Spread the love

චැනල් ෆෝ නාලිකාවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විකාශනය වීමෙන් පසුව ආණ්ඩුවේ ප්‍රබලයින් බොහෝ දෙනෙකු ඒ පිළිබඳව නිහඬ ව්‍රතයක් පිරීම දකින්නට ඇති විශේෂ සිදුවීමකි.ඉන් අනාවරණය වන්නේ රාජපක්ෂ පවුල රැකීමට දැන් පාර්ලිමේන්තුව තුළ සිටින්නේ අතලොස්සක් බවය.

⁣ජාත්‍යන්තරය ගැන අබ මල් රේනුවක තරමේ කියවීමක් හෝ හැදෑරීමක් නොමැති ගොබ්බ චීවරධාරීන් දෙතුන් දෙනෙකු හැරෙන්නට රාජපක්ෂ වරුන් වෙනුවෙන් මරා ගෙන මැරෙන සයිස් එකේ වහන්තරාද පේව්මන්ට් එකේද දකින්නට නැත.

වෙනදා එහෙම නැත.රට බේරා ගත් අප්පච්චී වෙනුවෙන් හොටු පෙරා ගෙන තැන අඬන ඉකිබිඳින විලාප දෙන වුන් අහුරු අහුරු දකින්නට සිටියේය.එදවස චැනල් 4 මෙවැනි වැඩ සටහනක් කෙරුවා නම් ඒ වැඩසටහන කළ නිෂ්පාදකයා තොලොංචි වී යන්නට සීනිගම පොල් ගහන මිරිස් අඹරන පොහොට්ටුවේ සිල්ලර කෑලි ගැන නයා වාහිනියද කුඩු වාහිනියද තත්ප⁣රයෙන් තත්පරය විකාශනය කරන බවද නිසැකය.

කාලෝ අයංතේ කියන්නේ මේකටය.

රාළහාමිගේ බල්ලා මැරුණ දවසේ ගම් නියම් ගම් වලින් රාළහාමිගේ ගෙදරට ආවේ ශෝකය ප්‍රකාශ කරන්නටය.ඒත් පැන්ෂන් ගිහින් වල කජ්ජ ගැසූ රාළහාමි මැරුණු විට ගොක් කොලයක් ඇද ගන්නවත් බලු බල්ලෙක් ආවේ නැත.මේ  පැරැන්නන් කට කහනවට පැවසූ කතන්දර නොවේ.

මහ රාජපක්ෂ තවම මැරුණේ නැත.උන්දෑ ඉන්නේ දෙකට දෙවාරයේ විඳවමිනි.උන්දෑ  කරපු පව් පණ පිටින් ඉන්න විටදීම පල දෙමින් තිබේ.හිතේ හයිය තියෙන දවස්වල රඟන වුන්ට වයසට යන විට සිද්ධ වෙන දේ මහ රාජපක්ෂ උදාහරණයට ගෙන පාඩම් ඉගෙන ගන්ටත් පුළුවන.

කෙසේ වෙතත් චැනල් 4 වැඩසටහන ගැනත් ඒ ගැන වටේ පිටේ වුන් දැක්වූ උදාසීන ප්‍රතිචාර ගැනත් සාටකයන්ටත් ඒ වාහේලාට කඩේ ගිය වහළුන්ටත් දැන්  දැන් වැටහෙනවා ඇතිය.තමන්ට දැන් කෙලවෙලා තියෙන බව මේ තක්කඩියන්ට වැටහෙනවා නම් ඒ මේ රටේ කල දසාව හොඳ වෙන බව⁣ට පෙර නිමිත්තකි.

මේ සිද්ධියේ හොදම සීන් එක වෙන්නේ චැනල් 4 වැඩසටහන ප්‍රචාරය වූ දිනට පසු දින පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වූ රටේ ආරක්ෂක ඇමතිවරයා වූ ජනපති රනිල් හාමු මෙි ගැන කටේ කෙල බිඳුවක් හැලුවේ නැති එකය.හරි විදියට චැනල් 4 එකට කුඩු⁣ වෙන්න ගහන්න පුළුවන්කම තිබුණේ රනිල් හාමුටය.ඒ ආරක්ෂක ඇමති හන්දාය.

