උණුසුම් පුවත්

ජාවාරම්කාර කැසිනෝ ධම්මික තුරුම්බුව දේශපාලන පිටියට දමන්නට අගමැති මයිනා සූදානමක.

Spread the love

අගමැති මහින්ද රාජපක්ෂ මෙරට දේශපාලනයේ ලුණු ගොරකා වලින් තම්බන්නට පුළුවන් ජාතියේ මිනිසෙකු නොවේ.රාජපක්ෂ පවුලේ වුන් අද මෙරට මහ ජාතියෙන් වැඩ කිඩ දාන්නේ මහින්ද රාජපක්ෂ දමා තියෙන පවුන්ඩේෂම උඩය.එසේ වුවත් මේ වන විට තමන්ගේ දෛවයේ  රාජයෝගය චොර වී ඇති බව මහින්ද රාජපක්ෂ තේරුම් ගෙන තිබේ.පොදුජන පෙරමුණේ අනිත් හාදයින් ඒ බව තේරුම්නොගත්තාට මහින්ද රාජපක්ෂට ඒ ගැන හොඳ අවබෝධයක් පවතී.
නහින දෙහින කාලයේ පීචං වී වල කජ්ජ ගහනවාට වඩා මොනවා හෝ දහම් ගැටයක් ගසා බලය ගැට ගසා ගන්නට මහින්ද රාජපක්ෂ ලොක්කා වෑයම් කරමින් සිටී.මේ වතාවේ බලය ගිලිහී ගිය හොත් මැදමුලන බංගලාවේ ජනේලයේ එල්ලී ජාතිය අමත්නට ඉඩක් නොමැති වන බවද ඔහු දනී.මිල්ටෙරි නන්දසේනගේ කයිවාරු මෙරට දේශපාලන කේන්දරය තුල කිසිම වැදැගම්මකට ඇති ඒවා නොවන බවත් කයිවාරුවෙන් බලය ආරක්ෂා කරගන්නට නොහැකි බවත් මහින්ද ලොක්කා අමුතුවෙන් වටහා දෙන්නට කාරණාද නොවේ.මේ යන  විදියට රාජපක්ෂ පවුලේ දේශපාලන බලය අවසන් වන්නේ වැලිකඩ ගේට්ටුව අසලින් බවත් ඔහුට දැන් දැන් වැටහී ඇති බව නම් නිසැකය.

