උණුසුම් පුවත්

පොලිස් ඇමති කළ නියෝගය පොලිස් ලොක්කෙක් බෑ කියයි.

Spread the love

කොළඹ නගරය තුළ ම්න් ඉදිරියට කිසිදු ආකාරයේ විරෝධතාවක් පැවැත්වීමට ඉඩ නොදිය බවටත්, එසේ පවත්වන සියළු විරෝධතාවන් පොලිස් බලය යොදවා වහා විසුරුවා දැමිය යුතු යැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් විසින් සිදු කරන ලද නියෝගයක් පිළිබඳව පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු අමාත්‍යවරයා ඉදිරියේදීම සිය විරෝධතාව ප්‍රකාශ කරන ලදැයි දැන ගැන්මට තිබේ.

ඊයේ (15)දින මහජන ආරක්ෂාව අමාත්‍ය ටිරාන් අලස් ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේ පොලිස්පතිවරයා ඇතුළු ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් සහභාගි වූ රැස්වීමකදී මෙම සිද්ධිය ඇති වී තිබේ.
අමාත්‍යවරයා විසින් රැස්වීමේදී ඉහත නියෝගය කළ වි⁣ට එයට එරෙහිවූූ කොළඹ දිසාව බාර ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මාරපන ප්‍රකාශ කර ඇත්තේ නිත්‍යනුකූලව පවත්වන විරෝධතාවක් හෝ රැළියක් පවත්වන්නේ නම් එය වැලැක්වීමට පොලීසියට නෛතික බලයක් නැති බවය.මෙහිදී අමාත්‍යය වරයා ඔහුට පවසා ඇත්තේ තමන්ට එය සිදු කිරීමට නොහැකි නම් පොලිස් සේවයෙන් ඉවත් වී යන ලෙසය.එසේම මෙම තීරණය ජනපතිවරයා ⁣ගත් තීරණයක් බවද අමාත්‍යවරයා මෙහිදී කියා ඇත.

මේ අවස්ථාවේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මාරපන පවසා ඇත්තේ ජනපතිවරයා එවැනි අනීතික නියෝගයක් දෙනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවය.මෙවැනි මැදිහත් වීම් නිසා රජය අපහසුතාවට පත් විය හැකි බවද ඔහු පෙන්වා දී තිබේ.

කෙසේවෙතත් ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මාරපනගේ මේ අදහස් දැක්වීමත් සමගම ඔහුට පක්ෂව එහි සිටි පොලිස් නිළධාරීන් ගණනාවක් අමාත්‍යවරයාට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීම නිසා එම රැස්වීම ආරවුල් සහගත තත්වයකට පත් වූ බවත් අනතුරුව අමාත්‍යවරයා එම රැස්වීම නැවැත්වීම⁣ට කටයුතු කළ බවත් ලංකා දවසට වාර්තාවේ.
  

 


Spread the love

Leave a Comment

You may also like