උණුසුම් පුවත්

වියත් මගේ…….අතර මගේ……. කිසිවෙක්  මෙවර මැතිවරණයෙන් දිනන්න දෙන්න එපා – අගමැති මහින්ද කියයි.

Spread the love

 ඊයේ මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන පොහොට්ටු දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ පැවති සාකච්ඡාවේදී මහින්ද    රාජපක්ෂ පැහැදිලිවම දැනුම් දී ඇත්තේ වියත් මග නැමැති සංවිධානය පිස්සන් පිරිසක් සිටින බවත් ඔවුන් දන්නේ ප්‍රායෝගික රට පාලනය කිරීමක් නොව පොතේ හැටියට කියවා රට පාලනය කිරීමට පමණක් බවයි.

මෙම වියත්මග සංවිධානය නාලක ගොඩහේවා ඇතුළු තවත් ආචාර්ය මහාචාර්යවරුන් ගෙන් සැදුම්ලත් සන්ධානයක් වශයෙන් පසුගිය කාලය පුරාම ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට මහත් වෙහෙසක් ගත් සංවිධානයකි.

 අනුරාධපුර සංවිධායක වශයෙන් මේ වන විට පොහොට්ටු පක්ෂයෙන් තරඟ වදින මහාචාර්ය චන්න ජයසුමන කිසිදු හේතුවකට අනුරාධපුරයෙන් ජයග්‍රහණය කිරීමට ඉඩ නොදෙන ලෙසට මේ වන විටත් එස් එම් චන්ද්‍රසේන මහතා ඇතුළු එම කණ්ඩායමට මහින්ද දැනුම් දී ඇති බව ඉතා විශ්වාසවන්ත කටයුතු මාර්ගය අපට දැනුම් දී ඇත.

ඒ අතරම මහින්දානන්ද අලුත්ගමගේ ද ඔහුගේ පාක්ෂිකයින්ට සහ ඔවුන්ගේ බිම් මට්ටමේ සියලුම සංවිධායකවරුන් දැනුවත් කර ඇත්තේ කිසිදු හේතුවකට වියත්මග සංවිධානය කිසිවෙක් ජයග්‍රහණයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මන්ත්‍රීවරුන් වශයෙන් පත්කර ගැනීමට කිසිසේත් ඉඩ නොතැබිය යුතු බවයි .

මෙයින් පෙනී යන්නේ මහින්ද රාජපක්ෂගේ  වියත් මග කෙරෙහි දැඩි වෛරයකින් කටයුතු කරන බව ඉතාම පැහැදිලිය. අපගේ තොරතුරු අනුව මේ වන විට මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම සහ වියත් මගකණ්ඩායමත්  දැඩි බල අරගලයක් ඇති බවත් මේ පිළිබඳව ඉදිරියේදී අප වෙත තවත් තොරතුරු  ලැබෙනු ඇත.

07/25


Spread the love

Leave a Comment

You may also like