උණුසුම් පුවත්

මැදමුලනේ රාජපක්ෂලාගේ මැලේ මුද්‍රාව….!!

Spread the love

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම ලෙස සැළකෙන බුද්ධාගමේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටින්නේ මැදමුලනේ රාජපක්ෂ පවුල වේ.මෙහිදීී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අවුරුදු තිහකට ආසන්න කාලයක් මෙරට පැවැති යුද්ධය අවසන්කළ නායකයා ලෙස සමාජගත වූ අතර බෞද්ධ පැවිද්දන් බුදුන් වහන්සේටත් වඩා මහින්ද රාජපක්ෂ සරණ යාම මෙහිදී සිදුවූ සංස්කෘතික ප්‍රහසනයක් ලෙස සැළකිය හැකිය.මෙරට පැවැති යුද්දයේ අවසාන පරිච්ඡේදය පිළිබඳව සැබෑ කාරණා පිළිබඳව ගවේශණය කරන්නෙකුට මහින්ද රාජපක්ෂගේ ඒ සඳහා වූ සත්‍ය දායකත්වය අනාවරණය කරගතහොත් එය මේ වන විට මෙරට ජනමාධ්‍ය මගින් සමාජගත කර ඇති  වීර ප්‍රශස්ති ප්‍රබන්ධයන්ට වඩා හාත්පසින්ම විරුද්ධ තොරතුරු වලින් සපිරි නිබන්ධනයක් වනුු ඇත.මහින්ද රාජපක්ෂ ජනපතිවරයා කාලයේදී එල්ටීටීය  මාවිල්මාරු සොරොව්ව වසා දැමීම ඉතා බරපතල සිදුවීමක් වූ අතර එහිදී ජනපතිවරයාට අවශ්‍ය වූයේ එල්ටීටිය හා සාකච්ඡා කොට මෙම ආරවුල ගොඩින් බේරාගැනීමටය.ඒ වන විට මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ පාර්ශවයෙන් එල්ටීටිය වෙත විශාල කප්පම් මුදලක්ද ගෙවා තිබුණි .ඒ ටිරාන් අලස් මන්ත්‍රීවරයා යොදා ගනිමිනි.මාවිල්ආරු සොරොව්ව වසා දැමීමත් සමගම බොහෝ සිංහල සටන්කාමී දේශපාලන පාර්ශවයන් එල්ටීටියට එරෙහිව වහා යුද ක්‍රියාමාර්ගයක් ගතයුතු බවට මහින්ද රාජපක්ෂ රජයට බරපතල ලෙස බලපෑම් කරන්නට විය.මෙහිදී පාඨලී චම්පික රණවක පාර්ශවයේ හා ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීම ඉතා ප්‍රබල වූයේය.

