උණුසුම් පුවත්

ගෝඨාගේ කාමරේ තිබු එක්කෝටි හැත්තෑ පන් ලක්ෂය ඇමති ටිරාන්ට නුදුන්නාට එස්.එස්.පීට මරණ තර්ජන

Spread the love

අරගල කරුවන් වැටලු ජනාධිපති මන්දිරයේ තිබී හමු වු රුපියල් 5000 සේ අළුත්ම නොට්ටු තොගය ගනන් කිරීමේදි රුපියල් එක් කෝටි හැත්තෑපන් ලක්ෂයක් බවට අනාවරණය විය.

පසුව අරගලයේ සිට එම අවස්ථාවට පැමිණි තරුණයන් එම මුදල් සියල්ලම කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාව ගෙන්වා භාරදි භාර ගත් බවට ලිඛිත සහතිකයක් පවා ලබාගෙන තිබුණි.

එම මුදල් සියල්ලම පොලිස් ස්ථානයට රැගෙන පැමිණි ස්ථානාධිපතිවරයා වහාම මේ පිලිබදව සටහන් යොදා එවා පිලිබදව තම උසස් නිලධාරින් දැනුවත් කොට තිබේ. එහිදි බස්නාහිර දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් විසින් වහාම එම මුදල් ඇමති ටිරාන් අලස්ට භාර දෙන ලෙසට කොටුව ස්ථානාධිපතිට නියෝග කොට ඇත.

ඒ පිලිබදව කොටුව පොලිස් ස්ථානාධිපති විසින් කියා ඇත්තෙ එම මුදල් අධිකරණයට තමා භාර දි ඇති බවයි මෙහිදි කරන ලද තර්ජනයක් පිලිබදව් එම නිලධාරියා සටහන් පවා යොදා ඇත. මේ පිලිබදව විමර්ෂණයක් කිරීමට අධිකරණය විසින් පොලිස් විශේෂ කාර්යංශයට දැනුම් දි තිබේ .

පසුව එම කාර්යංශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි වික්‍රමසිංහ විසින් එම විමර්ෂණ වාර්තාව අධිකරණයට භාර දෙමින් පොලිස් ස්ථානාධිපතිට දේශ බන්දු තෙන්නකෝන් විසින් කරණ ලද නියෝගය හා මරණ තර්ජනය පිලිබදව වාර්තා කල බව පැවසීය. පසුව දේශ බන්දු තෙන්නකෝන් විසින් ජේෂ්ඨ පොලිස් අධිකාරි වික්‍රමසිංහටද මරාදමන බවට  හා තම පවුලේ අයට මරණ තර්ජනය කල බවට පොලිස්පතිවරයාට පැමිණිලිකර ඇත.

ඊට මැදිහත් වු ඇමති ටිරාන් අලස් එම විමර්ෂණය වහාම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසට පොලිස්පති සී.ඩි. වික්‍රමරතන දැනුමදි ඇත. පොලිස්පති අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125 වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව වහාම විමර්ෂණය විශේෂ කාර්යංශයෙන් දැන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

දැන් සිදුවන්නේ මෙම විමර්ෂණයට අනුව හොරාගේ අම්මාගේ පේන ඇසීමක් බවයි. දැන් මේ පේන කියන්න යන්නේ මෙරට අපරාධ සී.අයි.ඩී.යේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහයි. මොහු දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණයත් මේ වනවිට ෂාෆ්ටර් වලකපාගෙන වැලලීමට ගියායයි කියන තැනටම ගෙන ආ ගොබිලෙකි.

එසේම බිලියන් 02 රටේ ජනතාවට පිලි ගැසු පියුමාලිට හා ඉසුරු බංඩාරට ඇප ලබාදුන් සෙනෙහේවන්තයෙකි. ඉතින් ඔහු අපරාධවල ගෝඩ් ෆාදය. මේ පිලිබදව පොලිස් නිලධාරින් මෙන්ම සමස්ථ ජනතාවම දැඩි අවධානයෙන් සිටින අතරම ජේෂ්ඨ පොලිස් අධිකාරි වික්‍රමසිංහ දේශ බන්දු කරන ලද තර්ජනය ඔහු ගේ දුරකතනයෙන් රෙකෝඩ් කොට අධිකරණයට පවා ලබාදි ඇතිබව පැවසීය. දැන් ඔහු ගේ ජීවිතය අනතුරේ බව පවසයි.


Spread the love

Leave a Comment

You may also like