උණුසුම් පුවත්

විදුලි බල ඇමැත්තා මානව හිමිකම් කොමිෂමට තර්ජනය කරයි

Spread the love

මෙරට මනෙව හිමිකම් කොමිෂමට එරෙහිව නඩු පවරන බවට ට්විටරයක සටහන් කළ විදුලිබල ඇමති කාංචන විජේසේකරගේ පැටිකිරිය පිළිබඳව අපි මීට පෙර අනාවරණය කෙරුවෙමු.මේ ගොන් වස්සා ට්විටරයක් මගින් අගෞරවයට ලක් කර ඇත්තේ මානව හිමිකම් කොමිෂම් සභාවේ ක්‍රියාකාරිත්වයයි .එපමනක්ද නොවේ ⁣මොහු ඉන් මානව හිමිකම් කොමිෂමට තර්ජනයක්ද  කර තිබේ.

මානව හිමිකම් පනතේ 21(1) වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභාවේ අධිකාරියට හෝ ඊට අගෞරව වන පරිදි සිදු කරන ලද සෑම අපහාස වරදක් සම්බන්ධයෙන් ඒ වරද ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකාරියට විරුද්ධව හෝ ඊට අගෞරව වන පරිදි සිදු කරන ලද අපහාස වරදක් වූවා මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඩුවම් ලැබිය යුතු අතර,ඒ සෑම වරදක්ම විභාග කිරීමේ අධිකරණ බලය මෙයින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරෙන්නේය යනුවෙන් සඳහන් වේ.
එහි 21(2) වගන්තියේ දැක්වෙන්නේ කොමිෂන් සභාව සම්බන්ධයෙන් කොමිෂන් සභාව ඉදිරිපිටදී හෝ අන්‍යාකාරයකින් හෝ කරන ලද හෝ නොකරන ලද යම් ක්‍රියාවක් ඒ කරන  ලද හෝ නොකර හරින ලද ක්‍රියාව ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් කරන ලද නම් හෝ නොකර හරින ලද නමි ඉන් ඒ අධිකරණයේ අධිකාරියට විරුද්ධව හෝ ඊට අගෞරව වන පරිදි අපහාස වරදක් සංයුක්ත  වන්නේ නම් කරන ලද හෝ නොකර හරින ලද ඒ ක්‍රියාවෙන් කොමිෂන් සභාවේ අධිකාරියට විරුද්ධව හෝ ඊට අගෞරව වන පරිදි අපහාස වරදක් සංයුක්ත වන්නේය යනුවෙනි.
විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර ගොන් වස්සා මානව හිමිකම් කොමිෂමට කර ඇති තර්ජනය හා අපහාසය සම්බන්ධයෙන් වහාම මානව හිමිකම් කොමිෂම මැදිහත් විය යුතු බව අපේ විශ්වාසයයි. එහෙත් මොහු විසින් සිදු කළ තර්ජනය හා අපහාසය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂම තවමත් සිටින්නේ නිහඬවය.එය මෙරට මානව හිමිකම් ක්‍රියාකාරිකයන් විසින් බරපතල ලෙස අවධානයට ගත යුතු කාරණයකි.
මේ ගොන් වස්සා මේ වන විට මහජන උපයෝගිතා කොමිෂමේ සභාපති ජනක රත්නායකට තර්ජනය කරමින් සිටී.මේ වන විට කාංචන විජේසේකර ගේ මැදිහත් වීමෙන් මෙරටට ගෙන්වන ගල් අඟුරු හා ඉන්ධන සදහා වූ ටෙන්ඩර් ක්‍රියාවලියේදී තක්කඩි ජවාරමක් සිදුවන බව අනාවරණය වී තිබේ.
ඒ මෙහි  ඒකාධිකාරය කොරල් එන්ර්ජි නම් ඩුබායි රාජ්‍යයේ පිහිටි සමාගමකට පැවරීම සදහා වූ මගෝඩි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.මේ සමාගම නාමල් රාජපක්ෂ හා ඔහුගේ සොහොයුරාට සෘජුවම සම්බන්තාවක් පවතින බව අප මීට ඉහතදීද අනාවරණය කර තිබේ.මෙරටට ගල් අඟුරු කඩිනමින් අවශ්‍ය බව පෙන්වා එම හදිසි අවශ්‍යතාව මත කොරල් එනර්ජි සමාගමට එම කොන්ත්‍රාතුව පැවරීමට කටයුතු සැළසුම් කර ඇතැයි අපට දැන ගැන්මට තිබේ.

මේ තක්කඩි ජාවරම පිටුපස සිටින්නේ බැසිල් රාජපක්ෂ බවද ⁣අනාවරණය වේ.  කාංචන විජේසේකර විදුලි බල ඇමතිවරයා ලෙස තියාගෙන ඉන්නේද රාජපක්ෂ පවුලේ ජාවරම් ලේසි⁣යෙන් කරගෙන යාම සඳහාය.


Spread the love

Leave a Comment

You may also like