උණුසුම් පුවත්

එක පක්ෂයක්  -එකම රටක් , ” චීන මොඩලය….” නුදුරේදීම ” චී-ලංකා ” ගෙන ඒමට බැසිල් චීනේ සමග රහස් සාකච්ඡාවක.

Spread the love

ගෝඨාභය රාජපක්ෂ හරහා අටවා ගන්නා ලද සමයන් කොමිසන් තුළින් ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලනයට තිත තැබීමට බැසිල් රාජපක්ෂ මේ වන විට සුදානම්වෙයි. එහි එක් දිගුවක් වශයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණයේ සුවිශේෂිත වූ කැළලක් ඇති කළ  ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු වු උපාලි අබේරත්න පිස්සු පූසා සහ ජයතිලක ද තවත් ඒ හා සමානවම  නින්දිතත්වයේ  සංකේතයක් වූ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු එක්කොට ඇති කළ ත්‍රි පුද්ගල දේශපාලන පලිගැනීම්  කොමිසම මෙම නාටකයේ ප්‍රධාන දායකත්වයක් උසුලා ඇත.

එනම් ලංකාවේ ඉදිරි අනාගතයේ දී පක්ෂ දේශපාලනයක් තුළින් ඉදිරියට පැමිණෙනු ඇතැයි සිතූ නායකයින් සියලු දෙනාම ගිලටීනයට හසු කර තැබීමට පාර කපා ඇත. ඊට අමතරව යුක්ති සහගතව  තම රාජකාරිය සිදුකරන පොලිස් නිලධාරීන් සහ අධිකරණය වෙනුවෙන් පෙනී සිටින පැමිණිල්ල මෙහෙයවන නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල්වරු නීතිඥයන් බැසිල් රාජපක්ෂගේ අනාගත චීන මොඩලයට පෙර බිලි වීමට සිටින පුද්ගලයින් වේ.

චීන සමූහාණ්ඩුවේ දේශපාලනය සම්බන්ධ මහාචාර්ය වරයෙකු සමග බැසිල් රාජපක්ෂ අද පැවති සාකච්ඡාවේදී ඔහු ඉල්ලා ඇත්තේ එකම රටක් එකම පක්ෂයක් යන තේමාව යටතේ   “චී-ලංකාවට”  චීන ව්‍යුහය හඳුන්වා දෙන ලෙසයි. ඉදිරියේදී ගම්මන්පිලලා ,වීරවංශලා එළියට දමා ඔවුන්ගේ නඩු හබවලින් ඔවුන් දඩු කදේ ගැට ගසන බව සහතිකවම අපිට කිවහැකිය , ඉන්පසුව ඔවුන්ගේ පක්ෂ දියකර හැර රාජපක්ෂලා තනි එකම පක්ෂයක් වශයෙන් ලංකාවේ ස්ථාන ගත වනු ඇත.

 2024 දී බැසිල් රාජපක්ෂගේ  පැමිණීමත් සමඟම මෙම චීන මොඩලය ස්ථිර වශයෙන්ම 100%  ඔහු ගෙන එන බවයි. ගෝඨාභය දැන් සූදානම් වෙන්නේ පිස්සු පූසා ගේ සමයන් කොමිසම් හරහා බැසිල්ට තල්ලුවක් වීමට චම්පිකගේ රාජිතගේ, ෆොන්සේකාගේ, අනුර දිසානායකගේ , දේශපාලන අයිතීන් නැතිකොට බාධක නැති මාවතක් බැසිල්ට නිර්මාණය කර දීමටය. මෙහිදී විමල් වීරවංස, ගම්මන්පිල  වැනි අයවලුන්ඔවුන් නිහඩ කරන බව නම් ඒකාන්තය.

අනාගතයේ හොංකොං සේ  “චී-ලංකාව”  චීනයේ කොලනියක් වනවා නියතය.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස

 


Spread the love

Leave a Comment

You may also like