ඒ අතර වසා දැමු  මාවිල්ආරුුු සොරොව්ව භට සේනාංක යොදා විවෘත කිරීමට මහින්ද රාජපක්ෂ ජනපතිවරයා හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට උපදෙස් දුන් අතර ඔහු එකී කාර්යය සඳහා හමුදාව යොදවන ලදී.ජනපතිවරයාගේ නියෝගය මාවිල් ආරු සොරොව්ව විවෘත කිරීමට පමණකට සීමා වූ නියෝගයක් වූ අතර යුදකාමියකු වූ ⁣ජෙනරාල් සරත් ෆොන්සේකා මාවිල්ආරු සොරොව්ව සිය භට සේනාංක මගින් විවෘත කිරීමට කටයුතු කරමින් සිටියදීම අනෙකුත් සේනාංක දෙකක් යොදවා සිය අභිමතයට මුලතිව් හා එළිපන්ට් ෆාස්  එල්ටීටී කඳවුරු දෙකකටද පහර දෙන ලදී. ජෙනරාල් සරත් ෆොන්සේකා සිය අභිමතයට සිදු කළ මෙම දඩබ්බර පහරදීම මහින්ද රාජපක්ෂ රජය හා එල්ටීටීයවත් කිසි සේත්ම නොසිතූ ප්‍රහාරයන් වූයේය.එල්ටීටීය මාවිල්ආරු සොරොව්ව වසා දමා මහින්ද රාජපක්ෂ රජය අසරණ කොට සාකච්ඡා මාර්ගයෙන් සිය අයිතිවාසිකම් දිනා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවිය.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද පසුවූයේ එල්ටීටීයට කප්පම් ගෙවා හෝ යුද්ධය අවසන් කර ගැනීමේ බලාපොරොත්තුවෙනි .එහෙත් ජෙනරල් සරත් ෆොන්සේකාගේ මේ දඩබ්බර පහරදීම නිසා ජනපති මහින්ද රාජපක්ෂ සසල විය.
ඔහු ජෙනරල් සරත් ෆෝන්⁣සේකා කැඳවා තර්ජනාත්මකව
….”දැන් තමුන් ලබ්බෙන්ද ඕයි යුද්දෙ කරන්නේ….” යැයි ප්‍රශ්න කරන ලදී.
ජෙනරල් සරත් ෆොන්සේකාගේ පිළිතුර වූයේද කැත්තට පොල්ල  පිළිතුරකි.ඒ පිළිතුර වුයේ…..” ජනාධිපතිතුමා මං මේ යුද්දෙ දැන් නවත්වන්නෑ……..” යන්නය.
⁣ජනපතිවරයා හා හමුදාපතිවරයා අතර ඇවිලෙන්නට ගත් මෙම ආරවුල සමනය කො⁣ට සමථයකට පත් කිරීමට ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂට හැකිවිය. ජෙනරල් පවත්වාගෙන යන යුද්ධය ඉදිරියට නොනවත්වා පවත්වා ගෙන යාමටත්  එහිදී කෙසේ හෝ ත්‍රිවිධ හමුදාවට ආයුද පහසුකම් සැළසීමටත් ආරක්ෂක ලේකම් වරයා විසින් යෝජනා කෙරිණි.සිය අප්‍රසාදය මැද වුවද ජනපති මහින්ද රාජපක්ෂටද ඒ ඉල්ලීම්වලට එකඟතාව ප්‍රකාශ කරන්නට සිදු වූයේය. එහෙත් ජනපති මහින්ද රාජපක්ෂ ගේ අදහස වූයේ එල්ටීටීය යුද්ධයෙන් පරාජය කිරීම කිසිසේත්ම නොහැකි කාරණයක් බවය 
