උණුසුම් පුවත්

රජරට හරහා ඉදිවන උමග සහ නිධන් ගොඩදැමීම.

Spread the love

රාජපක්ෂලා යනු කිසිදු නිධානයක් අතහරින උන් නොවේ. උන්ගේ නිධන් ගොඩදැමීමේ ඉතිහාසය සැකවින්.
යුද්ධය සැරට යන කලේ සෝමාවතීය අසල තිබූ නිධානයක් ගොඩදැමීමේ හමුදාව යොදාගෙනය. එහි තිබූ වස්තුව හෙලිකොප්ටර් මගින් අරලියගහ මන්දිරය වෙත ගෙන ආවේය. යුද්ධය කාලේ අරලියගහ මන්දිරය තොයිල් පොලක් විය. ඉන්දියාවේ පූජකයන් එහි පූජා පැවැත්වීය. මේ නිධානය දුටු පූජකයන් කීවේ එය ආපසු ගෙනගොස් දමන ලෙස හෝ මරනයට සූදානම් වන ලෙසයි. එසේම එම පාපය ගෙවා දැමීමට ලක්ශයක් දෙනාට සෝමාවතීය වැන්දවිය යුතු විය.
මේ කොන්ත්‍රාත්තුවට කරගැසුවේ කිරිබත්ගොඩ ඥානාන්දය. ඔහු සර්වරාත්‍රී පිරිතක් සංවිධානය කලේය. එදින රත්‍රී ඇදහැලුණු මහා වැස්සට වාහන පාරේ එරී ගියේය, මිනිසුන් කිහිප දෙනෙක් මියගියේය. ඥානානන්ද වැඩේ තේරුම් ගෙන අයින් විය. මෙවර නන්දසේනට කඩේ ගියේය.
ඊලගට රාජපක්ෂලා අත ගැහුවේ දොරමඩලාවෙ නිධන් වෙතටයි. මීට යොදාගත්තේ දැයට කිරුළයි.දොරමඩලාවෙන් දඹරන් නැවක සහ කරත්තයක් වූ මුතු මැණික් විශාල ප්‍රමාණයක් ලබාගත්තේය. බර්ටි ප්‍රේමලාල් මේකට කරගැසුවේ එම නිධානය ගත් අයෙක් මහාසෑය වදින්න එන අයට හැමදාම තුන්වේල කන්න දියයුතුවිය. ඒසදහා රුවන්වැලි මහාසෑයේ ඉදිරියේ රථගාලේ දන්සැලක් ඉදිවිය. කෙටිකලකින් එය අවසන් විය.
ඒ සාපයෙන් ගැලවීමට බෙල්ල දුන්නේ දරණාගම කුසලධම්ම ස්වාමීන්වහන්සේය. උන් වහන්සේ ශ්‍රී මහා බෝධියට රන් පළ්දනාවක් පූජා කිරීමට සංවිධානය කලේය. එයද  මහින්දගේ පව් සමා කිරීමටය අවසානයේදී උන් වහන්සේ අපවත්වී වැඩේ අවසන් විය.
දැන් රාජපක්ෂලා හදන්නේ කුමක් හෝ පොලව යට තිබෙන රන් රිදී මුතු මැණික් ගොඩ දැමීමටය. හැමදේම චීනට දෙන රාජපක්ෂලා මේක ආසියානු සංවර්ධන බැංකු ණයකින් කරන්න යන්නේ තමන්ගේ අයම දමා හාරා ගැනීමටයි.
පාරවල් සදහා කැලෑ කපන නන්දසේන එකපාරටම රක්ෂිත හරහා ඇල මාර්ගයක යෑම ගැන කලබල වියයුතු නැත. ඇල මාර්ගය පාරක් නොවේ සතුන්ට වතුර හරි බොන්න පුලුවන්ය.
මේ හදන්නේ තවත් මහා නිධන් මංකොල්ලයක් සදහා පිඹුරු පත් සකසා වසර 4 අවසානයේදී සියල්ල කොල්ලකා පලායාමටයි.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like