උණුසුම් පුවත් උණුසුම් පුවත්

චික් විතරක් සිද්ධාලේප බන්දු ගූ වැඩ කරන්න එපා වාහේ

Spread the love

පාස්කු සැමරුම දින පොලිස්පති සිද්ධාලේප බන්දු කටුවාපිටිය පල්ලියට ගියේය.ඒ ගමන ගැන හිතන්නට බොහෝ දේවල් තිබේ.නුමුත් හිතෙන ඒවා හැම දෙයක්ම මෙතැන ලියන්නට බැරිය.ඒත් ඒ හිතන දේවල් ඇරඹෙන්නේ පොලිස්පතියා උගේ අම්මාට මොකද්ද කෙරුවානම් මීට වඩා හොඳ බව සිහිපත් කරමින් බව සඳහන් කළ යුතුමය.

පොලිස්පති සිද්ධාලේප බන්දු පාස්කු සැමරුමදා කටුවාපිටිය කතෝලික දේවස්ථානයට ගොස් කෙරුවේ කතෝලිකයන්ගේ  ඇඟේ ලේ කෝප කරවන කෝචෝක් කිරීමකි.ඒ ගැන ලියන්නට වචන නැත.හරි විදියට ඒ ගැන ලියනවා නම්  ලියන්න ඕනෑ  අමු තිත්ත කුණුහරුපයෙනි.

කෙසේවෙතත් කටුවාපිටිය පල්ලියට ගිය පොලිස්පතියා පිළිගන්න කිසිම කතෝලික පියතුමකු නොපැමිණීම ගැන නම් අපට සතුටුය.ඒත් පොලිස්පතියා ඇඳ⁣ ගෙන ගිය කලිසම ගලවා දමන්නට එකෙකු ඒ පල්ලිය අහල පහලවකවත් නොසිටීම ගැන හිතට දුකය.සැබවින්ම මේ තක්කඩියා ඇතුළු නඩයට කුණු බිත්තර වලින්වත් ගැසුවා නම් හොඳය.එහෙත් ජේසු ස්වාමි දරුවන් වහන්සේගේ කන්ද උඩ දේශනය ගැන දැනුවත් කතෝලික බැතිමතුන් වෛරී සහගතව මේ පාදඩ පාහරයා ගැන නොසිතුවා වෙන්නට පුළුවන.

පොලිස්පති සිද්ධා⁣ලේප බන්දු යනු ⁣පාස්කු ප්‍රහාරයට වග කිවයුතු විත්තිකරුවකු බව ජනපති කොමිසමකින් නිර්දේශ කර තිබේ.එහෙත් දැන් මේ පාහරයා හැසිරෙන්නේ ඒ බිහිසුණු මනුෂ්‍ය ඝාතනය පිළිබඳව  කිසිත් නොදන්නා ගානටය.පාස්කු දින මෙරට කතෝලික දේවස්ථාන හතරක හා තරු පහේ හෝටල හතරක සිඳු වූ බෝම්බ ප්‍රහාරයෙන් ම්ය ගිය සංඛ්‍යාව තුන්සියයකට ආසන්නය.තුවාල ලැබූ සංඛ්‍යාව පන්සීයකට දාහකට ආසන්නය.මේ සාපරාධී අපරාධය සිඳු කරන මිනීමරුවන් තවමත් නිදැල්ලේය.

රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාද සියල්ල වසන් කරගෙන ⁣කිසිත් නොදන්නා ගානට සිටී.පාස්කු දින සිඳුවූ එම මෙලෙච්ඡ ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තුව තුළ විපක්ෂය නියෝජනය කරමින් අඳෝනා නැගූ හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් වර්තමානයේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ඇමතිවරුන් බව⁣ට පත් වී සිටී.ඔවුන් දෙදෙනා ඇමතිකම් ලබා ගැනීම සඳහා සුදුසුකම් සපුරා ගත්තේ පාස්කු දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තුව තුළ නැගූ අඳෝනාවන් බව මෙරට ජඩ දේශපාලනය දන්නා ඕනෑම අයෙකුට වැටහේ.ඇමතිවරුන් ලෙස ⁣මේ තක්කඩියන් දෙදෙනාට පාස්කු ඛේදවාචකය ගැන මේ වන විට වගේ වගක් නැත.සැබවින්ම පාස්කු වින්දිතයන්ගේ සෝ සුසුම් නිසාම මතු යම් දිනයක මේ තක්කඩි පාහරයන්ට වැහි නැති හෙණ පාත් විය යුතුමය.  