මේ සියල්ලේ අවසානය වූයේ බොහෝ දුෂ්කරතා මාධ්‍යයේ ජෙනරල් සරත් ෆොන්සේකාට තිස් වසරක යුද්ධය අවසන් කිරීමට හැකිවීමයි.යුද්ධය ජයග්‍රහණය කිරීමට හැකි⁣වූයේ ජෙනරල් සරත් ෆොන්සේකා ගේ කාලීන යුද සැළසම්  මිස අන් කිසිම දෙයක් නොවේ.ඒ දවස ඉස්සරහ⁣ට ගියොත්  “ජොනී ” පස්සට ගියොත්  “ෆොනී” යැයි හමුදාවේ ප්‍රවාදයක් පවා ගොඩනැගුනේ  ජෙනරල් ෆොන්සේකාගේ යුදමය පරිපාලනයේ පැවැති ශක්තිමත් පදනම නිසාය.ජෙනරල් ෆොන්සේකා යුද්ධයේදී විශ්වාසය තැබුවේ හමුදා නිල තනතුරු පිළිබඳව නොවේ.ඔහුුුුට වැදගත් වූයේ දක්ෂතාවන්ගෙන් හෙබි පුද්ගල සාධකයන්ය.ඇතැම් මෙහෙයුම්වලදී ජෙනරල් ෆොන්සේකා විසින් වැඩ නොදන්නා  කර්නල් වරු නිකමුන් බවට පත්කොට එම යුද මෙහෙයුම් නායකත්වය මේජර්වරුන්ට වැනි පහල නිලයන්ට පැවරූ අවස්ථාද ගණනාවකි.මෙවැනි යුද උපක්‍රම නිසා ශ්‍රී ලංකා හමුදාවට යුද ජයග්‍රහණ ගනනාවක් ලබමින් යුද පෙරමුණේ ශක්තිමත් වීමටද හැකිවූයේය.යුද්ධයේ අවසන් පරිච්ඡේදය වන විට හමුදාවේ මානව සම්පත් බොහෝ හිඟ වූ අතර ජෙනරල් ෆොන්සේකා ඒ සඳහාද අපූරු සැලසුමක් ක්‍රියාත්මක කරවීය. ඒ එක් එක් රෙජිමෙන්තුව මගින් ගමින් ගමට ගොස් තරුණයන් හමුදා සේවයට බඳවා ගැනීමට ඉඩ සැලැස්වීමය. මෙහිදී හමුදාවේ සාමාන්‍ය බඳවා ගැනීම් පරිපාටියේ වූ අධ්‍යාපන සුදුසුකම් නොතකා කිසිදු අධ්‍යාපනයක් නොලද තරුණයන්ට පවා හමුදාවට සේවයට එක්වීමට අවස්ථාව ලද්දේය.ගම්වල කටුක හා දුෂ්කර කම්කරු රැකියා වල නිරතව සිටි එවැනි තරුණයන් බොහෝ පිරිසක් මේ සැලසුම යටතේ හමුදාවට බඳවා ගැනීමටද හැකිවූයේය.සැබැවින්ම මෙම තරුණයන් දරා ගැනීමේ ශක්තියෙන් පිරිපුන් ඕනෑම දුෂ්කරතාවක් ඉවසා දරා ගැනීමට හැකිවූවන් වේ.ජෙනරල් ෆොන්සේකා යුද ජය ජයග්‍රහනයේ පදනම ලෙස සැළකිය හැක්කේද මෙම තරුණ ජවයයි

