උණුසුම් පුවත් දේශපාලන

ලෝකයේම ඉන්න ශ්‍රි ලාංකිකයෝ කීවේ රාජපක්ෂලාට යන්න කියලා – ඔන්න ගියා. හැබයි අද වෙන නමකින් ආයෙ එනවා. (ලෝකය පුරා පැවති උද්ගෝෂණ පහතින් ඇත.)

Spread the love

අගමැති ගෝඨාභය හමුවී බැසිල් රාජපක්ෂ ඉවත් කිරීමට දැඩි උත්සහායක් ගත බව අපි ඉතාම වගකීමෙන් සටහන් කලෙමු.

ඒ අවස්ථාවේ ගෝඨාභය බැසිල්ව ඉවත් කිරීමට එකඟ වී නැත. ඊට පසුව විමල් , ගම්මන්පිල්ල කැදවු මහින්ද වහාම කලයුතු ඊළඟ පියවර පිලිබදව සාකච්ඡාකර තිබේ.මෙහිදි ඩලස් හා දිනේෂ්ව අගමැති තනතුරට සුදුසු බව කීවත් ශිරන්ති රාජපක්ෂ ඊට දඩි සේ විරුද්ධවී ඇත. එහිදි නාමල් , ජොන්ස්ටන් කියා ඇත්තේ කෙසේවත් අගමැති තනතුර අත් නොහරින ලෙසයි. මේ අනුව පෙනීයන්නේ බැළු බල්මට ලංකාව රාජපක්ෂලාගේ කොම්පැණියක් බවයි. 

හෙට පත්වෙන කැබිනට් මංඩලයට රාජපක්ෂලා ඇතුල් නොකර රට යම් ප්‍රමානයකට නිවා දැමීමටත් සිංහල අවුරුදු කැමෙන් පසුව නාමල් හා ශ්ෂින්ද්‍ර කැබිනට් මංඩලයට පත් වීම සිදුවේ. බැසිල් එලවීමට හා ගෝඨාභයට ජනාධිපති තනතුරත් ලංකාවත් එපා කරවීමට සියළුම නුල් ඇද්ද ප්‍රධාන පුද්ගලයාන් වුයේ මහින්ද හා නාමල්ය.

ඒ වෙනුවෙන් නිර්භීත වීරවංශ හා ඇල්වතුරත් දෙවරක් නිවා බොන ගම්මන් පිල්ලව තෝරා ගත්තේ තවත් හේතුවක් නිසාය. ඒ සියල්ලම අපි මේ දෙබාන ආණ්ඩුවෙන් ඉවත් වු ගමන්ම කිවාය. විමල් ගේ න්‍යාය පත්‍රයට දැන් වැඩ ටික වෙනවාය.

බැසිල් ඉවත් වීම ප්‍රතික්ෂේප වීමත් සමඟම වහාම මහින්ද ඉවත් විමට සිටියත් නාමල් කියා ඇත්තේ දැනට ඉන්න උන් එකෙක්වත් දැන් ෂුවර් නැති බවයි. මෙහිදි බන්දුල ගුණවර්ධනට මුදල් ඇමති කමද ලබාදීමට නියමිත බව තහවුරු වී තිබේ.

කෙසේ වෙතත් රටේ ජනතාවගේ දැවෙන වේදනාව මෙවා නොවන බවවත් ,තේරුම් ගැනීමට නොහැක්කේ මුන්ගේ ඇමතිකම් ලබාගෙන තවතවත් සුරා කෑමට ඇති අවසාන මොහොත දක්වාම එවා කර ගැනීමටය.

එ නිසාම දැන් ජන්තාවගේ සටන් පාටය වී ඇත්තේ ඉන්දන දියව් , හාල් දියව් නොවේ. රාජපක්ෂලා හිරේ දාන ආණ්ඩුවක් දියව් කියාය. බොහෝ පිරිස් ගෝඨා ගෝ හෝම කියමින්ද ,තවත් කොටසක් හොරා කෑ දේපල පවරා ගනීමට සුදානම් රටක් වෙනුවෙන් පෙනි සිටින්නේ දැන් සියළුම දෙනා ඒකටය.

මේ උග්‍ර අර්බුදයට වගවිය යුතු පුද්ගලයන්ම වෙනත් නම් වලින් නැවත කැබිනට් මංඩලයකට පත්වීම ඇදගෙන සිටි සරම කනපිට දමා ඇදීමක් නොවන බව මහින්ද නැමති කාලකන්ණිවාහේ ට නොවැටහෙන්නේ දැන් ස්නායු මියගොස් ඇති නිසාවෙන් විය යුතුය.

රටේ ජනතව පක්ෂ, පාට නොබලා තම, තමන් ගේ පලාතේ ඇති ඇමතිවරුන් ගේ නිවෙස් වැටලිය යුතුය. ඉන්පසුව පාර්ලිමේන්තුව වටලා රාජපක්ෂලා එලවා දමිය යුතුය.

ඒ අරගලය මව් බිම බේරා ගැනීමේ අරගලය වියයුතුය.


Spread the love

Leave a Comment

You may also like