සහරාන් හෂීම් ඇතුළු තවුහිද් ජමාත් සංවිධානය විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීම⁣ට සැළසුම් කර ඇති බවට රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට 2019 අප්‍රේල් 04 වන දින ලැබුණ බුද්ධි තොරතුර ඔහු එවකට පොලිස්පති පූජිත ජයසුන්දර වෙත අප්‍රේල් 08 වන ලබා දී තිබේ.

පොලිස්පතිවරයා එදිනම එම බුද්ධි තොරතුරු ඉදිරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නියෝග සටහනක් තබා  බස්නාහිර පලාත බාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු 04 කට යොමු කර ඇති බව සඳහන්ය.එවකට බස්නාහිර පලාත බාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ විය.ඔහු එදිනම ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම  සදහා සිද්ධාලේප බන්දු වෙතද ලිඛිතව යොමු කෙරිණි.ඒ බස්නාහිර පලාතේ අනෙකුත් නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනා ඇතුළත්වය.එහිදී ඡෙ.නි.පොලිස්පති එම නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට වැදගත් උපදෙස් හතරක්ද ලබා දී තිබේ.ඒවා මෙසේය.

1.ලිපියේ සදහන් මෙම පුද්ගලයන්ගේ

ඡායාරූප ලබාගෙන එම ඡායාරූප බුද්ධි 

නිළධාරීන් වෙත ලබා දී ඔවුන් අදාල ඉලක්කගත ස්ථාන වල හෝ ඒ අවට සිටීදැයි පරීක්ෂා කළ යුතුය.තවද ඔවුන් නවාතැන් පොළවල් ,කුලී නිවාස ආදියෙහි නවාතැන් ගෙන සිටිය හැක.එම ස්ථාන පරීක්ෂා කළ යුතුය.

2.බුද්ධි තොරතුර රහසිගතව තබාගෙන විමර්ශනය කළයුතු අතර මහජනතාව අනිසි බිය ගැන්වීමකට ලක් නොකළ යුතු බව අවධාරණය කරමි.

3.කතෝලික පල්ලි වලට ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවට වැටහේ නම් ඒ සඳහා නිසි ආරක්ෂා වැඩ පිළිපිලිවෙලක් සකස් කර ක්‍රියාවට නැංවිය යුතුය.එසේම එල්ල විය හැකි ප්‍රහාර කල් වේලා ඇතුව හඳුනා ගැනීමේ  ක්‍රමයක් ක්‍රියාවට නැංවිය යුතුය.

4.එමෙන්ම මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථානයන්හි වැඩ සටහන් /ප්‍රසංග වැනි කරුණු සදහා අනුමැතිය ලබා දීමේදී ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුය.

මේ උපදෙස් ලිපිය ⁣සිද්ධාලේප බන්දු තඹ දොයිතුවකට ගණන්⁣ ගෙන නැති බව හෙළිවී තිබේ.ඔහු එහිදී සිඳු කර ඇත්තේ එම ලිපිය කෙටි ආවරණ ලිපියක් සමග ඔහු යටතේ සිටින ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වෙත යොමු කිරීම පමණය.අඩුම තරමේ ඉහළින් ලැබී තිබුණ ලිපියේ දැක්වුන තොරතුරු වලට අමතරව නිළධාරීන් කළ යුත්තේ කුමක්ද යන ගැන උපදෙස්වත් ඔහුගේ ආවරණ ලිපියට ඇතුළත් කර නොතිබුණි.

සැබැවින්ම ඡෙ.නියෝජ්‍ය පොලිස්පති

වරයාගේ නියෝග ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරුවේ නම් මෙම ප්‍රහාරය වලක්වා ගැනීමට තිබුණ බව මලල්ගොඩ කමිටු වාර්තාවේ සඳහන් වේ.තවදුරටත් එම උපදෙස් එම ප්‍රහාරය වලක්වා ගැනීමට තිබූ බවට තමන් පිළිගන්නා බවද සිද්ධාලේප බන්දු ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ සාක්ෂි දෙමින් පිළිගත්තේය.එසේම තමන් අප්‍රේල් 18 වන දින තමන් නිවාඩු ගිය බවද එසේ නිවාඩු යද්දී වැඩ බලන පොලිස්පතිවරයාට තමන් ඒ පිළිබඳව වැඩිමනත් දැනුවත් කිරීමක් නොකළ බවද එහි සාක්ෂි  දෙමින් වැඩිදුරටත් සිද්ධාලේප බන්දු පිළිගෙන තිබේ.

