උණුසුම් පුවත්

නිදහස් පෙළපාලියේ සංදර්ශන රථයේ තිබුණේ LTTE සටන් කරුවන්ගේ ඡායාරූප බවට සැකයක් මතුවෙලා.

Spread the love

තවත් නිදහස් දිනයක් මිල්ටෙරි නන්දසේනගේ පම්පෝරි කයිවාරුවකින් පසුව අවසන් විය.කාර්යාල කාර්ය සහායක නිල ඇඳුමක හමුදා පදක්කම්  එල්ලගෙන නිදහස් සමරුවට සහභාගි වූ මිල්ටෙරි නන්දසේන ගේ විකාර රෑපී ස්වරූපය තුළින් මතුවූයේ  මිස්ටර් බීන් මිස වෙන අයෙකු නොවේ.අඩුම තරමේ හමුදා සේවයෙන් විශ්‍රාම ගිය කෝප්‍රල් වරයෙකු ගේ පෙනුමවත් මිල්ටෙරි නන්දසේන තුළ දකින්නට තිබුණි.

ඉන්ධන හිඟයක් ර⁣ට පුරා පවතිද්දී  නිදහස් උත්සවයට සහභාගි කරන ලද හමුදා සන්නද්ධ රථ සඳහා වැය කරන ලද ඉන්ධන තොගය හා ඒ වෙනුවෙන් වැය කෙරුණ මහා ධනස්කන්ධය පිළිබඳව විපක්ෂය විසින් චෝදනා කෙරුනු බවද අසන්නට ලැබුණි.සැබැවින්ම එම චෝදනා තුළ සාධාරණයක් පවතින බව අප විශ්වාස
කරන්නේ මෙරට සමාජය අද මුහුණපා ඇති ආර්ථික අර්බුදයේ තරම බරපතල නිසාය.ජනතාව මුහුණ පා සිටින කටුක ආර්ථික අර්බුදය පිළිබඳව මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ ආණ්ඩුව එතරම් බැරෑරුම් බවක් නොපෙන්වන බව අපට තේරුම් ගත හැකි කාරණයක් නොවෙි.ආණ්ඩුවේ  මැදිහත් වීමෙන් රට පුරා විවිධ ආකාරයේ  සංදර්ශන පවත්වමින් සිටී.
මේ සංදර්ශන වලට මූලික පදනම සළකා බලන විට ඒ සියල්ල ආගමික හා ජාතික හැගීම් උද්දීපනය කරන හැඩයේ ඒවා වීම විශේෂයකි.සැබැවින්ම මිල්ටරි නන්දසේන ඇතුළු රාජපක්ෂ වරු සිය බලය ස්ථාවරව පවත්වා ගෙන යාම සඳහා ඉතා සියුම් ආකාරයෙන් ජාතිකත්වය හා ආගමික උන්මාදය ඇවිස්සීමේ තක්කඩි සූදූවක නිරත වන බව දකින්නට තිබේ.මිල්ටෙරි නන්දසේන නිතර නිතර ආගමික උත්සව වලට සහභාගි වන්නේත් හමුදාපති වරයා ලවා හමුදාව යොදවා ගනිමින් වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය ආදී ⁣කෙරුවාවන් කරන්නේත්  මේ කපටි අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහාය.රහසේ ඥානා කාලි නම් මානසික ආබාධිත ගැහැණියකගේ නියෝග ක්‍රියාත්මක කරන මිල්ටෙරි නන්දසේන සමාජය ඉදිරියේ පෙනී සිටින්නේ  ⁣⁣බෞද්ධ සංස්කෘතියේ ගැලවුම්කාරයා ලෙසය.
මෙරට සිංහල⁣ බෞද්ධ ජනතාවට නාස් ලණුව දමා දක්කාගෙන යාමට හැක්කේ ඒ මහා සංස්කෘතිය තුළ රැඳෙමින් බවට තක්කඩි රාජපක්ෂ වරු මැනවින් අධ්‍යයනය කර ඇති නිසාය.
මේ අතරම රණවිරු සන්නිය වේදිකා ගත කොට සමාජය තූළ ජාතිවාදී හැගීම අවුස්සා එය යාවත්කාලීන  කොට පවත්වා ගෙන යාම රාජපක්ෂ තක්කඩියන්ගේ න්‍යාය පත්‍රයේ තවත් අංගයකි.නිදහස් උත්සවයේදී මිල්ටෙරි නන්දසේන විසින් සිඳුකළ පුරාජේරු කයිවාරුවේ අන්තර්ගතය තුළ ඇත්තේ ඒ ජාතිවාදී උන්මාදය සඳහා පදනමක් සැපයෙන  උත්තේජනයන්ය.