අතිශය රහස් සාකච්ඡාවක්……….
දැන් රාජපක්ෂ ලොක්කා අළුත් ගේමකට සූදානම්ය.මීට දවසකට පෙර ඔහු ලලිත් වීරතුංග ගාමිණි සෙනරත් හා ධම්මික පෙරේරා කැඳවා අතිශය රහස් සාකච්ඡාවක් පැවැත්වූයේ මේ ගේමට පදනම දමා ගන්නටය.එහිදී එහි සිටි සිය සමීපතමයන් ඇමතූ මහින්ද ලොක්කා මෙරට දේශපාලනයේ හෙට දවස ගැන පවසා ඇත්තේ මෙහෙමය.
“…මේ යන විදියෙන් අපට නවතින්⁣න වෙන්නෙ වැලිකඩ හිරගෙදරින්.දැන් ඔය පේන්න තියෙන විපක්ෂයේ වැඩ පිළිවෙළ නොවෙයි  අවසානෙදි වැඩේට බහින්නෙ ඒක මතක තියාගන්න. කවුද හිතුවෙ මෛත්‍රීපාල සිරිසේන මට විරුද්දව එළියට යාවි කියල.බුද්ධි අංශ ඒ ගැන දැන හිටියෙත් නෑනේ.අද මෙි පවතින වටපිටාව එදාට වඩා දරුණුය කියල හිතාගන්න.අද අපට රාජ්‍ය සේවකයො නෑ පොලීසිය හමුදාව නෑ.ගජබා රෙජිමන්⁣ට් එක ලඟ තියාගත්ත කියල කරන්න පුළුවන් ලබ්බක් නෑ.හෙට අනිද්ද වෙන කොට අපට සපෝ⁣ට් කරන නඩු කාරයොත් අනිත් පැත්තට මාරු වෙයි.ගානට පොදු විපක්ෂෙන් මේ සැරේ එළියට දාන්නෙ පතෝල වැටකොලු ⁣චරිතයක් නොවෙයි කියල නම් හිතා ගන්න.ජවිපෙ වුනත් මේ වෙලාවෙ තමන්ගෙ ප්‍රතිපත්ති ලිහිල් කරගෙන යන්නෙ හොඳකට නොවෙයි.දැන් අපි නිකම් කට උඩ බලන් හිටියොත් කෙල වෙන එක ෂුවර්.ගෝඨ දන්නෑ එයා ඉන්නෙ යටින් පැසවන ලෝ දිය කන්දක් උඩ කියල.එයාගෙ වටේ ඉන්න ඈයො එයාට ටයිම් එකට හෙඩ් ෂොට් එක දීල  මාරුවෙලා යාවි.දැන් ඉතින් අපි නිකම් බලන් ඉඳල වැඩක් නෑ.ධම්මික ලෑස්ති වෙන්න ඕන දැන් මේ  ගේම් එකට. ඩොලර් ප්‍රශ්⁣ණෙ විසඳල ආර්ථිකේ ගොඩ දාගන්න සැලසුම ධම්මක අතට ගන්න වෙයි.සමහර විට අපේ ජනාධිපති අපේක්ෂකම ධමිමික වෙන්නත් පුළුවන්.ඒ හන්ද ඒක හිතේ තියාගෙන දැන්මම වැඩේට බහින්න ඕන………..”
 පිරිස රහසේ කළ සාකච්ඡාවේදී මහින්ද ලොක්කා කළ කතාවේ අදහස කෙටියෙන් ගත්තොත් ඔහොමය. එහෙමනම් ධම්මික පෙරේරා හෙට අනිද්දා වන විට පිටියට බහින්න සූදානම්ය.ධම්මික පෙරේරා යනු කලු කඩ බිස්නස් කාර⁣යෙකි.⁣අසූචි ගොඩක වැටී තියෙන රන්පවුමක්  දිවෙන් ගන්නා ජාතියේ පොරකි.එ⁣ලෙසම ඔහු මහින්ද රාජපක්ෂට ලෙන්ගතු වහලෙකි.
කැසිනෝ ධම්මික………………….
මෙරට ව්‍යාපාරික අංශ දොළහක ප්‍රමුඛයා ධම්මික පෙරේරාය.සංචාරක
ව්‍යාපාරය බැංකුකරණය සහ ඇඟළුම් ව්‍යාපාරය ඒවා වේ.මොරටුව විශ්ව විද්‍යාලයේ හැදෑරූ අධ්‍යාපනය කඩාකප්පල් වීමෙන් පසුව ධම්මික පෙරේරා නාවුක ක්ෂේත්‍රයට එක් වී තිබේ.ඉන් ඉපයූ ආදායමෙන් රට පුරා ජැක් පොට් යන්ත්‍ර පිහිටුවීමෙන් මොහු ව්‍යාපාර ක්ෂේත්‍රයට අවතීර්ණ වී තිබේ.මෙම ජැක් පොට් යන්ත්‍ර ප්‍රථමයෙන් පිහිටුවා ඇත්තේ අම්බලන්ගොඩ නගරයේය.ඒ සඳහා ඔහුට උපකාරී වී ඇත්තේ හැළඹගේ ධම්මික නම් අම්බලන්ගොඩ නගරයේ ව්‍යාපාරිකයෙකි.ධම්මික පෙරේරා අම්බලන්ගොඩ හා සම්බන්ධ කමක් ගොඩ නගා ගන්නේ ඔහුගේ මස්සිනා වූ සරත් හරහාය.සරත් හා ධම්මික පෙරේරා මිතුරන් වන්නේ නාවුක ක්ෂේත්‍රයේදී  නැවියන් ලෙස  එකම නැවක සේවය කළ නිසාය.