කෙසේ වෙතත් අවසානයේදී යුද්දය ජයග්‍රහණයෙන් කෙළවර වූ අතර යුද වීරයා ලෙස ජනපති මහින්ද රාජපක්ෂ සමාජගත වූයේය .ලෝකෝත්තර කපටි න්‍යායෙන් අග තැන්පත් දේශපාලඥයකු වූ ජනපති මහින්ද රාජපක්ෂ ඉන්පසු ජාතියේ හොඳම නිලය වූ බෞද්ධ භික්ෂූන් සමග ගොඩනගා ගත් සහ සම්බන්ධය ඔහුගේ දේශපාලනික පැවැත්මේ  ආලෝකයයි.බෞද්ධ භික්ෂූ පරපුරේ නිකාය නායකත්වයන්ට හා සමාජ විප්ලවකාරී භික්ෂූ නායකයන්ට තීරුබදු රහිත වාහන  ඉඩකඩම් මිල මුදල් ආදී බොහෝ පහසුකම් සලසා දෙමින් එම භික්ෂූ පාර්ශවයන් සිය දේශපාලන න්‍යාය පත්‍රයට අනුගත වූ එහෙයියන් බවට පත් කරගැනීමට ජනපති මහින්ද රාජපක්ෂට හැකිවිය.ඔහුගේ දේශපාලන න්‍යාය පත්‍රයට පිටස්තර භික්ෂූ චරිත වූයේ නම් එවැනි භික්ෂූූූූන්ට එරෙහිව අසාධාරණ නෛතික ක්‍රියා මාර්ගයක් ගෙන හෝ ඔවුන් බියවද්දා තම අභිමතය ඉටු කර ගැනීම රාජපක්ෂ පුරුද්ද වූයේය ⁣මෙලෙස සිය බෞද්ධ  භික්ෂූඑහෙයියන් සඟ පරම්පරාවක් නිර්මාණය කළ  මහින්ද රාජපක්ෂ සිංහල බෞද්ධ රාජධානියේ එකම ගැලවුම් කරු ලෙසත් එහි සදාකාලික ආරක්ෂකයන් රාජපක්ෂ පවුල පමණක්ය යන්නත් සිංහල සමාජයේ ඔළු වලට කාවද්දා අවසන්ය.එහිලා වඩාත් සහයෝගීව රාජපක්ෂ පවුල  ඉහලට ඔසවා තබන්නේ මෙරට ජාවාරම්කාර මාධ්‍ය සමූහයයි.ජානගත සිංහල බෞද්ධයන් ලෙස පෙනී සිටින රාජපක්ෂ පවුලේ සැබෑ ඉතිහාසය මෙරට කිසිවකු දැන නොසිටීම ඔවුන්ගේ පැවැත්මට විශාල පහසුවක් වී තිබේ.චන්ද්‍රිකා  බණ්ඩාරනායක පවුලේ ඉතිහාසය නවගමුව දේවාලයේ කපු කමට ඉන්දියාවෙන් ආ දෙමළ පණ්ඩාරේ පරපුරෙන් ඇරඹුන බවටද ජේආර් ජයවර්ධනගේ ඉතිහාසය කන්ද උඩරට ආක්‍රමණයට ගිය ඉංග්‍රීසි හමුදාවේ දෙමළ කුලීකාර තරුණයෙකුගෙන් ඇරඹුන බවටද  පැවතුන බවටද ඵෙතිහාසික සාක්ෂි පදනම් කරගනිමින් ග්‍රන්ථාරූඩ වී ඇත.