මෙරට ජනතාවට හොර රහසේ එල්ටීටී ඩයස්පෝරාව සමඟ ගනුදෙනු කරන මිලිටෙරි නන්දසේන දිගින් දිගටම දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලා සිටින්නේ මවුරටට පැමිණ තමන්ට සහයෝගය දෙන ලෙසත් ඔවු⁣න්ගේ සියළු ඉල්ලීම් ලබා දීමට කටයුතු කරන බවය.⁣ මිල්ටෙරි නන්දසේන ගේ මෙම ඩබල් ඒජන්ට් කෙරුවාව රටට රහසක් වුනාට අපට රහසක් නොවන බව අවධාරණය කරමු.
ඒ සඳහා වූ අපූරු සාක්ෂියක් අප වෙත  ලැබී තිබේ.පසුගියදා පැවැති නිදහස් උත්සවයේ ගමන් කළ යුද්ධයේ වීරයෝ නම් සංදර්ශන රථයේ  ප්‍රදර්ශනය ⁣කර තිබූ එක ඡායාරූපයක ඇත්තේ  LTTEයේ  රාධා ඒකකයට අනුයුක්තව සටන් කළ තරුණයන් දෙදෙනෙකු වේ.මෙම ඒකකය සෘජුවම ප්‍රභාකරන් ගේ අණ යටතේ සටන් වැදුන බර අවි ඒකකයකි.⁣අප සඳහන් කරන ඡායාරූපයේ දැක්වෙන LTTE සටන් කරුවන් දෙදෙනා තවමත් විදේශගත ජීවත් වෙන්නන්ය.අප වෙත මෙම තොරතුරු ලබා දුන්නේ ඔවුන් දෙදෙනා දන්නා හඳුනන අයවළුන් බවද මෙහි සඳහන් කරමු.
සැබැවින්ම LTTE සටන්කාමීන්ගේ ඡායාරූප මෙම සංදර්ශන රථයට ඇතුළත් කර ඇත්තේ එල්ටීටීයේ සටන්කාමීන්ද යුද විරුවන් ලෙස සැළකීමට මිල්ටෙරි නන්දසේන දෙමළ ඩයස්පෝරාව හා එකඟ වී ඇති නිසාදැයි අපි නොදනිමු.පසු ගිය කාලයේදී යුද්ධයේදී මිය ගිය දමිළ ජාතිකයන් සිහිපත් කිරීමට උතුරේ ජනතාවට ඉටි පන්දමක් පවා දැල්වීමට ඉඩ නොදුන්  ආරක්ෂක ලේකම් කමල් ගුණේලා එල්ටීටී සටන්කරුවන්ගේ ඡයාරූප නිදහස් දිනයේදී සංදර්ශන රථවල එල්ලාගෙන යන්නේ  අමුතුම ගේමකට බව අපට පැහැදිලිය.මේ ඡායාරූපය නොදැනුවත් කමකින් එල්ලා ගෙන ගියා වෙන්නට බැරිය.ඒ  ත්‍රිවිධ හමුදාපතිවරු හා  ආරක්ෂක ලේකම් තොත්ත බබාලා නොවන නිසාය.
එම ඡායාරූපයේ දැක්වෙන එල්ටීටී සටන් කරුවෙකු බවද අප යම්තාක් දුරකට විශ්වාස කරන්නටද හේතුවක් අපට තිබේ.ඒ මෙහි රොකට් ලෝන්චරය අත ඇති තරුණයා බූට් පැළඳ නොසිටීමයි. ඔහු සිටින්නේ සාමාන්‍ය සෙරෙප්පු දෙකක් පැළඳගෙනය.
කෙසේ වෙතත් එම ඡයාරූපය  පිළිබඳව අපටද යම් සැකයක් පවතී.ඒ මෙය ස්ථිර වශයෙන්ම එල්ටීටී සටන් කරුවන්ගේද යන්න ගැන අප සියයට සියයක්ම නොදන්නා නිසාය. අප මෙම පුවත වාර්තා කරන ලද්දේ එම සැකය පදනම් කරගනිමිනි.මේ ඡායාරූප එල්ටීටී සටන්කරුවන්ගේ නොවේ නම් එය තහවුරු කිරීමේ වගකීම මෙරට ආරක්ෂක අමාත්‍යංශයේ සතු වගකීම බවද අපි අවධාරණය කරමු.


Spread the love

Leave a Comment

You may also like