උණුසුම් පුවත්

ස්ත්‍රි දුෂකයෙකු ලෙසට චෝදනා ලත් අයෙකු නැවත රාජ්‍ය සේවයට ආවේ කෙසේද ….? මහර බන්ධනාගාර අධිකාරිගේ පැටිකිරිය.

Spread the love

පසුගියදා මහර බන්ධනාගාරයේ සිදුවූ මෙලෙච්ඡ සිදුවීම නිරීක්ෂණයට ගිය සමගිි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එම බන්ධනාගාරයේ අධිකාරීවරයා බාධා කළ ආකාරය මාධ්‍ය මගින් වාර්තා කෙරිණි.මේ වන විට මෙම බන්ධනාගාර අධිකාරීවරයා මහා වී⁣රයකු ලෙස හුවා දක්වමින් පොහොට්ටු අනුගාමිකයන් විසින්  ලියන ලද  පෝස්ටු මුහුණු පොතෙහි සංසරණය වන අයුරු දකින්නට තිබේ.
සැබැවින්ම මෙම බන්ධනාගාර අධිකාරීවරයා ගේ රාජකාරිමය පැටිකිරිය  දන්නා  අයට නම්  මේ වන විට ඔහුට ආරෝපනය කර ඇති වීරත්වය ගැන ඇතිවන්නේ හාස්‍යයක් හා පිළිකුලක් පමණය.
මහර බන්ධනාගාරයේ  ඛේදජනක සිදුවීම වන අවස්ථාවේ එහි බන්ධනාගාර අධිකාරීවරයා වූයේ ජගත් වීරසිංහ නැමැත්තාය.මෙම බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ආසනයට අයත් වසමක උපත ලැබූ අයෙකු වන අතර ඔහුගේ පියා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයට එක්ව පසුකලකදී දැනට එස්අයිඑස් ඒකකය ලෙස නාමකරණයවූ ජාතික රහස් ඔත්තු සේවාවට අනුයක්තව උප පොලිස් පරීක්ෂක වරයකු ලෙස එහි  ගාල්ල ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන ලදී .ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ජගත් වීරසිංහ  පාසැල් අධ්‍යාපනයෙන් පසුව අසූව දශකයේ අග භාගයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ⁣විශේෂ කාර්ය බලකායට සම්බන්ධ වන්නේ උප පොලිස් පරීක්ෂක වරයකු ලෙසිනි .විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂක වරයකු වූ ජගත් වීරසිංහ පසු කාලයකදී ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ පොලිස් සේවාවෙන් ඉවත් කරන ලදී.
පොලිස් සේවාවෙන් ඉවත් කරන ලද ජගත් වීරසිංහ හිනිදුම මුල් පදිංචියෙන් ඉවත්ව ගාල්ල ආසනයේ පදිංචි කරුවකු ලෙස බන්ධනාගාර ජේලර්වරයකු ලෙස නැවත රාජ්‍ය සේවයට එක්⁣වෙන ලදී. අපරාධමය චෝදනා මත පොලීස් සේවාවෙන් ඉවත් කළ ජගත්වීරසිංහට නැවත රාජ්‍ය සේවාවට එක්වීමට නෛතික හැකියාවක් නොමැති පැවතියද ජාතික රහස් ඔත්තු සේවාවේ ගාල්ල ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ඔහුගේ පියා විසින් සැකසූූූ අසත්‍ය පසුබිම් වාර්තා පදනම් කරගනිමින් ජේලර්වරයකු ලෙස බන්ධනාගාර සේවාවට එක්වීමට ඔහුට බාධාවක් නොවීය.
බන්ධනාගාර සේවයට එක්වූ ජේලර් ජගත් වීරසිංහ එම සේවාව තුලදීද සිදු කළ ස්ත්‍රී දූෂණයක් හා අල්ලස්ගැනීමේ සිදුවීමකට වැඩ තහනමකට ලක්විය.මෙසේ වැඩ තහනමකට ලක්ව අවුරුදු දහයකට ආසන්න කාලයක් සිටි ජගත් වීරසිංහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි අවධියේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරග කළ ජනපතිවරයාගේ විදේශ කටයුතු සම්බන්ධීකරණ ලේකම් වරයා වූ සජින් වාස් ගුණවර්දනගේ මැතිවරණ ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරන ලදී.අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ සජින් වාස් ගුනවර්දන මන්ත්‍රීවරයාගේ  මැදිහත් වීමෙන් නැවත බන්ධනාගාර සේවාවට පත්වීමට ජගත් වීරසිංහට හැකි විය.පසුව යහපාලන යුගයේදී වජිරඅබේවර්ධන ඇමතිවරයාගේ උපකාරයෙන් බන්ධනාගාර අධිකාරීවරයකු ලෙස උසස් වීමටද ඉන් අනතුරුව ගාල්ල බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස පත්වීමටද ජගත් වීරසිංහ අවස්ථාව උදා කර ගන්නේය.