⁣එහෙත් මේ වන තුරුත් මහින්ද රාජපක්ෂ ගේ පවුලේ පැටිකිරිය කිසිවෙකු හාන්කාවිසියක් නොදනී.රාජපක්ෂ පවුලද කිසිවිටක ඩීඒ රාජපක්ෂගෙන් ඉහල සිටි අත්තා මුත්තා කිරි කිත්තා ගැන කටක් ඇර කියන්නේ නැත.සැබවින්ම එය එසේ වන්නේ නම් රාජපක්ෂ පවුල කවුද ඔවුන් පරම්පරානුගත සිංහලයන්ද යන්න සොයා බැලීම දේශපාලනිකව ඉතා වැදගත් විය හැකි කාරණයක් වන්නේය

මෙම පරපුර සොයා බැලීමේදී ඉංග්‍රීසි ආණ්ඩුව සමයේ හම්බන්තොට පැවැති පරිසරය විමසා බැලීම වටී. “හම්බයන් ” සිටි තොට  “හම්බන්තොටයි “.එදවස හම්බන්තොට ජීවත් වූ වැඩි පිරිස මෙරට වෙළදාමට පැමිණි සංක්‍රමණික මුසල්මානුවන්ය.ඒ අතර ඉංග්‍රීීීසි ආණ්ඩුවේ හමුදාවල රාජකාරි කල  මැලේ ජාතිකයන්ද වූහ.වෙනත් ප්‍රදේශවල දඩබ්බරකම් කල  මැලේ ජාතිකයන් හම්බන්තොට එළිමහනේ සිර දඬුවම් වලට ලක් කිරීමද සිදු ව පැවැති බව ඇතැම් ඵතිහාසික පොත්වල දැක්වේ
කෙසේවෙතත් ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ මැලේෂියන් ජාතිකයන් බොහෝ දෙනෙකු වෙළදාම සදහා  මෙරටට පැමිණ තිබේ මෙම අන්තර් සම්බන්දතා මත ⁣වැඩිදුරටත් වෙනත් මැලේ ජාතිකයන්ද මෙරටට පැමින ඇති බව ප්‍රතික්ශේප කළ නොහැකි කාරණයකි.
මෙම අවදියේ කොළඹ සේදවත්තට පැමිණි මැලේ ජාතිකයන් පිරිසක් එහි සිදුවූ ආරවුලකින් පසුව හම්බන්තොටට සංක්‍රමණය වී ඇති බව කියවේ.මෙම මැලේ  ජාතිකයන් පිරිස මැරවර පිරිසක්ද බව ප්‍රවාදගතය.මෙම පිරිස අතරේ සිටියකු මැදමුලන පිහිටි ඉංග්‍රීසි ජාතිකයකුට අයත් ඉඩමක මුරකරුවකු ලෙස සේවයට බඳවාගෙන තිබේ.මෙම මුරකරු හැඩිදැඩි ස්වරූපයෙන් යුතු මැර තැනැත්තකු  බවත් සදහන්ය 
ඉහත සදහන් කල ඉඩම් හිමි ඉංග්‍රීසි ජාතිකයා පැවැත්මක් නැතුව මිය යාමෙන් පසු එම ඉඩම හා නිවස  මැලේ ජාතික මුරකරු මැදමුලන පිහිටි එම ඉඩම සිය සන්තකයට ගෙන ඇත.
සිංහල බෞද්ධ රාජපක්ෂ පවුලේ මුල් ආරම්භකයා වන්නේ එම මැදමුලන මුරකරු මැලේ ජාතිකයාය. සිංහල ජාතිකත්වයේ වීරෝදාර සිංහ හම් පොරවා ගත්තද මැලේ ජාන සැඟවීමට මේ වනවිටත් රාජපක්ෂ පවුලට නොහැකිවී තිබේ. 
බලන්න හොඳට බලන්න රාජපක්ෂ පවුලේ  කිසිවෙකුගේ මුහුණ පුරා රැවුල් වැවේද යන්න ගැන බලන්න ඔවුන්ගේ තොල් සහ පිහිටා ඇති නලල් තල බලන්න ඔවුන්ගේ ඇස් දෙස  බලන්න
දැන්  ඔබ මැලේෂියන් ජාතිකයකුගේ පින්තූරයක් ගෙන මේ අයවළුන්ගේ රූ හා සසඳන්න ජනපති ගෝඨාත් මැලේෂියානුුු ජනපතිවරයාගේ රුවත් අතර වෙනසක් තිබේදැයි සොයන්න සැබෑ සිංහල ජාතිකයකුගේ මුහුණ පුරා ඇති ගොරෝසු රැවුලත් විශාල ඇස්  සහිත මුහුණත් මේ රාජපක්ෂ මැලේ වරුන්ගේ ස්වරූපයට  වඩා බොහෝ වෙනස් බව ඔබට තේරුම් යායුතුය
සොබාදහම ජානගත ස්වරූපය සැගවීමට කිසිදිනක ඉඩ නොදෙන මුත් මැලේ රුධිරගත රාජපක්ෂ පවුලට ආඩම්බරකාර පරම්පරා ඉතිහාසයක් ගැන පුරාජේරු කයිවාරු පුරසාරම් කියන මහාවංශයේ සිංහලයන් රැවටීමට හැකිවීම නම් එක්තරා ආකාරයක හාස්‍යජනක සිදුවීමක් වන්නේය.
රාජපක්ෂලාට රට ජාතිය හෝ ආගම පිළිබඳව කිසිදු කැක්කුමක් නැත්තේ ඒ නිසාමය ,ඒත් ඔවුන් ඒ කැක්කුම මවා පාන්නේ ඡන්දෙ කාලෙට පමණක් බව දැන්වත් සිංහල, දෙමළ ,මුස්ලිම්, මේ රටේ ජීවත්වන අප සිතට ගත යුතුය.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස.


Spread the love

Leave a Comment

You may also like