ජැක්පොට් ධම්මික…………….   
අම්බලන්ගොඩ නගරය පුරා හා  ඒ අවට ප්‍රදේශවල ධම්මික හැළඹගේ ගේ වෙළඳ ආධිපත්‍යයක් පැවැති හෙයින් මෙම ජැක්පොට් සූදුව ඉතා ජනප්‍රිය විය.මේ ධම්මික පෙරේරාගේ වෙළඳ සූදුවේ ආරම්භයයි.ඔහු මෙරට කැසිනෝ ව්‍යාපාරයට අත ගසන්නේ ඉන්පසුවය. ධම්මික පෙරේරා තම ප්‍රථම කැසිනෝ හල විවෘත කරන්නේ කොළඹ ඉසුරුගිරි  හෝටල පරිශ්‍රයේ කැප්රිකෝන් නමිනි.
මහින්දගේ සමීපතම වහලා………………
කෙසේ වෙතත් මේ ධම්මික පෙරේරා මහින්ද රාජපක්ෂගේ සමීපතම වහල්  ව්‍යාපාරිකයෙක් බවට පත් වීමෙන් පසුව ඒ දේශපාලන බලය යොදා ගනිමින් බදු මුදල් වංචා හා කූඨ ගණුදෙනු බොහොමයක් සිදු   කළ බවට තොරතුරු ලැබී තිබේ.ඒ අතරම රාජපක්ෂ පවුලට සම්බන්ධ  තක්කඩි ජාවාරම්කරුවන් බොහෝ දෙනෙකු මුදල් ආයෝජනය කර ඇත්තේද මේ ධම්මික මුදලාලිගේ අල්මාරියේය.
බීමට වතුර ඉල්ලූ රතුපස්වල ජනතාව මරා දැමූ ධම්මික පෙරේරා…….
මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට බීමට වතුර ඉල්ලූ රතුපස්වල අහිංසක නිරායුද  ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපති අවදියේ මරා දැමුවේද ධම්මික පෙරේරා ගේ ආරක්ෂාව සඳහාය.මොහුට අයත් යැයි කියන අත්වැසුම් නිශ්පාදනය කළ සමාගමක්
පාරිසරික නීති වලට පි⁣ටුපා ක්‍රියා කිරීම මේ රතුපස්වල ඛේදවාචකයට මුල් විය.
මේ කම්හලේ ක්‍රියාකාරිත්වය නිසා තමන් බීමට ගන්නා ජලය විෂ වී ඇතැයි
රතුපස්වල ජනතාවගේ විරෝධතාවට හේතු වූ අතර ඒ තුළ  දේශපාලනිකව සංවිධානය වූ ⁣පෙළඹවීමක්ද  නොවීය.මෙම සාමකාමී උද්ඝොෂණය 
මර්දනයට එවකට ආරක්ෂක ලේකම් වූ මිල්ටෙරි නන්දසේන බ්‍රිගේඩියර් වරයෙක් ගෙන් සමන්විත කමාන්ඩෝ අනු ඛන්ඩයක් යොදවන ලදී.මේ බව අනාවරණය වන්නේ එම වෙඩි තැබීම සම්බන්ධයෙන් කළ පරීක්ෂණයේදී පොලීසිය විසින් මෙම විරෝධතාව මැඩ පැවැත්වීමට හමුදා සහාය ඉල්ලා නැති බව අනාවරණය වූ නිසාය.මෙහිදී සිදු කළ හමුදා වෙඩි තැබීමෙන් තිදෙනෙකු මිය ගොස් හතලිහකට අධික පිරිසක්තුවාල ලැබූහ.
රතුපස්වල විරෝධතාව ගැන ධම්මික පෙරේරා එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ආරක්ෂක ලේකම් මිල්ටෙරි නන්දසේනට දුරකතන ඇමතුමක් ගෙන….
“අන්න අර කාලකණ්නි ටික මරල දාල  හරි  පිකට් එක නවත්වලා දානවාලා”යැයි නියෝග කර ඇත.