ඒ වන විට ගාල්ල බන්ධනාගාරයේ නේවාසිකව සිටි ප්‍රසිද්ධ පාතාල සැකකරුවකු වූ පොඩි ලැසී හා සමීප සම්බන්ධතාවක් ගොඩනගාගත් ජගත් වීරසිංහ මෙම පාතාල පොඩි ලැසී හා හොරෙයින් ජාවාරමේ නිරත වූ බව සිරකරුවන් අතර ප්‍රසිද්ධ රහසක් වූයේය.එපමනක්ද නොවේ .ගාල්ල සහ ඒ අවට සංචාරක කර්මාන්තයට සම්බන්ධ හෝටල් හිමියන්ට පොඩි ලැසී හරහා මරණීය තර්ජන කොට කප්පම් ලබා ගැනීමද ජගත් වීරසිංහ විසින් සිදු කෙරිණි.
ජගත් වීරසිංහ මෙම දූෂිත විෂමාචාර ක්‍රියාකළාපය සම්බන්ධයෙන් ජාතික රහස් ඔත්තු සේවාා මගින්ව දිගින් දිගටම වාර්තා කළ බව මෙම ලියුම් කරු දනී.ජාතික රහස් ඔත්තු සේවාව මගින් මෙලෙස බලධරයන්ට  යැවූ එක් වාර්තාවක සඳහන් වී තිබුනේ පොඩි ලැසී නම් පාතාල නායකයා මගින් ජගත් වීරසිංහ උපයාගත් දේපොල වටිනාකම රුපියල් කෝටි හතලිහ ඉක්මවන බවය.
       ගාල්ල බන්ධනාගාර අධිකාරීවරයා ලෙස ජගත් වීරසිංහගේ මෙම විෂමාචාර අයුතු රාජකාරි පැවැත්මට එරෙහිව එහි ජේලර් වරයකු වූ තිලිණ ජයරත්න විසින් දිගින් දිගටම  බන්ධනාගාරයේ ඉහළ පරිපාලනය වෙතත් වෙනත් නෛතික ආයතන වල⁣ටත් ලිඛිතව හා වාචිකව කරුණු දැක්වීම් කළ අතර මින් ජේලර් තිලිණ ජයරත්න  හා බන්ධනාගාර අධිකාරීවරයා අතර නිර්මාණය වූයේ බද්ධ වෛරී සහගත පසුබිමකි.
     ජේලර් තිලිණ ජයරත්න ගේ ක්‍රියාකළාපය නොඉවසූ බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ ගාල්ල බන්ධනාගාරයේ නේවාසිකව සිටි පොඩි ලැසී ගේ සහයෝගයෙන් ලැසීගේ අනුගාමිකයකු වූ දොඩන්දූව පදිංචි පාතාල ක්‍රියාකාරිකයකු මගින් අම්බලන්ගොඩ කුලීගොඩදී ජේලර් තිලිණ ජයරත්න වෙඩි තබා ඝාතනය කෙරණි.ජේලර් තිලිණ ජයරත්න සාහසික ලෙස වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇතැම් ජනමාධ්‍ය ඉතා සෘජුවම මෙම ඝාතනයට ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත්   වීරසිංහ සම්බන්ධ බවට ප්‍රවෘත්ති වාර්තා පළ කරන ලදී.
එහෙත් ⁣ බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ⁣ට ඉන් කිසිදු හිරිහැරයක් සිදු නොවූ අතර ඔහු ගාල්ල බන්ධනාගාරයෙන් ස්ථාන මාරුවීමකට පමනක් යටත් කරන ලද්දේය .ඔහු මහර බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස පත්වන්නේ ඉන්පසුවය.විවිධ ආකාරයේ දූෂණ චෝදනා මිනීමැරීමේ චෝදනා ජගත් වීරසිංහ වෙත එල්ල වුවද ඔහුට එම චෝදනාවන් ගැලවෙන්නේ බන්ධනාගාර කොමසාරිස් වරයකු වූ ලමාහේවා ගේ සහයෝගයෙනි.බන්ධනාගාර කොමසාරිස් ළමහේවා වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ සිරකරු ඝාතනයන්ට චෝදනා ලැබූවෙක් වන අතර ඔහුගේ සහෝදරයා පොලීසියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකි.මෙම සහෝදරයන් නිර්ලජ්ජිත ⁣ලෙස පොහොට්ටු දේශපාලන ක්‍රියාකාරිකයන් ලෙස ප්‍රසිද්ධ වන අතර පොහොට්ටු නායකයන්ගේ ඕනෑම පජාති කාරියක් ඉටු ⁣කිරීමට  සූදානමින් සිටින්නෝද වෙති

