උණුසුම් පුවත් දේශපාලන

ආප්ප සිරා ගේ තක්කඩි ගේමට විමලේ හා ගොමා බිලි වෙයි…!!

Spread the love

විමලයා හා ගොමා ආණ්ඩුවෙන් එළියට බැස අවසානය.විමලේ ආණ්ඩුවෙන් එළියට බහින්නට පෙර ගණන් හදා ගෙන සිටියේ කවුරු නැතුවුනත් අගමැති මහින්ද මහත්තයා තමන් ආරක්ෂා කරන බවය.ඒත් අගමැති මහින්දද විමලේට හා ගොමාට ⁣ෂොට් එක දුන්නේ ඔවුන් ඇමතිකම්වලින් එළවා දැමීම සාධාරණී කරණය කරමිනි.

දැන් විමලේ ඉන්නේ අංඥ කොරොස් වෙලාය.යන එන මං නැතුවය.ඇමතිකම් වලින් එළවා දැමීමට පෙර විමලේ හා ගොමා ආණ්ඩුව වෙනුවෙන් පෙනී හිටියේ කොන්දේසි විරහිතවය.විමලේ ගේ සගයන්ද එහෙමය.ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහාම ජනතාවගේ දේශප්‍රේමය අවුළුවන වචන සැට් එකක් විමලයා ගාව තිබුණි.විමලයාගේ වචන වලින් කියනවානම් මේ රටේ දේශප්‍රේමයේ  එකම ආරක්ෂකයන් වූයේ රාජපක්ෂ වරුන්ය.එහෙත් රාජපක්ෂ පවුලේ  “අවලස්සන ඇමරිකානුවා ” හෙවත් බැරිසිල්ට විමලේ හා ගොමා වහකදුරු චරිත විය.ඒ ඔහු මේ දෙදෙනා අමු තක්කඩියන් දෙදෙනෙකු බව වටහාගෙන සිටි නිසාය.

ආප්ප සිරාට පරාදව මැදමුලන බංගලාවෙ  සුළඟ අවුළවා ද මහින්ද රාජපක්ෂ නැවත දේශපාලන පිටියට උස්සාගෙන ආවේ විමලේ ගේ වුවමනාව නිසාය.ඒ වන විටත් මහින්ද රාජපක්ෂ සිටියේ පරාජය බාරගෙන නිහඬව ඉන්නටය.ඔහුට තිබුණ එකම ප්‍රශ්ණය වී තිබුණේ තමන්ට හා පවුලේ උන්ට මුහුණ දෙන්නට සිදු වන නඩු හබය.එහෙත් රනිල් හා පැවැති ගණුදෙනුව ඒ සඳහා සවිමත් රක්ෂණ ආවරණයක් සපයා තිබීම මහින්දගේ නැවත දේශපාලන ආගමනය තුළ ස්ථාවර පදනමක්  විය. මෙරට දේශපාලන බලය උදුරාගැනීම සඳහා විමලේගේ මහින්ද සුළඟ හැමුවේ මෙවැනි වටපිටාවකය. 

දෙදහස් පහළොවේ පරාජයෙන් පසුව පැදුරු කොට්ට රැගෙන ඇමරිකාවට පලා ගිය බැරිසිල් නැවත ලංකාවට පැමිනෙන්නේද යහපාලන ආණ්ඩුව කුජීත කිරීමට හැකි තුරුම්බු  සියල්ල රාජපක්ෂලාගේ අතට ලැබුණ පසුවය.බැරිසිල් යනු පට්ට හොර ගෙඩියෙකි.මෙරට දේශපාලනයේ පක්ෂ විපක්ෂ කෙරුම්කාරයන් ඔහු හදුන්වන්නේ සියයට දහයේ ගණුදෙනු කරන්නා ලෙසටය.මෙරට සිදු කළ අධිවේගී මාර්ග ආදී සෑම  ව්‍යාපෘතියකින්ම සියයට දහයක් කොල්ල කා ගැනීමේ පුරුද්දක් හා භාවිතයක් බැරිසිල් තුළ පැවතුනි.අනෙක් කාරණය වන්නේ සිය කණ්ඩායම තුළ අනෙකාට ඇහුම්කම් දෙන සිරිතක් බැරිසිල්ට නැත.සැබැවින්ම අනෙකා ගෙන එන යෝජනා අදහස් ඩෝසර් කොට තමාගේ ඕනෑ එපාකම් ඉටු කර ගැනීම බැරිසිල් ගේ සිරිතය.එහෙත් විමලේ හා ගොමා බැරිසිල් ගේ මෙම අධිපතිවාදී හැසිරීමට යටත්වූවෝ නොවෙති.
විමලේ හා ගොමා යනු සිය දේශපාලනය පිළිබඳව අධි තක්සේරුවෙන් හා උද්දච්ච
තක්කඩියන් දෙදෙනෙකි.ඔවුන්ට මේ වන විට දේශපාලනික කෙලවීමේ ප්‍රධාන හේතු සාධකය වන්නේද මෙි අහංකාර මනෝ භාවයන්ය.ඊයේ පෙරේදා ආණ්ඩුවෙන් එළියට බැස ගත් මොවුන් දෙදෙනා දැන් ආණ්ඩුවට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නේ හදි⁣සියේ නින්දෙන් අවදිවුනා වාගේය.පහුගිය මාර්තු 2 වනදා මුළු රටම හරි මගට ගන්නට විමලේලා පැවැත්වූ රැස්වීමේදී මෙහෙම කීවේය.