මිල්ටරි නන්දසේන ෆෝම් වෙන්නේ ඉන්පසුවය.ඔහු බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනට කොන්ත්‍රාත්තුව බාර දෙන්නේ ඉන් අනතුරුවය.ආරක්ෂක ලේකම් ගේ සෘජු සම්බන්ධතාව නිසාම බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනත් ලකුණු දමා ගන්නට අහිංසකයන් වෙඩි තබා ඝාතනයට පෙළඹුන බව පැහැදිලිය.මෙම ඝාතනයන් සම්බන්ධයෙන් හමුදාවට චෝදනා නැගෙද්දී හිටපු ජනපති මහින්ද  රාජපක්ෂ විසින් මෙම බ්‍රිගේඩියර් වරයා තුර්කි තානාපති කාර්යාලයේ සේවයට යවන ලෙසට විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින්ද වාස් ගුනවර්ධනට උපදෙස්   දෙන ලදී. ඒ මහින්ද රාජපක්ෂ ගේ රට නොදන්නා තිරිසන් භාවිතයේ හැටිය.ඔහු විසින් රටේ  ජනතාව⁣ට පෙන්වන බෞද්ධ උපාසක කම ඔහුගේ කෙරුවාවේ නැත. සැබවින්ම ඔහුගේ  සැඟවුන කෙරුවාවේ ඇත්තේ සාහසික මෙලේච්ඡත්වයයි.
තමන් උපන් භූමියට කසළ ගෙන්වූ ධම්මික……………………
2019 වසරේ ජුලි මාසයේදී එංගලන්තයේ සිට මෙහි ගෙන ආ කසල බහාලුම්
102ක් රේගුව මගින් අත්අඩංගුවට ගන්නා ලදී.රෝහල් අපද්‍රව්‍ය  ප්ලාස්ටික් ⁣පොලීතින් අපද්‍රව්‍ය ටොන් ගනනක් මෙරටට ගෙන ඒමෙි අසික්කිත ව්‍යාපාරයක් පිළිබඳව මින් අනාවරණය විය.ඒ අනුව එංගලන්තයේ සායනික අපද්‍රව්‍ය මෙරටට ගෙන්වා අනිසි ලෙස බැහැර කිරීමේ ක්‍රියාවලියක් බොහෝ කාලයක සිට ධම්මික පෙරේරාට අ⁣යත් හේලීස් ව්‍යාපාරය විසින් සිදු කර ඇති බවද තව දුරටත් එහිදී එළිදරව් විය.
පාදඩදෙනියගේ වෛද්‍ය සංගමය…………….
මෙම එක බහාලුමකට එංගලන්තය පවුම් ලක්ෂ තුනක් හේලීස් සමාගමට ගෙවා තිබේ.මෙලෙස එංගලන්තයේ සායනික කුණු කසල  මෙරටට ගෙන්වීම පිළිබඳව එදා ධම්මික පෙරේරාට එරෙහිව රාජපක්ෂ නිකායේ චීවර නිගන්ඨයන් රොත්ත හා පාදඩදෙනියගේ වෛද්‍ය සංගමය කටක් ඇරි වගක් කොහේවත්  සඳහනක් නැත.ධම්මික පෙරේරා සම්බන්ධයෙන් රජයද ගොළුවත රැකි අතර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ බවක් අදටත් දැන ගැන්මට නැත. 
රටේ ජනතාවගේ ජීවිත පිළිබඳව පයිසෙකට නොතකන ධම්මික පෙරේරා වැනි ජඩ කෂඩ ජාවරම්කරුවකු රාජපක්ෂ තක්කඩි පවුලේ ආරක්ෂාවට ප්‍රශ්ණ කිරීම් වලින් තොරවම ඉදිරිපත් වෙනු ඇති බව සහතිකය.හෙට අනිද්දා වන විට මහින්ද රාජපක්ෂ ලොක්කාගේ උපදෙස අනුව ධම්මික පෙරේරා පිටියට එන්නට ඉඩ තිබේ.මිල්ටෙරි නන්දසේනගේ හා රාජපක්ෂ පවුලට එරෙහිව සිටින විපක්ෂයේ උන් පවා බිලි බා ගැනීම්ද සිදුවිය හැකිය .ඒ මන්ද යත් විපක්ෂයේ සිටින ඇතැම් කයිවාරු කාරයන් දෙකයි පනහක සිල්ලර ගනනකට පවා මිලකට ගත හැකි බව අප දන්නා හෙයිනි.

එහෙයින් තක්කඩි රාජපක්ෂවරුන් මේ භූමියෙන් හැඳි ගා යන ලෙසට ප්‍රාර්ථනා කරන ඔබට ජාවාරම්කාර ධමිමික පෙරේරාගේ ප්‍රාතිහාර්ය තුල ඇස් ගිනි කණා වට්ටවා නොගෙන ප්‍රවේශම් වන ලෙසටද අනතුරු අඟවමු…….


Spread the love

Leave a Comment

You may also like