රනිල් හාමු ජනපති පදවියට පත් වූ දවසේ පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් හමුදාවේ භට පිරිසක් හමුවී ලව් කතා බස් කළ හැටි අපට මතකය.ඒත් චැනල් 4 වලින් රටේ ජාතික බුද්ධි ප්‍රධානියා වන මේජර් ජනරාල් සලේට එරෙහිව චෝදනා නැගෙන විට ඔහු ගේ නිර්දෝශී බව කියන්නට රටේ ආරක්ෂක ඇමතිවරයා වූ රනිල් හාමු කටක් ඇරියේ නැති වීම පුදුම සහගතය.ඒ විතරක් නොවේය.ආරක්ෂක අමාත්‍යංශයද ඒ ගැන ගොළු වෙලාය.මේජර් ජනරාල් සලේ වෙනුවෙන් පෙනී හිටියේ අහක යන සිල්ලර කෑල්ලක් විතරමය .ඒ ඊනියා මහාචාර්ය රොහාන් ගුණරත්න කියන අපතයාය.

කරන කලට පව් මීරිය මීසේ කියන්නේ ඕකටය.දැන් මේජර් ජනරාල්ට සලේට සිද්ධ වී තියෙන්නේ හැම පවකටම කර ගහන්ටය.ඇත්තටම ඒ දුක දැනෙන්නේ සලේට විතරක් නොවේ.සලේ ගේ අඹු දරුවන්ටත් දැනෙනු ඇත්තේය.ඒත් ⁣පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අසරණයන් ගේ ඥාතීන්ගේ අඳොනා සලේ ගේ පවුලේ වුන්ගේ දුකට වඩා දාස් ගුණයකින් මේ මහ පොළොව කම්පනය කරමින් තිබේ.ඒ නිසා සලේ වැනි මෙලේච්ඡයන් ගැන හෝ ඒකාගේ අඹු දරුවන් ⁣ගැන කිසිම කණගාටුවක් ඇති කර ගත යුතු නැත.

තමන් ගේ පැවැත්ම සඳහා දේශපාලන මෙලේච්ඡයන්ට ගෝනි නැතුව කඩේ ගිය වුන්ට අවසානයේ සිද්ධ වෙන දේ ගැන තේරුම් ගන්නට සලේ හොඳ පාඩමකි.සලේටත් තමන් කළ කී දෑ ගැන සිහිපත් කර යන තැනට වැඩ සිද්ධ කර ගැනීමට නම් ඇත්ත හෙළදරව් කර හෘද සාක්ෂිය නිරවුල් කර ගත හැකිය.

දැන් රාජපක්ෂ සාටකයන් සලේ බේරා ගන්නට එන්නේ නැත.සලේ සමග සිටි අනිත් මල්ලිලා බේරා ගන්නට එන්නේද නැත.සොනික් සොනික් ලාට පවා බඩු බනිස් නියමිතය.සලේ හා අනිත් මල්ලිලාද ඒ ගැන වටහා ගත යුතුය.

ජනරල් සලේ අද තනියම වෙල මැද්දේය  කාත් කවුරුවත් ෂපෝට් එකට නැත.මේ රටේ නඩු කාරයන් බඩු කාරයන් වී නීතිය බල්ලාට වැටුනත් “ඉබේනිස්” නඩු අහන දවසට  සියල්ල කෙලවිලා යන  බවට මිනිසුන් අතර අදහසක් තියෙන්නේ ඔළුවේ අමාරුවට නොවේ.

එහෙම සිද්ධ⁣වුන අත් දැකීම් ඇස් පනා පිට අසා දැක පුරුදු හෙයිනි.  


Spread the love

You may also like