” පාරෙ යන වාහනේට තෙල් ටික නැත්නම් පාර කන්නද ආණ්ඩුවක් තියෙනවා මේ තත්වය ගැන බැරෑරුම් සාකච්ඡාවකින් තොරව පාලකයෝ ඉන්නවා මේ තත්වය ගැන බැරෑරුම් අවධානයකින් තොරව මේකෙන් ගොඩ එන්න ප්‍රධාන පියවර කීපයක් ගන්න ඕනෑ.පළමු කොට විශේෂඥ සහාය ගන්න ඕනෑ.තමන්ට සියල්ල තේරෙනවා ⁣මගේ මො⁣ළෙයි ඉතුරු තව හයයි තියෙනවා ඒ නිසා මට කිසිම ප්‍රශ්ණයක් නෑ මට මොනවටද විශේෂඥ සහාය මම හිතන වාදියට ඔක්කොම වෙනවානම් කියන උද්දච්ච මානසිකත්වයෙන් මේ අභියෝගය ජයගන්න බෑ….මම ලෝකෙ කිසිම මුදල් ඇමති කෙනෙකුගෙන් අහලා නෑ කළු සල්ලි මාර්කට් කරනවා අපේ රට එක්කයි මේ සෙල්ලම් කරන්නේ අපට ඩබල් රටවැසි භාවයක් නෑ.ඉන්න හරි මැරෙන්න හරි ඔක්කොම තියෙන්නෙ මෙතැන……”