මොවුන්ගේ රැකවරණය  හා ආරක්ෂාව යටතේ සිටින බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහර බන්ධනාගාරය තුල නේවාසිකයන් අතර  කැරැල්ලක් ඇති කිරීමට මුල් පදනම සකන්නට ඇතැයි සැකයක්ද මේ වනවිට මහර සිදුවීම පිළිබදව මාධ්‍ය ගවේෂනයේ නිරත වන්නන්ට  ඇති වී තිබේ.පාතාලයන් හා සෘජු ගණුදෙනුවල යෙදී සිටින මෙම බන්ධනාගාර අධිකාරී  ජගත් වීරසිංහගේ පෙර වැරදි සලකා බලන විට එය එසේ සිතීමේ වැරැද්දක්ද නැත.

මහර බන්ධනාගාරයේ සිදුවීම පිටුපස වූ කුමන්ත්‍රණකාරී වැඩපිළිිි⁣වෙල ඉතා සැලසුම් සහගතව සකස් කරන ලද්දේ බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ බව මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.
එහිදී බන්ධනාගාරයේ නේවාසිකව සි⁣ට් “බොසා “නම් හෙරොයින් ජාවාරම්කරුවකු  ලවා බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මෙම ආරවුල නිර්මාණය කර ඇති බව අපිිි වගකීමෙන් සඳහන් කරමු.
මහර බන්ධනාගාර ආරවුල සිදුවීමට දින ගනනකට පෙර සිරකරුවන්ට ආරක්ෂිත මුව වැසුම්  මැසීම සඳහා රෙදි තොගයක් බන්ධනාගාරයේ තොග ගබඩාවට ලැබුණ බවත් මෙම රෙදි තොග⁣ය බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ විසින් ⁣පිටකොටුවේ ව්‍යාපාරිකයට රහසිගතව අලෙවිකළ බවත් මෙම කූඨ ජාවාරම අනාවරණය වීමට පෙර ⁣බන්ධනාගාර ආරවුලේදී බොසා ලවා බන්ධනාගාර ගබඩාවට ගිණි තැබූ බවත් දැනගැන්මට තිබේ.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස

 


Spread the love

Leave a Comment

You may also like