මේ සියල්ලටම වඩා බරපතල වන්නේ සිද්ධාලේප බන්දු නිවාඩු සිටියදී බණ්ඩාරගම අධිවේගී ප්‍රවේශයේ රාජකාරි කළ පොලිස් නිළධාරියෙකුට දුරකථන ඇමතුමක් ලබා දී සැක සහිත ලොරියක් මුදා හැරීමට නියෝග කිරීමය.මාධ්‍ය මගින් දිගින් දිගටම චෝදනා කරන ලද්දේ එම ලොරිය සහරාන් ඇතුළු කණ්ඩායම බෝම්බ ප්‍රහාරය සඳහා යොදා ගත් වෙඩි ද්‍රව්‍ය පානදුර කෙසෙල්වත්තට ප්‍රවාහනය කළ ලොරිය බවය.එහෙත් ⁣එම චෝදනාව මෙතෙක් කිසිඳු විමර්ශනයකට ලක් වී නැත.

 කෙසේවෙතත් පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ⁣සිද්ධාලේප බන්දු වෙත සමාජයෙන් එල්ල වෙන චෝදනා අතුරෙන් ඇතැම් චෝදනා ජනපති විමර්ශන කොමිසන් සභාවේදී සාක්ෂි දෙමින්  ඔහු විසින්ම පිළිගෙන ඇති චෝදනා වේ.එහිදී ඔහුගේ නොසැලකිළිමත් රාජකාරි කිරීම් වලට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙසටද පොලිස් කොමිසම වෙතටද උපදෙස් දී ඇතත් ඒ කිසිවකුත් ක්‍රියාත්මක වී නැත.

සිද්ධාලේප බන්දු දැන් හැසිරෙන්නේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ කාලයේදී රාජපක්ෂ පවුල හැසිරුණ තිරිසන් මෙලේච්ඡ ආකාරයටය.එම හැඩයටමය.පොලිස්පතිවරයා  ලෙස සිද්ධාලේප බන්දු හා නීතිය හා සාමය බාර ඇමතියා වර්තමානයේදී ක්‍රියාත්මක වන්නේ තමන් දෙදෙනාට ඉහළින් කිසිවකුත් නැති ගානටය.ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මානව හිමිකම්  රෙන්නට ගොස් පුක පිහ දාන කඩදාසියකට තරම⁣ටවත් මේ කාලකන්නියන් දෙදෙනා ගණන් ගන්නේ නැත.අපට පුදුමය ඇත්තේ මාලිමාවේ දේශපාලන නායකයන් මේ පාදඩයන් දෙදෙනාගේ අනීතික ක්‍රියාවන්ට එරෙහිව කටේ කෙල බිඳුවක් බිම නොදැමීමය.

මහින්ද රාජපක්ෂ ජනපති වරයා ගේ කාලයේදී බලයෙන් වියරු වැටුන රාජපක්ෂ උන්මත්තකයන් මෙරට නීතිය වැදගම්මකට ඇති දෙයක් ලෙස නොසැලකීය.මේ තිරිසනුන් බොහෝ අවස්ථාවලදී මෙරට නීතියට කෝචෝක් කළ ආකාරය බොහෝ දෙනාට අමතක වන්නට ඉඩක් නැත.පොලිස්පති සිද්ධාලේප බන්දු පසුගිය පාස්කු දිනයේදී කටුවාපිටිය පල්ලියට ගොස් කතෝලික ප්‍රජාවට හැඟවූයේ දැන්වත් උඹලා ආච්චිට හාල් ගරන්නේ නැතුව ඉඳපල්ලා කියා වෙන්නට පුළුවන.මේ අශීලාචාර තිරිසනා එහිදී ඔහු සමග සිටි ඕඅයිිිසී ගෙන් විමසුවේ “මං එවපු බඩු ඇති වුනා නේද” කියාය.ඉන් අනාවරණය වූයේ එම පල්ලියට යම් පූජාවක් කිරීමට අවශ්‍ය කෙරෙන භාණ්ඩ සිද්ධාලේප බන්දු විසින් එවා ඇති බවය.මේ විමසීම හරියටම මහින්ද රාජපක්ෂ දේශපාලන වේදිකාවේදී අල කීයද මිරිස් කෝමද දැන් ෂැපද කියමින් විපක්ෂයට කළ අපහාසයට සමානය.කෙසේවෙතත් පාදඩ සිද්ධාලේප බන්දු පල්ලියට එසේ පූජාවක් එවා ඇත්තේද පොලිස් ප්‍රතිපාදන වලින් මිස උගේ අම්මාගේ අප්පාගේ දේපොල වලින් නොවන බවද සහතිකය. 

පොලිස්පති සිද්ධාලේප බන්දු පාස්කු දින සිදු කළ කතෝලික පල්ලි වන්දනාව ගැන අපට අවසානයට කියන්නට ඇත්තේ මෙච්චරය.ඒ පාදඩ බල්ලෙක් වුනාට බලුකම් කරන්න එපා වාහේ කියාය. 


Spread the love

You may also like