විමලයා මේ පතුරු ගෑහැව්වේ බැරිසිල්ය.විමලයාට මේ චන්ඩි කතාව කරන විට පක්ෂ එකොළහක නායකයන් ඒ වේදිකාවේ අසුන් ගෙන සිටි බව දකින්නට තිබුණි.එම නියෝජනයන් අතර සිටි ඇතැම් පක්ෂ බෝඩ් ලෑලි පක්ෂ වූ අතර පාර්ලිමේන්තු නියෝජනය කළ පක්ෂ දෙක තුනක්ද එහි විය.ඒ අතර විශේෂත්වය වූයේ ආප්ප සිරා ගේ නියෝජනයයි.
ආප්ප සිරා……..
ආප්ප සිරා යනු මෙරට දේශපාලනයේ නොසන්ඩාල තක්කඩියෙකි.මේකාගේ පොළොන්නරු දේශපාලනයේ ආරම්භයද තක්කඩි හා කපටි කමෙන් පදනම දමා ගන්නා ලද්දකි.සමගි පෙරමුණු ආණ්ඩුවේ පෙළොන්නරුව ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූයේ ලීලාරත්න විජේසිංහය.මේ කිසිවෙකුට කරදරයක් නොකළ මන්ත්‍රීවරයා අහිංසකයෙකි.ලීලාරත්න විජේසිංහ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ලේකම් වරයා වූයේ ආප්ප සිරාය. පොළොන්නරුව ශ්‍රීලනිප සංවිධායක කම ලීලාරත්න විජේසිංහගෙන් ඉවත් කොට තමන් වෙත ලබා ගන්නට ආප්ප සිරා අමුතුම ගේමක් සැළසුම් කෙරුවේය.අගමැතිණි සිරිමාවෝ පොළොන්නරු ආසනයේ සංචාරයකට පැමිණෙන දිනයක ලීලාරත්න විජේසිංහට කරටිය කැඩෙන තරමෙි  අරක්කු පානය කිරීමට සැලසුවේ ආප්ප සිරාය.සංචාරයට පැමිණි සිරිමාවෝ අගමැතිණිය බීමත්ව සිටින මන්ත්‍රීවරයා දැක කෝපයට පත්ව පොළොන්නරුවේ ඉදිරි පක්ෂ සංවිධාන කටයුතු ආප්ප සිරාට බාර දෙන ලදී.එතැන් සිට වර්තමානය දක්වාම ආප්ප සිරා ගේ දේශපාලනය තුළ ඇත්තේ මේ ආකාරයේ තක්කඩි ගේම්ය.
එහෙත් මෙම තක්කඩි ගේම් එළිපිට දැකගත හැකි ආකාරයේ ඒවා නොවේ.සැබැවින්ම ඒවා තේරුම් ගන්නට බැරි තරමට සංකීර්ණය.උඩින් පල්ලෙන් බලන අයෙකුට ආප්ප සිරාගේ තක්කඩි පෝරිසාද ස්වභාවය කෙසේවත් තේරුම් ගන්නට බැරිය.එහි සැබෑ ස්වරූපය වටහාගත හැක්කේ ඔහු සමීපව සිටි පුද්ගලයන්ට විතරය.ආප්ප සිරා යහපාලනයේ ජනාධිපතිවරයාව සිටි කාලයේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ සේවය කළ මෙරට පරිපාලන ⁣ක්ෂේත්‍රයේ දැවැන්තයකු වූ ලයනල් ප්‍රනාන්දු එම සේවාවෙන් ඉවත්ව ගොස් මාධ්‍යයක් වෙත කළ ප්‍රකාශය මේ වන විට කිසිවෙකුට මතක නැතිවන්නට පුළුවන.කාට අමතක වුනත් අපට ලයනල් ප්‍රනාන්දු ආප්ප සිරා ගැන දුන් චරිත සහතිකය අමතක කරන්නට බැරිය.ලයනල් ප්‍රනාන්දු එහිදී කිව්වෙි මෙරට දේශපාලනයේ ආප්ප සිරා තරම් කට්ට කයිරාටික තක්කඩි දේශපාලකයකු තමන්ට මුණ ගැසී නැති බවය.
ආප්ප සිරාගේ මගෝඩි කෙරුවාව ගැන ඒ චරිත සහතිකය හොඳටම ඇතිය.වර්තමානයේදී විමලයා හා ගොමා දේශපාලනය තුළ කරකවා අතෑරියේද ආප්ප සිරා බව කාටවත් වැටහීමක් අවබෝධයක් නැතුවා වෙන්නට පුළුවන.
මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුව තුළ ආප්ප සිරා හා ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම සිටියේ සෙලවෙන දතක් විදියටය.ඒ අතරේම පාස්කු  ඛේදවාචකය සම්බන්ධයෙන් ආප්ප සිරා අත්අඩංගුවට පත්වීමේ අවදානමක්ද තිබුණි.මේ සියල්ල පිළිබඳව ආප්ප සිරා සිටියේ ඉතා හොඳ අවබෝධයෙනි.පොහොට්ටු ආණ්ඩුවේ ඇමතිවරුන් වූ විමලේ හා ගොමා සම්බන්ධයෙන්ද ආප්ප සිරා තුළ පැවැතියේ නොපහන් හැඟීමකි.

බැරිසිල් හා විමලේ අතර ආරවුලක් මතු වීම ආප්ප සිරාට  හදිසියේ ඇදුන ලොතැරැයියක් විය.ආප්ප සිරා ඒ තුරුම්බුව අතට ගත්තේ කාටවත් නොදැනෙන පරිදිය.මුළු රටම හරි මගට යන දේශපාලන ව්‍යාපෘතියේ ඉත්තන් එහෙට මෙහෙට ඇද විමලේ හා ගොමා රජ ඉත්තන් ලවා කප්පවා දැමීමට හීන් නූලෙන් ගේම දුන්නේ ආප්ප සිරාය.දැන් ආප්ප සිරා හා ශ්‍රීලනිප කණ්ඩායම මුළු රටම හරි මගට ගන්නට කරණම් ගැසූ විමලේ හා ගොමා අත්හැර අවසන්ය.මේ වන විට ආණ්ඩුවේ ප්‍රධාන ආරක්ෂකයා වී ඇත්තේ ආප්ප සිරාය.ඔහු ගේ මේ සැලසුම දෙදහස් පහලොවේ ජනපති අපේක්ෂකයා වීමට පෙර දින රාත්‍රියේ මහින්ද රාජපක්ෂ හා එකට එක මේසයේ  බිත්තර ආප්ප කෑමට නොදෙවෙනිය.

විමලේට හා ගොමාට දැන් සිද්ධ වී ඇත්තේ පැත්තකට වී විරවා ගෙන සිටින්නටය.හෙට අනිද්දා වන විට දෙදෙනාම වැලිකඩ ජම්පර අඳින්නට ඉඩ තිබේ.ඒ තීන්දුව එනු ඇත්තේ මෙි දෙදෙනාගේ හෙට දවසේ කෙරුවාව මතය.

කෙසේ වෙතත් ආප්ප සිරා  ගේ දීර්ඝකාලීන දේශපාලන තක්කඩිකම තුළ විමලේ හා ගොමා කිරි සප්පයන් බව  කිව යුතුමය.


Spread the love

Leave a Comment

You may also like