටවල් මුලිකව ශ්‍රි ලංකාවට නොයන ලෙසත් ආණ්ඩුවම 1979 ත්‍රස්ත පනතක් තුලින් දිගින් දිගටම ත්‍රස්තවාදි වැටලීම කරන බැවින් එරටට යාම ඉතාම අනතුරු දායක බව ලොවට කීමට ප්‍රභල සැලසුමක් සකස්කරමින් තිබේ.

එසේත් නැතිනම් කමල් ගුණරත්න ,ටිරාන් ,දේශබන්දු එක්ව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයව විනාශ කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක වෙනවා දැයි ,ඒය රනිල් නොදන්නවා දැයි අපි අසන්නෙමු.

එසේ නැත්නම් රනිල් කලයුත්තේ ශ්‍රි ලංකාවේ ත්‍රස්තවාදින් නොමති බවට ලෝකයට කීමට ත්‍රස්ත පනත වහාම හකුලා දැමිය යුතුයි.


Spread the love

Leave a Comment

You may also like